සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත්ව
රාජකීය ආනන්ද නාලන්ද විද්‍යාලවලට ඇතුළු කළ සිසුන් හරවා යෑවීමට එරෙහිව විරෝධතාවක්‌


මහරගම - උදේනි චද්‍රසිරි

පසුගිය වසරේÊපැවැති සාමාන්‍ය පෙළ පරීක්‍ෂණයෙන් විශිෂ්ට සාමාර්ථ ලබා ගනිමින් කොළඹ රාජකීය, ආනන්ද, නාලන්ද යන විද්‍යාලවලට ඇතුළු කර ගෙන සිටින ශිෂ්‍යයන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය හේතුවෙන් මුල්ම පාසලට හරවා එවීම සහ එකී චක්‍රලේඛයට විරුද්ධත්වය දක්‌වමින් ඊයේ (16 වැනිදා) ඉසුරුපාය ඉදිරියේ විරෝධතාවක්‌ පැවැත්විණි.

පාසල් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, සමාජවාදී ශිෂ්‍ය සංගමය සහ ලංකා ගුරු සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

ලංකා ජාතික ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අදහස්‌ දක්‌වමින්, අපි අද බදාදා මහජන දිනයේ අමාත්‍යවරයා හමු වී මෙම අසාධාරණය ගැන කරුණු ඉදිරිපත් කිරීමට පැමිණියා. එතුමා රට ගිහින්. නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අධීක්‍ෂණ මන්ත්‍රී නැහැ. ලේකම්වරයාත් නැහැ. සාකච්ඡා මාර්ගයෙන් මෙම අසාධාරණය විස¹ ගන්න බැරි නම් අපි අධිකරණය ඉදිරියට යැමට බලාපොරොත්තු වෙනවා. ' ස්‌කොර් ජය ගත්තා වගේ මෙම අසාධාරණය අධිකරණයේදී අහෝසි කර ගන්නවා යනුවෙන් පැවැසීය.

කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාලයෙන් 'ඒ' සාමාර්ථ නවයක්‌ (9) ලබා ගනිමින් කොළඹ රාජකීය විදුහලට ඇතුළු වූ නදීර ගිම්හාන ශිෂ්‍යයා මෙසේ පැවැසීය. මම මහත් බලාපොරොත්තු තබාගෙන සාමාන්‍ය පෙළ 'ඒ' සාමාර්ථ නවයක්‌ ලබාගෙන රාජකීය විද්‍යාලයට ඇතුළු වුණේ. රාජකීය විදුහලයි අපේ පාසලයි හරියට අහස පොළොව වගේ. රාජකීය විදුහලේ විදුහල්පතිතුමා අපි පහළොස්‌ දෙනාට දැනුම් දුන්නා චක්‍රලේඛය නිසා අපිව රාජකීය විදුහලට ඇතුළු කර ගැනීමට නොහැකි බව. ඒ වුණාට පෞද්ගලික පාසල්වලින් එම විදුහලට ඇතුළු කර ගත්තු ශිෂ්‍යයන් ඒකේ ඉගෙනීම ලබනවා. මේක හරිම අසාධාරණයි.

මෙහිදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ වෛද්‍ය නලින්ද ජයතිස්‌ස සහ පාසල් සුරැකීමේ සංගමයේ කැඳවුම්කරු ධම්මික අලප්පෙරුම යන මහත්වරු ද අදහස්‌ පළ කළහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.