දිරිය දැරිය චාමින්දි

අම්බලන්තොට විශේෂ - එස්‌. සෝමසිරි

ඉන්දියාවේ බැංගලෝර් හි පැවැති දකුණු ආසියානු බර එසවීමේ හා සවි එසවීමේ තරගාවලියේදී කි. ග්‍රෑම් 63 බර පංතියේ ඉසවුවෙන් ප්‍රථම ස්‌ථානයද කි.ග්‍රෑම් 62 සවි එසවීමේ ඉසව්වෙන් ප්‍රථම ස්‌ථානයද හිමිකර ගෙන ශ්‍රී ලංකාවට කීර්තියක්‌ අත්කර දීමට හ/නෙටොල්පිටිය මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම්.බී.ඡේ.එල්. චාමින්දි සමත් වූවාය.

දේශීය වශයෙන් පැවැති බර ඉසිලීමේ තරග රැසකින් ජයග්‍රහණ ලබා ඇති ඇය අධ්‍යාපනික කටයුතු කෙරෙහිද දක්‍ෂතා දක්‌වන්නීය.

2010 පාසල් බර ඉසිලීමේ සමස්‌ත ලංකා තරගයෙන් තෙවන ස්‌ථානයද, 2010 කණිෂ්ඨ ජාතික තරගාවලියෙන් තෙවන ස්‌ථානයද හිමිකරගත් චාමින්දි බර ඉසිලීම පිළිබඳ 2011 පළාත් තරගයෙන් ප්‍රථම ස්‌ථානයද එහි සමස්‌ත ලංකා තරගයෙන් ප්‍රථම ස්‌ථානයද හිමිකර ගැනීමට සමත් වූවාය.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ 'ලොව දිනවන ක්‍රීඩා ශක්‌ති' වැඩසටහන යටතේ බර ඉසිලීමේ ක්‍රීඩාවේ ජාතික සංචිතයට චාමින්දි ඇතුළත් වෙයි.

අසංක අරවින්ද පෙරේරා මහතා ඇයගේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, විදුහල්පති එම්. සී. පී. ජයමාන්න මහතාගෙන් අගනා සහායක්‌ ලැබෙන බව ඇය පවසන්නීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.