ශාන්ත පීතර-රාජකීය පෙරමුණ ගැනීමේ සටනක

අසේල විතාන

අන්තර් පාසල් වයස අවුරුදු 20 න් පහළ සිංගර් කුසලාන ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සති අන්තය නිමා වන විට ශාන්ත පීතර විදුහල සහ කොළඹ රාජකීය විදුහල ප්‍රසාද ලකුණු 16.50 බැගින් ලබා පෙරමුණ ගැනීමේ සටනක නිරතව සිටී.

ශාන්ත පීතර විදුහල සහභාගි වූ තරග ත්‍රිත්වයේදී උත්සාහක දිනුම් 20 ක්‌ ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්ව සිටින අතර රාජකීය විදුහල උත්සාහක දිනුම් 18 ක්‌ ලබා එහි දෙවැනි ස්‌ථානයේ පසුවේ. එහෙත් දෙවිදුහලේම දළ ලකුණු වේගය 5.50 ක්‌ ලෙස සටහන් වේ. මේ සති අන්තයේදී රාජකීය විදුහල ශා. ජෝෂප් විදුහල සමග තරග වදින අතර ශාන්ත පීතර විදුහල ඩී.එස්‌. සේනානායක විදුහල සමග තරග වැදීමට නියමිතව තිබේ.

ශාන්ත පීතර විදුහල ඉකුත් සති අන්තයේදී 34-29 කින් ත්‍රිත්ව විදුහල පරාජය කරමින් පෙරමුණ ගැනීමට සමත් වූ අතර රාජකීය විදුහල විසින් විද්‍යා විදුහල 32-17 ක්‌ ලෙස පරාජය කිරීමට සමත් විය.

තෙවැනි සති අන්තය නිමා වන විට ප්‍රසාද ලකුණු සටහනේ පියවරක්‌ ඉදිරියට පැමිණීමට ඉසිපතන විදුහල සමත් වූ අතර ඉකුත් සති අන්තයේ තෙවැනි ස්‌ථානයේ සිටි මහනුවර ත්‍රිත්ව විදුහල සිව්වැනි ස්‌ථානයට පත්විය. ඉසිපතන විදුහල විසින් මහනුවර කිංග්ස්‌වුඩ් විදුහල 35-05 ක්‌ ලෙස පරාජය කරමින් ප්‍රසාද ලකුණු 14.00 ක්‌ ලබා ගත් අතර ත්‍රිත්ව විදුහල 34-29 කින් ශාන්ත පීතර විදුහල ඉදිරියේ පරාජය වෙමින් ප්‍රසාද ලකුණු 12.50 ක්‌ ලබා සිව්වැනි ස්‌ථානයට පත්විය.

ඩී.එස්‌. සේනානායක, ශාන්ත අන්තෝනි සහ මරදාන ශාන්ත ජෝශප් යන විදුහල් මෙතෙක්‌ තරගාවලියේ සහභාගි වූ තරග තුනම පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්‌ථානවල රැදී සටින අතර මෙම සති අන්තයේදී එම කණ්‌ඩායම්වලට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්‌ඩායම් සමග තරග වැදීමට සිදුව තිබේ.

මෙම සති අන්තයේ පැවැත්වෙන තරග

18 - ශා. ජෝශප් සහ රාජකීය ලොන්ඩන් පෙදෙස

19 විද්‍යා විදුහල සහ ශා. අන්තෝනි විදුහල විද්‍යා විදුහල් ක්‍රීඩාංගණයේදී

19 - විද්‍යාර්ථ සහ කිංග්ස්‌වුඩ් විදුහල නිත්තවෙලදී

20 - ඉසිපතන විදුහල සහ ත්‍රිත්ව විදුහල ලොන්ඩන් පෙදෙස

20 - ඩී.එස්‌. සේනානායක විදුහල සහ ශා. පීතර විදුහල ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.