මඩු මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයකින් අධිබල බෝම්බ 2 ක්‌ සොයාගනී

හේමන්ත රන්දුණු

මන්නාරම මඩු මාර්ගයේ පණ්‌ඩිච්රිචිවාන් ප්‍රදේශයේදී කොටි ත්‍රස්‌තවාදීන්ට අයත් කිලෝ ග්‍රෑම් 150 ක සහ කිලෝ ග්‍රෑම් 100 ක බරින් යුත් අධිබල බෝම්බ දෙකක්‌ පොලිසිය මගින් පෙරේදා (15 වැනිදා) සොයාගෙන ඇත.

අධිබල පුපුරණ ද්‍රව්‍ය යොදා සකස්‌ කර තිබූ මෙම බෝම්බ ඉතාම සුරක්‍ෂිත ආකාරයට වළදමා තිබූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවේ සිටින කොටි ත්‍රස්‌තවාදියකුගෙන් ලැබුණු තොරතුරක්‌ ඔස්‌සේ පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධව කළ පරීක්‍ෂණවලදී මෙම බෝම්බ සොයාගැනීමට හැකි විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.