දහවැනි වරටත් දිල්ලිය ජය ගනියි
මහේල නොදැවී 56 යි

ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලියේ කිංග්ස්‌ පන්ජාබ් සහ දිල්ලි ඩෙයා ඩෙවල්ස්‌ අතර පැවැති තරගයෙන් කඩුලු 5ක පහසු ජයක්‌ වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට දිල්ලි කණ්‌ඩායම සමත් විය.

තරග 14 කදී දිල්ලි කණ්‌ඩායම ලද 10 වැනි ජයග්‍රහණය මෙය වීම විශේෂත්වයකි. මහේල ජයවර්ධන මෙම තරගයේ අංක හතර පිතිකරු ලෙස පිටියට පිවිස පන්දු 49 කදී හතරේ පහර 8 ක්‌ සමගින් නොදැවී ලකුණු 56 ක්‌ ලබා සිය කණ්‌ඩායම ජයග්‍රහණය කරා රැගෙන යැමේදී පෙරමුණ ගැනීමට සමත් විය.

මහේල දැනට අයි.පී.එල්. තරග 12 කදී අර්ධ ශතක දෙකක්‌ සමග ලකුණු 223 ක්‌ ලබා ඇති අතර එහි සාමාන්‍ය 27.82 ක්‌ ලෙස සටහන් වේ.

ලකුණු තත්ත්වය

කිංග්ස්‌ කණ්‌ඩායම පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 136 යි. (මන්දීප් සිංග් 21, ඩේවිඩ් හසී 40, වරුන් ඇරෝන් 19/2, උමේෂ් යදව් 21/3 යි.)

දිල්ලි ඩෙයා ඩෙවිලියර්ස්‌ පන්දුවාර 19 කදී කඩුලු 5 ට ලකුණු 140 යි. (මහේල ජයවර්ධන 56, නාමන් ඕජා 34, ඉර්µdන් පතන් 19, පී. අමනා 22/3 යි.)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.