පලස්‌තීන අල් නක්‌බා පාපන්දු ශූරතාව
ශ්‍රී ලංකා පළමු තරගය අද ජෝර්දානය සමග


ආසියානු කළාපයේ රටවල් 9ක සහභාගීත්වයෙන් දැන් පලස්‌තීනයේ ක්‍රියාත්මක වන අල් නක්‌බා ආරාධිත ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය නියෝජනය කිරීම සඳහා පලස්‌තීනයට ගොස්‌ සිටින ශ්‍රී ලංකා පාපන්දු කණ්‌ඩායම අද (17 දා) ජෝර්දාන කණ්‌ඩායම සමග ප්‍රථම තරගයට සහභාගි වීමට නියමිතය.

කාණ්‌ඩ 3 කින් සමන්විත අදාළ තරගාවලියේ 'සී' කාණ්‌ඩය නියෝජනය කරන ශ්‍රී ලංකාව අනිද්දා (19 දා) ටියුනියාව සමග තරග වදිනු ඇත.

තරගාවලියේ 'ඒ' කාණ්‌ඩයෙන් පලස්‌තීනය, වියට්‌නාමය සහ පාකිස්‌තානයද 'බී' කාණ්‌ඩයෙන් ඉන්දුනීසියාව, මොරටානියාව සහ ඉරාකයද තරග වැදීමට නියමිතය.

පලස්‌තීනයේ 64 වැනි සංවත්සරය නිමිත්තෙන් මෙම ආරාධිත ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය සංවිධානය කොට ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.