සිංගර් සමාගම ආර්ට්‌ මැටි්‍රක්‌ස්‌ හා එක්‌ව ශ්‍රී ලාංකික වෙළෙඳ ආයතන සඳහා කාර්යාලයීය ගෘහ භාණ්‌ඩ අලෙවි ගිවිසුමකට එක්‌වෙයි

සැලසුම් නිර්මාණ විසඳුම් සලසන්නෙකු, නිෂ්පාදකයෙකු හා කාර්යාලයීය ගෘහභාණ්‌ඩ නිර්මාණ සැලසුම් හා ආසන සපයනු ලබන මැලේසියානු සමාගමක්‌ වන ආර්ට්‌ මැටි්‍රක්‌ස්‌ සමග සිංගර් ශ්‍රී ලංකා සමාගම ගිවිසුමකට පසුගියදා එළැඹිණි. මෙම ගිවිසුම මගින් ආර්ට්‌ මැටි්‍රක්‌ස්‌ සමාගමේ සම්පූර්ණ නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමට ඉඩ සැලසේ. ආරම්භයේදී මෙම ආර්ට්‌ මැටි්‍රක්‌ස්‌ ගෘහ භාණ්‌ඩ සිංගර්හි ප්‍රධාන විකිණුම් අංශයන් වන සිංගර් හෝම්ස්‌, සිංගර් මෙගා සහ තෝරාගත් සිංගර් ප්ලස්‌ ප්‍රදර්ශනාගාර හරහා අලෙවි කිරීමට සැලසුම් කර ඇත. ආර්ට්‌ මැටි්‍රක්‌ස්‌හි නිෂ්පාදන පෙළ නවීන ආයතනයකට අවශ්‍ය වන ආසන හා කාර්ය ස්‌ථාන විසඳුම්වලින් සමන්විතය. සමාගම මෑතකදී ISO 9001:2008 හා ISO 14001:2004 සහතික ලත් අතර, සෑම පියවරකදීම අඛණ්‌ඩ තහවුරු බවක්‌ සහතික කරන නිෂ්පාදන සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටී. එමෙන්ම ආර්ට්‌ මැටි්‍රක්‌ස්‌, එන්වයර්මන්ටල් චොයිස්‌ ඔස්‌ටේ්‍රලියා හා පරිසර හිතවාදී ලේබලය දිනූ ප්‍රථම මලයාසියානු කාර්යාලයීය ගෘහ භාණ්‌ඩ නිෂ්පාදන ආයතනය වන අතර ගුඩ් එන්වයර්මන්ටල් චොයිස්‌ ඔස්‌ටේ්‍රලියා හි නියමය හා ස්‌ථිරත්වය ලබාගෙන ඇත.

මෙම අවස්‌ථාව අමතමින් ආර්ට්‌ මැටි්‍රක්‌ස්‌ ටෙක්‌නොලාජිහි අලෙවි උප සභාපති ෆ්‍රැන්සිස්‌ ලාඕ මහතා,

"2005 අප සමාගම ස්‌ථාපිත කිරීමේ පටන්, මැලේසියාව පුරා සහ විදේශීය වශයෙන් අප වෙත තිබූ ඉල්ලුම හේතුවෙන් මේ වන විට අප ස්‌ථිර වර්ධනයක්‌ අත්පත් කරගෙන සිටිනවා. මෙම සාර්ථකත්වය මත යමින් අපගේ ප්‍රථම විදේශීය ශාඛාව 2007 වසරේ ඩුබායි හිදී විවෘත කළ අතර පසුව ඉන්දියාව, සිංගප්පූරුව, ජාකර්තා, ඕමාන් හා මුරුසිහිද අපගේ ප්‍රදර්ශනාගාර විවෘත කළා. භාණ්‌ඩ අලෙවියේ විශිෂ්ටත්වය පිළිබඳ සිංගර් ශ්‍රී ලංකාහි කීර්තිනාමය ඉතා ප්‍රසිද්ධයි. මේ නිසා අපගේ අනර්ඝ තත්ත්වයේ කාර්යාලයීය ගෘහ භාණ්‌ඩ නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකිකයන් විසින් වැළඳගන්නා බව අපට විශ්වාසයි" යනුවෙන් වැඩිදුරටත් පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.