ස්‌විඩිෂ් ටේ්‍රඩිං සමාගම SKF සේවාවන් සඳහා
සහතික ලත් සහකාර සමාගමක තත්ත්වයට උසස්‌ කෙරේ


ස්‌විඩිෂ් ටේ්‍රඩින් සමාගම SKF සේවාවන් සඳහා සහතික ලත් සහකාර සමාගමක තත්ත්වයට උසස්‌ කිරීමට අදාළ ලියකියවිලි SKF ආසියා ශාන්තිකර කාපීය කාර්මික බෙදාහැරීම් උප සභාපති ඔලµa ඩී බෙකර් මහතා විසින් ස්‌විඩිෂ් ටේ්‍රඩිං සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ දුෂ්මන්ත සේනානයක මහතා වෙත ප්‍රදානය කළ අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.
ඡායාරූපය නිශාන් එස්‌. ප්‍රියන්ත


කාර්මික සහ රථවාහන ආශ්‍රිත බෙයාරිං, සීල්, ලිහිසි තෙල් වැනි සේවා සම්පාදනයේ ප්‍රමුඛයකු වන SKF සිය ශ්‍රී ලාංකික බෙදාහැරීමේ සහකරු වන ස්‌විsෂ් ටේ්‍රඩිං සමාගම සමග එක්‌ව පසුගියදා සිය පාරිභෝගිකයන් වෙත ජෙට්‌ලයිනර් නෞකාවේදී අපූරු අත්දැකීමක්‌ තිළිණ කළේය.

SKF දැනුම සමගින් පෙරටම යන තේමාවෙන් පැවැත්වූ මෙම වැඩසටහනේදී නඩත්තු පිරිවැය අවම කර ගැනීම, ඵදායිතා වර්ධනය සහ ඉන්ධන කාර්යක්‍ෂමතාව යන කරුණු පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කෙරිණි. ඊට අමතරව SKF තාක්‍ෂණික විශේෂඥයන් විසින් නවීන SKF නිෂ්පාදන හා සේවාවන් රැසක්‌ද මෙහිදී ප්‍රදර්ශනය කළේය.

මෙහි විශේෂ අවස්‌ථාව වූයේ ස්‌විඩිෂ් ටේ්‍රඩිං සමාගම SKF සේවාවන් සඳහා සහතික ලත් සහකාර සමගමක තත්ත්යට උසස්‌ කිරීමයි. මෙමගින් SKF සමාගමට අයත් තාක්‍ෂණයන් භාවිත කරමින් යන්ත්‍ර අqත්වැඩියවන් සිදු කිරීමේ අවස්‌ථාව ස්‌විඩිෂ් ටේ්‍රඩිං සමාගම වෙතා උදා වේ. මෙම අවස්‌ථාව සඳහා ආසියා ශාන්තිකර කලාපීය කාර්මික බෙදාහැරීම් උප සභාපති ඔලµa ඩී බෙකර්, ස්‌විඩිෂ් ටේ්‍රඩිං සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ දුෂ්මන්ත සේනානායක යන මහත්වර ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්‌ සහභාගි වූහ.

අපගේ පාරිභෝගිකයන් සහ බෙදාහාරීමේ සහකරුවන් පිළිබඳව සලකන විට ශ්‍රී ලංකාව අප හට ප්‍රධාන පෙළේ වෙළෙඳපොක්‌ වෙනවා. අප මෙම කලාපයේ දශක තුනකට අධික කාලයක්‌ තිස්‌සේ සේවය කොට තිබෙනවා. SKF දැනුම සමගින් පෙරටම යන තේමාව ඔස්‌සේ යමින් අපගේ නවීනතම නිෂ්පාදන හා සේවාවන් රැසක්‌ පාරිභෝගිකයන් වෙත සමීප කරවීමට අප සමත් වුණා යෑයි SKF හි දකුණු ආසියා කලාපයෙහි කාර්මික වෙළෙඳපොළ ආශ්‍රිත කලාපීය අලෙවි හා සේවා අධ්‍යක්‍ෂ සුධීර් රෙඡ් පැවසීය.

මෙහිදී ලොව පුරා ව්‍යාපාරික සැලසුම් වර්ධනය සඳහා පදනම සැකසෙන අතර ආසියා ශාන්තිකර කලාපය තුළද අලෙවි කටයුතු සහ සේවාවන් පුළුල් කිරීමේ අවස්‌ථාවද උදා වේ.

සටහන - ප්‍රභාත් විතාන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.