44 වසරකට පසු සතුටු කඳුළු!

එංගලන්ත ප්‍රිමියර් ලීග් 2012 ශූරතාව මැන්චෙස්‌ටර් යුනයිටඩ් පාපන්දු කණ්‌ඩායම විසින් දිනා ගන්නා ලදී.

ක්‌වීන්ස්‌ පාක්‌ රේන්ජස්‌ ක්‍රීඩා සමාජය සමග පැවැති තරගය ගෝල 3/2 ක්‌ ලෙස ජය ගැනීමෙන් පසුව අදාළ ලීග් පාපන්දු ශූරතාවට හිමිකම් කී මැන්චෙස්‌ටර් කණ්‌ඩායම අදාළ ශූරතාවට හිමිකම් කියන ලද්දේ වසර 44 කට පසුව වේ. මැන්චෙස්‌ටර් යුනයිටඩ් කණ්‌ඩායම අවසන් වරට අදාළ ලීග ශූරතාව දිනා ගන්නා ලද්දේ 1968 වසරේදීය.

මෙම තරගයේ අවසන් මිනිත්තුව වන තෙක්‌ම ගෝල 2-1 ක්‌ ලෙස මැන්චෙස්‌ටර් කණ්‌ඩායම පසුපසින් සිටියද අවසන් මිනිත්තුවේදී එඩින් ඩේස්‌කෝ සහ සර්ජියෝ ඇගිරෝ විසින් ගෝල් වාර්තා කිරීමත් සමග පරාජය පෙනි පෙනී තිබූ තරගය අනපේක්‍ෂිත ලෙස ජය ගැනීමට ඔවුනට හැකිවිය. මැන්චෙස්‌ටර් යුනයිටඩ් පක්‍ෂිකයෝ ජයග්‍රාහණය සමරමින් .

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.