මේ අසරණ පවුලට පිහිටක්‌ වන්න හැකි නම්

පිංතූර සහ විස්‌තර - වැල්ලවාය - දඹේගොඩ ජිනදාස

වැල්ලවාය සහ හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස මායිමේ ඌව මාවෙලගම නිකපිටිය පදිංචි ඩී. එම්. සෝමදාස නමැති අය සහ ඔහුගේ බිරිඳ සහ දරුවන් මහත් ආර්ථික ගැටලුවලින් බලවත් අසීරුතාවට පත්ව සිටිති.

කඩාවැටෙන්නට ආසන්න කුඩා කටුමැටි පැල්පතක වෙසෙන මොවුනට ස්‌ථිර ආදායම් මාර්ගයක්‌ නැත. කුඩා දරුවකුගේ අධ්‍යාපන කටයුතු සඳහා අවැසි මුදල් පවා නැත. අක්‌කර භාගයක තරම ඉඩමක එළවළු වගා කරමින් ජීවත්වන මොවුනට මුදලින් ඇඳුමින් හෝ වෙනයම් ආකාරයකින් උදව් කළ හැකි අයෙක්‌ වේ නම් පහත සඳහන් දුරකථන අංකවලින් ඇමතිය හැකිය. 071-6589318 සහ 072-7589318 ලිපිනය ඩී. එම්. සෝමදාස, නිකපිටිය, ඌව මාවෙලගම, වැල්ලවාය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.