මුල්ලිවයික්‌කාල් මාර පරාජය

* සරත් ෆොන්සේකා නිදහස්‌?

* මඩ වෙබ් අඩවිවලට ඔක්‌සිජන් දීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ වේ

* හිටපු කොටි එකවරම සාමයේ මිතුරන් යෑයි හඳුන්වති

* යුද ජයග්‍රහණය කියෑවෙන ග්‍රන්ථයක්‌ එළිදැක්‌වීමේ උත්සවයේදී
එන්.ජී.ඕ. ප්‍රධානියකු දුටු ආරක්‍ෂක නිලධාරීහු මවිතයට පත්වේ

* මෙවන් විපතක්‌ සිදුවේ යෑයි නොසිතුවෙමු යෑයි ජාත්‍යන්තර කොටි ජාලය පවසයි

* සන් සී කොටි නැවේ හිමිකරු ක්‍රිස්‌තුරාජා කැනඩාවේදී අසුවේ

* බාලසිංහම් මලාට පසු ප්‍රභාකරන් යුද විසඳුමක්‌ මත
කටයුතු කළ බව එරික්‌ සෝල්හයිම් කියා සිටී

* උතුරේ බෞද්ධකරණය හා සිංහලකරණය වෙනවා යෑයි
සුරේශ් ප්‍රේමචන්ද්‍රන් නෝර්වේහිදී පවසයි

* එරික්‌ සෝල්හයිම් සිංහල රාජ්‍යයට බැන වදිමින් කොටි
මියගිය අයුරු විමර්ශනය කළ යුතු යෑයි කියා සිටී



කොටි ඝාතක සමාගම පැරදවීමේ
අභිමානවත් පෙළපාලි
ඡායාරූපය- නීශාන් එස්‌. ප්‍රියන්ත

 


වන්නි මෙහෙයුමට දායක වූවෝ
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ,  හිටපු ජනරාල් සරත් ෆොන්සේකා, මේජර් ජන රාල්වරුන් වූ ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස්‌, චාලි ගාල්ලගේ, කමල් ගුණරත්න, ප්‍රසන්න සිල්වා, නන්දන උඩවත්ත, ලුතිනන් ජනරාල් හා හමුදාපති ජගත් ජයසූරිය, බ්‍රිගේඩියර් සත්‍යප්‍රිය ලියනගේ සහ රෝහණ බණ්‌ඩාර
 

මියගිය කොටි ත්‍රස්‌තයන්ව සැමරීම සඳහා බ්‍රිතාන්‍ය විසින් ලන්ඩන් කොටින්ට අවසර දී තිබූ අයුරු
 

කොටි බේරා ගැනීමට උත්සාහ කළ මාරි කොල්වින්

ප්‍රභාකරන් ජයගනු ඇතැයි අනාවැකි පළ ඇනිටා ප්‍රතාප් සහ ඔස්‌ටේ්‍රලියානු කොටි හිතවාදී බ්‍රයන් සෙනවිරත්න

"අපේ කාලය තුළ ඉතාමත්ම වැදගත් ගරිල්ලා නායකයා
ප්‍රභාකරන් බවට සැකයක්‌ නැත. යම් දිනෙක ඔහුගේ ජීවන චරිතය
ලිවීම සඳහා මට යළි පැමිණිය හැකි බවට විශ්වාසයක්‌ ඇත.
මගේ ජීවන ගමනේ ඉටු නොවූ සිහින අතරින් එකක්‌ වන්නේ එයයි."
- ඉන්දීය ලේඛිකා ඇනිටා ප්‍රතාප්

ප්‍ර
භාකරන් ප්‍රමුඛ ද්‍රවිඩ ඝාතක සමාගම පරාජය වී ඊයේ (19 දා) ට වසර තුනක්‌ ගත විය. 6000 කට අධික රණවිරුවන් දිවි පිදූ වන්නි මෙහෙයුම සැමරීමට සතියක්‌ තිබියදී පුනරුත්ථාපන අමාත්‍යාංශය විසින් කළ හිටපු කොටි ත්‍රස්‌තයන් 662 ක්‌ කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ කතරගම යන ප්‍රදේශවල සංචාරයකට ගෙනඒමේ මෙහෙයුමක්‌ දියත් වී තිබිණි. තල් අරඹෙන් පොල් අරඹට යනුවෙන් බැනර් එල්ලවූ බස්‌ රථ 14 ක්‌ මේ හිටපු කොටි ත්‍රස්‌තවාදීන්ගේ චාරිකාව සඳහා යොදාගෙන තිබිණි. එම බස්‌ රථවල සිටි හිටපු ත්‍රස්‌තයන් සාමයේ මිතුරන් යනුවෙන් මුද්‍රිත තැඹිලි පැහැති ටී ෂර්ට්‌ ඇඳ සිටියහ.

මෙකී හිටපු කොටි රැගත් බස්‌ රථවල ඉදිරිපස සහ පසුපස දොරටුවල නිරායුධ සෙබළුන් දෙදෙනකු ද විය. සම්භාවනීය අමුත්තන් මහමඟ යනවිට අනිකුත් වාහන අයින් කරන ලෙස ඉදිරිපසින් යන රැකවළුන් දක්‌වන සංඥවන් හිටපු කොටි රැගත් බස්‌ රථවල සිටි සෙබළුන් ද ක්‍රියාත්මක කළහ.

කෝට්‌ටේ දියවන්නා ඔය මාර්ගයේ රැකියා නිමවී බස්‌ රථවල ගමන් කරන මගීහු හමුදා සෙබළු අනිකුත් වාහනවලට විධානය කරමින් ගෙන යන සම්භාවනීය පිරිස  කවුරුන්දැයි විමසිලිමත් වූහ. ඒ අතරේ හිටපු කොටි රැගත් බස්‌ රියක්‌ මඟ වැරදී සාමාන්‍ය ජනතාව ගමන් කළ බස්‌ රථවලට මැදි විය. එහිදී මගී බස්‌රථවල සිටි සේවය නිමවී නිවාසවලට යන මගීන්ට දැකගත හැකි වූයේ සාමයේ මිතුරන් යෑයි දක්‌වන ටීෂර්ට්‌ ඇඳ සිටි පිරිසගේ මුහුණුවල ස්‌වභාවයයි. ඔවුන්ගේ මුහුණු මානුෂික මුහුණුවරකින් යුක්‌ත වූයේ නැත. ඒ මුහුණුවල තිබුණේ රෞද්‍ර ගතියයි. මොහොතකින් මේ බස්‌රථවල යන්නේ හිටපු ත්‍රස්‌තයන් යෑයි මගීන්ට වැටහිණි. මේ හිටපු කොටි ත්‍රස්‌තයන්ව ගාලු මුවදොර පිටියට ද ගෙන්වා සිරි නැරමීමට ද අවස්‌ථාව සලසා දී තිබිණි. ගාලු මුවදොරට පැමිණි හිටපු කොටින්ගෙන් එක්‌ අයෙක්‌ කළ ප්‍රකාශයක්‌ ඊට දින දෙකකට පසු කොටි වෙබ් අඩවියක සඳහන් විය. "හැමදෙනාම සිතන්නේ අපි මෙතනට පැමිණියේ කිසිදෙයක්‌ දන්නේ නැතැයි කියලයි. අපි කොටි සමග සිටින විට විවිධ ක්‍රියාමාර්ග ඉගෙන ගත්තා. අපි ලෝකය දුටුවා"යෑයි හිටපු කොටි ත්‍රස්‌තවාදියකු පවසා තිබිණි.

මේ හිටපු කොටි ත්‍රස්‌තයන් සතුව කැමරා පවා තිබූ බව වාර්තා විය. මේ අන්දමට ඇමරිකානු බලධාරීහු ගුන්තනාමෝබේ සිරකඳවුරේ සිටි අල්කයිදා ත්‍රස්‌තයන්ව ඇමරිකාවට ගෙනවුත් නිව්යෝර්ක්‌ වොෂින්ටන් පෙන්නුම් කිරීමේ සුහද චාරිකාවල ගෙන යන්නේද?

ප්‍රභාකරන් සමග එක්‌ව ත්‍රස්‌තවාදී ක්‍රියා දියත් කළ මේ හිටපු කොටි සංචාරයේ යෙදෙන අවස්‌ථාවේ ඉරණමඩු සහ පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවල තිබී සී-4 හෙවත් හැරිසයිට්‌ නමින් හඳුන්වන අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 6550 ක විශාල තොගයක්‌ හමුවිය.

මෙයට අමතරව යුධ ටැංකි නාශක බෝම්බ 19 ක්‌ ඇතුළු යුද උපාංග රැසක්‌ ද සොයා ගැනුණි. එහෙත් හමු නොවූ තවත් අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක්‌ ඇතැයි ආරක්‍ෂක බලධාරීහු පවසති. මෙවන් පසුබිමක්‌ මැද ආරක්‍ෂක ලේකම්වරයා පැවසුවේ සමහර කොටි යටත් නොවූ බවත් සෑම දිනකම ආරක්‍ෂක අංශ විසින් විශාල ලෙස අවි ආයුධ සොයා ගන්නා බවයි. "කොටි හිතවාදී සංවිධාන විවිධ රටවල ක්‍රියාත්මක වෙනවා. ඔවුන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක්‌ එල්ල කරන විට කොටින්ට යළි ඒකරාශීවීමේ පසුබිමක්‌ පවතින විට ත්‍රස්‌තවාදී තර්ජනයට මුහුණදීම සඳහා උපාය මාර්ගික ස්‌ථානවල හමුදාව ස්‌ථානගතව සිටිය යුතු"යෑයි හෙතෙම තවදුරටත් පවසා ඇත.

මේ අතර මෙරට අභ්‍යන්තර කටයුතුවලට ඇමරිකාව සහ ඉන්දියාව තවදුරටත් මැදිහත් වේ. පසුගිය ඉරිදා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් විසින් යාපනයේදී දේශපාලන සමුළුවක්‌ පවත්වනු ලැබීය. එම සමුළුවට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු භාර ප්‍රධානියා වූ පෝල් එම් කාටර් සහ යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාලයේ ප්‍රධානී වී. මහාලිංගම් ද සහභාගි විය.

මෙම දේශපාලන සමුළුව ඇමතූ කාටර් සියලු දෙනාට පිළිගත හැකි දේශපාලන විසඳුමක්‌ අවශ්‍ය යෑයි කියා සිටියේය. මෙකී සමුළුවට කැඳවා තිබූ මියගිය කොටි ත්‍රස්‌තයකුගේ පියා විසින් මුල්ලිවයික්‌කාල්හි මියගිය කොටි සමරා පහනක්‌ දල්වනු ලැබීය.

මෙහිදී යාපනයේ කොටි හිතවාදී මාධ්‍ය පාර්ශ්වයක්‌ ප්‍රශ්නයක්‌ අසමින් තමිල් ඊළම ගැන ද්‍රවිඩ සන්ධානයේ මතය විමසූ විට ඊට ප්‍රතිචාර දැක්‌වූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් ද්‍රවිඩ ජනතාව හෝ ද්‍රවිඩ සන්ධානය තමිල් ඊළමක්‌ ඉල්ලුවේ නැතැයි කියා සිටියේය.

මේ අතර කොටි හිතවාදීහු දිගින් දිගටම ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රියාමාර්ග දියත් කළහ. පසුගිය ඉරිදා ලන්ඩන් නුවරදී හිටපු ත්‍රස්‌තවාදියකු වන ඩී. පී. සිවරාම් නමැත්තාව සැමරීමට ක්‍රියා කෙරිණි.

ප්‍රභාකරන් ඊළාම් රාජ්‍යය පිහිටවනු ඇතැයි සිවරාම් දැඩි ලෙස විශ්වාස කළේය. ඔහු ප්‍රභාකරන්ව වියට්‌කොං හමුදා නායක වෝ ගියප්ට සමාන කළේය. කොටි පැරදවිය නොහැකිය යන මතය ඔහු කොළඹ බටහිර තානාපති කාර්යාල අතර ප්‍රචාරය කළේය. ඉන්දීය සාගරයේ තෙවැනි නාවික බළකාය මුහුදු කොටි යෑයි මේ හිටපු ත්‍රස්‌තවාදියා කියා සිටියේය. එහෙත් ප්‍රභාකරන් සහ ඔහුගේ ඝාතක කණ්‌ඩායම නන්දිකඩාල්හිදී මියගොස්‌ සිටි අන්දම දැක ගැනීමට සිවරාම් ජීවතුන් අතර සිටියේ නැත. පසුගිය ඉරිදා ලන්ඩනයේ පැවැති සිවරාම් ත්‍රස්‌තයා සැමරීමේ උළෙලට මෙරටින් ජර්මනියට පැන ගොස්‌ ෙ-.ඩී.එස්‌. නමින් කොටි හිතවාදී සංවිධානයක්‌ පිහිටුවාගත් රෝහිත භාෂණ අබේවර්ධන නමැත්තා එක්‌විය. බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියට ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය වීඩියෝ දර්ශන සැපයූ මේ ෙද්‍රdaහියා ප්‍රභාකරන්ගේ කොටි ගම්මානවල දරුවන්ව කැබලි බවට පත් කරද්දී නිහඬව සිටියේය.

හිටපු ත්‍රස්‌තවාදියකු සැමරීමේ උළෙල ඇමතූ මොහු ශ්‍රී ලංකා රජය යුද ජයග්‍රහණය ලබාගැනීම සඳහා ද්‍රවිඩයන් වෙත භීෂණය ක්‍රියාත්මක කළ බවට සාවද්‍ය ප්‍රකාශයක්‌ කරනු ලැබීය.

ත්‍රස්‌තයකු සමරනු සඳහා නෝර්වේ සිට චිත්‍රපට අධ්‍යක්‍ෂිකාවක්‌ වූ බියටේ ආන්ස්‌ටඩ් ද ලන්ඩන් වෙත පැමිණ සිටියාය. කළු කොටි බෝම්බකාරියක්‌ වෙනුවෙන් වීඩියෝ පටයක්‌ නිර්මාණය කළේ ද ඇයයි.

මේ අතර කොටි ත්‍රස්‌තවාදීන් පරාජය කිරීම සම්බන්ධව ලියෑවුණු ග්‍රන්ථයක්‌ පසුගිය සඳුදා ජනාධිපති හා ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. යුද, ගුවන්, නාවික නිලධාරීහු විශාල පිරිසක්‌ එම අවස්‌ථාවට පැමිණ සිටි අතර අමුත්තන් සමග සිටි එක්‌ තැනැත්තෙක්‌ දුටු ඇතැම් ආරක්‍ෂක නිලධාරීහු මවිතයට පත්වූහ.

ඔහු වෙනින් කවුරුත් නොව නෝර්වේ අරමුදල් මත යෑපුනු අංක එකේ එන්.ජී.ඕ. කාරයෙකි. යාපනයේ රිවිරැස මෙහෙයුම නතර කිරීමට එක්‌සත් ජාතීන්ගේ හමුදාවන් ශ්‍රී ලංකාවට යෑවිය යුතු බව පැවසුවේද මොහුයි. කොටින්ට එරෙහි යුද්ධය නතර කිරීම සඳහා දැඩි වෙහෙසක්‌ ගත් මේ එන්.ජී.ඒ. ප්‍රධානියා කොටි පරාජයවීමත් සමග අසරණයකු බවට පත්වී ඇත. සියරා ලියොන් රාජ්‍යයේ හිටපු ජනාධිපති අහමද් කබා විසින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයක්‌ වෙත ලිපියක්‌ යවමින් තම රටට එරෙහිව කැරලි ගසන ගරිල්ලා කණ්‌ඩායමකට අනුග්‍රහය දක්‌වන රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා ශ්‍රී ලාංකිකයකු යෑයි පැමිණිලි කර තිබිණි. ඒ ශ්‍රී ලාංකිකයා මේ තැනැත්තායි.

මේ රාජ්‍ය නොවන සංවිධානය දියමන්ති හොරෙන් අලෙවි කිරීමට සම්බන්ධ බව ද චෝදනා එල්ල විය. සියරාලියොන් රාජ්‍යයට එරෙහිව ගරිල්ලන්ට සහාය වූ ලයිබීරියාවේ හිටපු නායක චාල්ස්‌ ටේලර් පසුගියදා යුද අපරාධවලට වරදකරු විය. එහෙත් එක්‌සත් ජාතීන්ගේ බලධාරීහු සියරාලියොන් හිටපු ජනාධිපති කබාගේ පැමිණිල්ල විමර්ශනයට ලක්‌ කළේ නැත.

මගේ දෛවය වෙනස්‌ කිරීමට හැකි ජගතකු නැතැයි ප්‍රභාකරන් උදම් අනා තිබිණි. එහෙත් 2009 මැයි 19 වැනිදා ප්‍රභාකරන්ගේ දෛවය සදහටම වසා දැමිණ.

එහෙත් ප්‍රභාකරන්ගේ දෛවයට පිටුපසින් සිටි මෙම එන්.ජී.ඕ. ප්‍රධානියා සිය දෛවය බේරා ගත්තේය.

කොටි පරාජය දැක්‌වෙන ග්‍රන්ථය එළිදැක්‌වෙන අවස්‌ථාවේ ඔහුගේ වෙස්‌ මාරුව හමුදා නිලධාරීන්ට සනාථ විය. මේ අතර කොටි පැරදවීමේ ජයග්‍රාහී තෙවැනි සමරුව පැවැත්වීමට සිව් දිනකට පෙර නෝර්වේ රජය විසින් ද්‍රවිඩ සන්ධාන දේශපාලකයකු වූ සුරේශ් ප්‍රේමචන්ද්‍රන්ව ඔස්‌ලෝ නුවරට කැඳවා ඔහුට පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්‌ථාවක්‌ ලබාදී ඇත.

මෙහිදී වන්නි මෙහෙයුම ගැන සුරේශ් ප්‍රේමචන්ද්‍රන් විසින් දේශනයක්‌ පවත්වා තිබේ. කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික්‌ සෝල්හොයිම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සමුළුවේදී මුලසුන දැරුවේ නෝර්වේ නියෝජ්‍ය කතා නායිකා මැරිට්‌ නීබැක්‌ නමැත්තියයි.

මේ මැරිට්‌ නීබැක්‌ නමැත්තිය 2004 පෙබරවාරි 2 වැනිදා නෝර්වේ පාර්ලිමේන්තුව අමතමින් වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා උත්සාහ දැරුවාය. නෝවීජියානු කොටි හිතවාදීන් සමග දැඩි සබඳකමක්‌ පවත්වන ඇය නෝර්වේ පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේ ශ්‍රී ලංකා රජය සමූල ඝාතන ක්‍රියාදාමයක්‌ මෙහෙයවන බවත් නෝර්වේහි රාජ්‍ය නොවන සංවිධාන විසින් ජාත්‍යන්තර ප්‍රජාව ලවා යුද මෙහෙයුම නතර කිරීමට බලපෑම් කළ යුතු බවයි.

මෙම පසුබිම මැද එරික්‌ සෝල්හයිම් ශ්‍රී ලංකාවට එරෙහිව දියත් කර ඇති අබිරහස්‌ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක කරන බව තහවුරු වී ඇත.

මේ තත්ත්වය මැද මෙරට ශේ්‍රෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරමින් වෙබ් අඩවි කීපයකට පනවා ඇති බාධක ඉවත් කරන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. මඩ වෙබ් අඩවි පහකට එරෙහි තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් මේ පෙත්සම ගොනු කර තිබුණේ නෝර්වේ අරමුදල් මත යෑපෙන නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයයි.

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්‌වූ නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් ශවීන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ හොර වෙබ් අඩවි මූණ සඟවා ගෙන සිට රටේ වැදගත් පුද්ගලයන්ට අපහාස කිරීමට අටවාගත් ඒවා බවයි.

මෙම ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුවත් සමගම නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලය මෙහෙය වන්නා ඇද වැටිණි.

මේ අතර ලන්ඩන් කොටි ජාලය විසින් මෙම 19 වැනිදා ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්‌තයන් මෙන්ම ඔවුන්ව බේරා ගැනීමට උත්සාහයක්‌ ගත් මාරි කොල්වින් නමැති මාධ්‍යවේදිනිය සැමරීමට ද ක්‍රියා කර ඇත.

ජිනීවාහි මානව හිමිකම් සමුළුව වෙත ඇයව ගෙනඒමට ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවෙල් දේවගැතියා සැලසුම් කර තිබුණත් සිරියාවේ ත්‍රස්‌තවාදීන් සමග එක්‌වී ලෙබනනය හරහා සිරියාවට ඇතුළුවී සිටියදී ඇය හමුදා ප්‍රහාරයකින් මියගියාය.

මාරි කොල්වින්ගේ හදිසි අභාවය ගැන යාපනයේ කොටි හිතවාදීන් ද අතිශයින්ම සන්තාපයට පත්වී ඇය වෙනුවෙන් සමරු රැස්‌වීමක්‌ පැවැත් වූවාය.

මේ පසුබිම යටතේ ජාත්‍යන්තර කොටි ජාලය ද මැයි 19 වැනිදා මියගිය කොටි සැමරූහ. වසර 27 ක්‌ තිස්‌සේ දියත්වූ අරගලය ෙ€දවාචකයකින් අවසන් විය. මෙවන් විපතක්‌ සිදුවේ යෑයි අපි කිසිසේත් නොසිතුවෙමු"යෑයි ඔවුහු කියා සිටියහ.

එසේම ඔවුන් තවදුරටත් පැවසුවේ වෙල්ලමුල්ලිවයික්‌කාල් පරාජය කිසිසේත් දරාගත නොහැකි බවයි.

මේ හැර කොටි පරාජය වී තෙවසරක්‌ ගත වන අවස්‌ථාවේ ප්‍රභාකරන්ට සිදුවූ දේ අදහාගත නොහැකි බව කැනඩා කොටි ජාලය ද කියා සිටී.

ප්‍රභාකරන් සමග එක්‌ව පාර්ශ්ව දහයක්‌ ශ්‍රී ලංකා රජයට හා ආරක්‍ෂක හමුදාවට එරෙහිව සටන් වැදී තිබුණි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය අතරින් යුද්ධය ජයගත හැකි බවත් ප්‍රභාකරන් විනාශ කළ යුතු බවත් සෘජුව පැවසුවේ අපි පමණි. ජනාධිපති ආරක්‍ෂක ලේකම් හා හමුදාපති ප්‍රභාකරන්ගෙන් ඉල්ලන් කනු ඇතැයි බොහෝ දෙනා දැඩි ලෙස විශ්වාස කළහ.

අවසාන මොහොතේ ප්‍රභාකරන් හා ත්‍රස්‌ත කණ්‌ඩායම බේරාගනු පිණිස මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ ඔපරේෂන් වෙල්ලමුල්ලිවයික්‌කාල් මෙහෙයුම දියත් කර තිබිණි.

එම මෙහෙයුමට අදාළ උපකාරක සේවා  සැපයීමට හවායි දූපතේ සිට ඇමරිකානු හර්කියුලිස්‌ යානාවක්‌ සහ ඇමරිකානු මැරයින් හා ගුවන් සහ යුධ නිලධාරීන් පිරිසක්‌ ද මෙරටට පැමිණියේය.

එම ඇමරිකානු යානාව මෙරටට එන බව දැනුම් දුන්නේත් එය ගුවන්ගතවී පැයකට පසුවය. මේ අතරේ ඇමරිකානු රජය සහ රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ විසින් වන්නියේ සිදුවන්නේ කුමක්‌ද යන්න ඒ ගැන සෙවීමට චන්ද්‍රිකා කීපයක්‌ ද යොදා තිබිණි.

එහෙත් නොසිතූ දෙයක්‌ සිදුවිය. වන්නියේ තිබූ ඉන්ධන බැරල්වලට මෝටර් ප්‍රහාර එල්ලවී ඉන් විශාල ගිනි ජාලාවක්‌ අහස්‌කුස වෙත පැතිරීමෙන් ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවල දර්ශන පථය වැසී ගියේය.

මේ නිසා මුල්ලිවෙල්ලිවයික්‌කාල් හා නන්දිකඩාල් කලපුවේ සිදුවූයේ කුමක්‌දැයි දැන්වත් අපට කියන්නැයි නෝර්වේ රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

සන් සී නමැති කොටි නැවේ හිමිකරු කුනා රොබින්සන් ක්‍රිස්‌තුරාජා නමැත්තා පසුගිය සඳුදා කැනඩා රහස්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

2010 අගෝස්‌තු මසදී කොටි ත්‍රස්‌තයන් ඇතුළු ද්‍රවිඩයන් 492 ක්‌ කැනඩාවට යෑවීමට ක්‍රියා කළේ ඔහුයි.

මේ අතර හිටපු ජනරාල් සරත් ෆොන්සේකා ඊයේ (19 දා) නිදහස්‌ කෙරෙනු ඇති බවට ආරංචි පැතිර ගියේය. කොටි පැරදවීමේ තෙවැනි සංවත්සරයේදී ජනාධිපතිවරයා විසින් කොන්දේසි විරහිතව ඔහු නිදහස්‌ කරන බවට වාර්තා විය.

මේ අතර නෝර්වේ පාර්ලිමේන්තු ශාලවේ පැවැති සමුළුවකදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් දේශනයක්‌ කරමින් "උතුරේ ඉඩම් සිංහලයන්ට දෙන බවත් බෞද්ධයන් නැති උතුරේ පන්සල් ඉදිකිරීමට හමුදාව ක්‍රියාකරන බවත් කීවේය. අන්තවාදීන් තිදෙනෙක්‌ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සිටිනවා. ඒ නිසා ඊට සහභාගිවීමෙන් වැඩක්‌ නැහැ. අපිට පොලිස්‌ බලතල හා ඉඩම් බලතල අවශ්‍ය"යෑයි ඔහු පළ කළේය.

කොටි ඩයස්‌පෝරාවද සහභාගි වූ මේ රැස්‌වීම ඇමතූ එක්‌ කොටි හිතවාදියෙක්‌ "සුඩානය මෙන් ශ්‍රී ලංකාව ද දෙකඩ කළ නොහැක්‌කේ මන්දැයි විමසූ විට සෝල්හයිම් පැවසුවේ ශ්‍රී ලංකාව බහු වාර්ගික රටක්‌ නිසා එය කළ නොහැකි බවයි. බාලසිංහම් මියගියාට පසු ප්‍රභාකරන් හමුදා විසඳුමක්‌ මත ක්‍රියා කළා. ඒ නිසා ඔවුන් විනාශ වුණා" යෑයි සෝල්හයිම් කියා සිටියේය.

මේ අතර කොටි පැරදවීමේ තෙවැනි සංවත්සරයට පැය 48 කට පෙර නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් සිය මුව විවර කළේය.

"ප්‍රභාකරන් විසින් රජිව් ගාන්ධිව මැරුවා. ලක්‍ෂ්මන් කදීර්ගාමර්ව මැරුවා. මේවා සිදුවූයේ කෙසේද කියා අපි දන්නවා. සිතා බලමු. මෙක්‌සිකෝවේ කණ්‌ඩායමක්‌ විසින් ඇමරිකානු ජනාධිපතිව මැරුවා නම් ඇමරිකාව ඉතා බලගතු ලෙස බලය යොදනවා. සිංහල මාධ්‍ය මාව සුදු කොටියකු යෑයි හැඳින්වූවා. එහෙත් ආයුධ සන්නද්ධ අරගලයකට සහයක්‌ නැහැ. යුද්ධයේ අවසාන අදියරේදී මාවයි, හිලරි ක්‌ලින්ටන්ව හා මිලිබෑන්ඩ්වයි ත්‍රස්‌තවාදීන් ලෙස හැඳින් වූවා. දස දහස්‌ ගණනක්‌ ද්‍රවිඩයන් මියගියා. සමහරු කොටි සෙබළුන්. මොවුන් මියගිය අයුරු ගැන සෙවිය යුතුයි."

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.