විදුලිය ගැටලූ සඳහා අද සිට එස්‌. එම්. එස්‌. හරහා ක්‍ෂණික විසඳුම්

ශිරාන් රණසිංහ

ලංකා විදුලි පෞද්ගලික සමාගමෙහි පාරිභෝගික සේවා ජාලය ශක්‌තිමත් කරමින් දුරකථන කෙටි පණිවුඩ (එස්‌. එම්. එස්‌.) හරහා විදුලි බිඳ වැටීම්, විදුලි බිල්පත් අගය ඇතුළු ගැටලුවලට ක්‍ෂණික විසඳුම් ලබාදෙන නව ක්‍රමය අද (17 වැනිදා) සිට ආරම්භ කරන බව ලංකා විදුලි පෞද්ගලික සමාගමෙහි සභාපති චන්දන හපුතන්ත්‍රී මහතා "දිවයින" ට පැවසීය.

මෙම නව කෙටි පණිවුඩ ජාලය හරහා වඩා කාර්යක්‍ෂම සේවාවක්‌ ලබාදීම අරමුණ බවද සභාපතිවරයා කීවේය.

කෙටි පණිවුඩ ජාලය ආරම්භ කිරීමේ අවස්‌ථාවට විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරු ද එක්‌වන අතර මෝල්කාව, කුකුලේගඟ හොලිඩේ රිසෝට්‌ හිදී එය පැවැත්වෙන බවද සභාපති චන්දන හපුතන්ත්‍රි මහතා පැවසීය.

ලංකා විදුලි පෞද්ගලික සමාගමෙහි (ලෙකො) පාරිභෝගික සේවා වඩාත් ශක්‌තිමත් හා කාර්යක්‍ෂම කිරීමට ගත් සියලු ක්‍රියාමාර්ග විදුලි පාරිභෝගිකයන් අගය කරන බවද සභාපතිවරයා කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.