නැගෙනහිර ඡන්දයට තනිවම එන්නට මුස්‌ලිම් කොංග්‍රසයට බලපෑම්

රනිල් ධර්මසේන

නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය තනි පක්‍ෂයක්‌ ලෙස තරග කළ යුතු බවට පළාතේ ප්‍රාදේශිය නායකයන් රැසක්‌ පක්‍ෂයට බලපෑම් කර ඇති බව එම පක්‍ෂ ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

එක්‌සත් ජනනා නිදහස්‌ සන්ධානය සමඟ එක්‌ව තරග කරන්නේ නම් පළාතේ ප්‍රධාන ඇමැති ධුරය මුස්‌ලිම් කොංග්‍රසයට ලැබෙන පරිදි ආණ්‌ඩුව සමග ගිවිසුමකට එළැඹිය යුතු බවද එම නායකයන් දැනුම් දී තිබේ.

එවැනි ගිවිසුමක්‌ නොමැතිව පොරොන්දු මත සන්ධානය සමඟ තරග නොකළ යුතු බව ද ගිවිසුමක්‌ නොමැති නම් තනි පක්‍ෂයක්‌ ලෙස තරග කර පක්‍ෂයේ බලය පෙන්විය යුතු බව ද ඔවුන් ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වෙයි.

තනි පක්‍ෂයක්‌ ලෙස මුස්‌ලිම් කොංග්‍රසය තරග කළහොත් වැඩි මන්ත්‍රිධුර සංඛ්‍යාවක්‌ ලබා ගත හැකි බවටත් එසේ ලබා ගැනීමෙන් පසුව අනෙකුත් පක්‍ෂ සමග කේවල් කර පක්‍ෂයට වැඩි තනතුරු ප්‍රමාණයක්‌ ලබා ගත හැකි බවත් මොවුන් යෝජනා කර ඇත.

කෙසේ වෙතත් පක්‍ෂයත් එජනිසයත් අතර ඉදිරියේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.