බත් පාර්සලය ඇතුළේ රු. ලක්‍ෂ 5ක කුඩු

අත්අඩංගුවට ගත් සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වේ. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී දෙමටගොඩ පදිංචි "කුඩු ලාල්" නමැත්තාගේ මල්ලී බන්ධනාගාරයේ සිටින බවත්, ඔහුට බත් පාර්සලය රැගෙන ගොස්‌ ලබාදෙන ලෙස තමාට දුන් බවද පවසා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශනය සඳහා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ඊයේ (15 වැනිදා) බාරදීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ බව මැගසින් බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් මහතා පැවසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.