හොර ඔප්පු හදා අනුන්ගේ ඉඩම් විකිණූ පාතාල ජාවාරම් හෙළිවේ

කීර්ති වර්ණකුලසූරිය

වසර ගණනාවක්‌ තිස්‌සේ නියම ඉඩම් හිමියන්ගේ සහ රජය සතු ඉඩම් බලහත්කාරයෙන් ලබාගෙන ව්‍යාජ ඔප්පු සාදා විකිණීමේ යෙදුණු පාතාල ජාවාරම්කරුවන්ගේ ක්‍රියාදාමයන් ආරක්‍ෂක බලධාරීන් විසින් සොයාගෙන ඇත.

අප මේ මහා පරිමාණ ජාවාරමේ කොඳුනාරටිය බිඳ දමා ඊට සම්බනAධවූවන් රැසක්‌ අත්අඩංගුවට ගෙන තිබෙනවා යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවැසීය.

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නියෝගය මත මේ ජාවාරම මර්දනය කිරීමට ක්‍රියාකර ඇත.

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ඉඩම්ද මෙලෙස විකුණා තිබුණා. ඇතැම් ව්‍යාපාරිකයන්ට යම් ඉඩමක්‌ ඕනෑ වූ විට පාතාලය ලවා එම ඉඩම් ලබාගෙන තිබුණා යෑයි හෙතෙම පැවසීය.

ආරක්‍ෂක බලධාරීන් විසින් මෙම ජාවාරම මර්දනය කිරීමට නිසි පියවර ගන්නා තෙක්‌ එම ජාවාරම් මෙහෙයවන පිරිස්‌වලට එරෙහිව ක්‍රියාකිරීම පොලිසියට දුෂ්කර වී තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.