සිංගප්පූරු මාස්‌ටර්ස්‌  ක්‍රීඩා අයෑදුම්පත් දැන්

ලබන ජූලි 14 දා සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිත 33 වැනි සිංගප්පූරු විවෘත මාස්‌ටර්ස්‌ (ප්‍රවීණයන්ගේ) ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන්ද කණ්‌ඩායමක්‌ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මාස්‌ටර්ස්‌ මලල ක්‍රීඩා සංගමය තීරණය කොට ඇත.

අදාළ තරගාවලිය සඳහා අයෑදුම්පත දැන් කැදවන අතර එය ලබන ජුනි 12 දායින් අවසන් කරන බව ශ්‍රී ලංකා මාස්‌ටර්ස්‌ මලල ක්‍රීඩා සංගමයේ ලේකම් තිස්‌ස සමරසිංහ මහතා පවසයි.

සියලුම අයෑදුම්පත් අදාළ දිනයට පෙර සේනානි බෝගහවත්ත මහතා, සහකාර ලේකම් (ජාත්‍යන්තර තරග කටයුතු) ශ්‍රී ලංකා මාස්‌ටර්ස්‌ මලල ක්‍රීඩා සංගමය 49/16 ශ්‍රී සරණංකර පාර, දෙහිවල යන ලිපිනයට යොමු කළ යුතු අතර 0777260185 දුරකථන අංකයෙන් ද සියලුම විමසීම් කළ හැක.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.