මහමඟ අරක්‍ෂාව ගැන දැනුවත් කිරීමේ
වැඩසටහන් කැල්ටෙක්‌ස්‌ අරඹයි


බුද්ධිමත්ව රිය පැදවීමෙන් ජීවිතය වැළඳගන්න යන තේමාව යටතේ මහමඟ ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරිමේ ව්‍යාපෘතියක්‌ පොලිස්‌ රථවාහන පාලන අංශය සහ චෙව්රෝන් ලුබ්රිකන්ට්‌ස්‌ ලංකා පීඑල්සී ආයතනය එක්‌ව පසුගියදා කොළඹදී ආරම්භ කළේය.

අනාරක්‍ෂිතව රිය පැදවීම වැනි හැසිරීම් වැළැක්‌වීම මෙකී ව්‍යාපෘතියෙන් අපේක්‍ෂා කරන අතර ඒ සඳහා ජනමාධ්‍ය උපයෝගී කර ගෙන දීප ව්‍යාප්තව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද නියමිතය. චෙව්රෝන් ලුබ්රිකන්ට්‌ස්‌ ආයතනයේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මීට පෙරද ශ්‍රී ලංකාවේ රියෑදුරන්ගේ රිය පැදවීමේ චර්යාව ධනාත්මක වෙනසකට බඳුන් කිරීමේ අරමුණ ඇතිව කැල්ටෙක්‌ස්‌ රෝඩ් ස්‌ටාර් නමින් වැඩසටහනක්‌ කැල්ටෙක්‌ස්‌ ආයතනය සහ පොලිස්‌ රථවාන පාලන අංශය එක්‌ව ක්‍රියාත්මක කරන ලදී.

ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කේ. අර්සරත්නම්, කොළඹ රථවාහන මූලස්‌ථානය භාර නියෝජ්‍ය පොලිස්‌පති ටී. විඡේගුණවර්ධන, චෙව්රොන් ලුබ්රිකන්ට්‌ස්‌ ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි කිෂූ ගෝමස්‌ සහ කොළඹ ජාතික රෝහල් හදිසි අනතුරු අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය යූ. පී. ආරියවංශ යන මහත්වරු බුද්ධිමත්ව රිය පැදවීමෙන් ජීවිතය වැළඳගන්න යන තේමාව යටතේ මහමඟ ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරිමේ ව්‍යාපෘතියේ තේමාව එළිදැක්‌ වූ අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.

ඡායාරූපය - සමන් රණවීර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.