සිංගර් නිෂ්පාදනවලට
ශ්‍රී ලංකාව හොඳ වෙළෙඳ පොළක්‌

සිංගර් ජාත්‍යන්තර සමූහයේ සභාපති ස්‌ටීවන් එච්.ගුඩ්මන්


සිංගර් ප්ලස්‌ 168 වන ප්‍රදර්ශනාගාරය (16 දා) අංක 464, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ දී විවෘත විය. නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමෙන් අනතුරුව සිංගර් සමාගමේ සභාපති ස්‌ටීපෙන් ගෝඩ්මන් මහතා පළමු ගණුදෙනුව සිදුකළ අයුරු හා සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක අශෝක පීරිස්‌ හා අධ්‍යක්‌ෂ (අලෙවි) කුමාර සමරසිංහ යන මහත්වරු සභාපතිවරයා සමග ප්‍රදර්ශනාගාරය නැරැඹූ අයුරු. ඡායාරූපය - කමල් බෝගොඩ

අජිත් අලහකෝන්

සිංගර් නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාව ඉතා හොඳ වෙළෙඳ පොළක්‌ බව කොල්ලුපිටියේදී නවතම සිංගර් ප්ලස්‌ ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් ජාත්‍යන්තර සිංගර් සමාගම් සමූහයේ සභාපති ස්‌ටීවන් එච්. ගුඩ්මන් මහතා පැවැසීය.

ගුඩ්මන් මහතා සිංගර් සමූහයේ අධ්‍යක්‍ෂවරයෙක්‌ සහ සභාපතිවරයා ලෙස පත්වූයේ 2003 ජූලි මාසයේදීය.

"ශ්‍රී ලංකාව ලස්‌සන රටක්‌. අපි ඉතා සතුටු වෙනවා කොල්ලුපිටිය වැනි අග නගරයේ ජනාකීර්ණ ස්‌ථානයක ඉතා ආකර්ෂණීය ප්‍රදර්ශනාගාරයක සිංගර් ශ්‍රී ලංකා විසින් විවෘත කිරීම ගැන. සිංගර් ශ්‍රී ලංකාහි ඉතා කාර්යක්‍ෂම කළමනාකරණ මණ්‌ඩලයක්‌ සිටිනවා. මේ ව්‍යාපාරය තව තවත් පුළුල් ලෙස කරගෙන යැමටත් ශ්‍රී ලාංකීය ජනතාවට අලුත් මාදිලියේ නිෂ්පාදන හඳුන්වාදීමත් අපේ අරමුණක්‌." යෑයිද ගුඩ්මන් මහතා කීවේය.

"සිංගර් ප්ලස්‌" කොල්ලුපිටියේ නව ප්‍රදර්ශනාගාරය ගාලුපාරේ අංක 469 දරණ ස්‌ථානයේ විවෘත කර ඇත.

වසර හැටක්‌ පුරා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනූ සිංගර් සිය නවතම ප්‍රදර්ශනාගාරයෙන් විදුලි උපකරණ පමණක්‌ නොව ගෘහ භාණ්‌ඩද මිලදී ගත හැකිය.

අත්පිට මුදලට, ක්‍රෙඩිට්‌ කාඩ් මගින් මෙන්ම පහසු ගෙවීමේ ක්‍රමයටද නව මාදිලියේ නිෂ්පාදන වර්ග සිංගර් ප්ලස්‌ කොල්ලුපිටිය ප්‍රදර්ශනාගාරයෙන් මිලට ගත හැක.

සිංගර් ශ්‍රී ලංකා සමාගම ශාඛා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් සිටින බව එහි ප්‍රධාන විධායක නිලධාරී අශෝක පීරිස්‌ මහතා ප්‍රකාශ කළේය.

මෙම වසර තුළ රට පුරා සිගර් ප්ලස්‌ ප්‍රදර්ශනාගාර විසිපහක්‌ පමණ විවෘත කිරීමට තීරණය කර ඇතැයි කී අශෝක මහතා පාරිභෝගිකයන්ට ඉතා අගනා නිෂ්පාදන එතුළින් මිලට ගැනීමට හැකියාව ඇතැයිද කීවේය.

සිංගර් ජනතාව අතර තිබෙන නාමයකි. ජනතා විශ්වාසය තවදුරටත් රැක ගනිමින් වගකීම් සහගත සේවාවක්‌ ලබාදීම සිංගර් ශ්‍රී ලංකාහි අරමුන බවද අශෝක පීරිස්‌ මහතා පැවැසීය.

මෙම අවස්‌ථාවට සිංගර් ජාත්‍යන්තර සමූහයේ ආසියානු කලාපීය භාර ප්‍රධාන විධායක නිලධාරී ගැවින් වෝකර්, සිංගර් ශ්‍රී ලංකාහි අලෙවි අධ්‍යක්‍ෂ කුමාර් සමරසිංහ මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජිකයන්ද සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.