ත්‍රිත්ව විදුහල් රග්බි කණ්‌ඩායමට සෙස්‌ටා අනුග්‍රාහකත්වය

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව පළමුවෙන්ම ආරම්භ කළ පාසල්වලින් එකක්‌ වන නුවර ත්‍රිත්ව විදුහල මෙවර පාසල් රග්බි තරග මාලාවේදී හොඳම කණ්‌ඩායම් තුන අතරට උරුමකම් කීමට අපේක්‍ෂාවෙන් සිටී. මෙම කාර්ය සඵල කර ගැනීමට කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ට අවශ්‍ය පුහුණුව, පෝෂණය, ශාරීරික සුවතාවය හා උපකරණ ලබාදෙමින් අඛණ්‌ඩව දෙවන වසරටත් අනුග්‍රාහකත්වය සපයනු ලබන්නේ වටවල අලෙවි සමාගමේ පිරිසිදු ලංකා තේ සඳහා සුප්‍රසිද්ධ වෙළෙඳ නාමය වන සෙස්‌ටා විසිනි. එසේම පළමු පහළොස්‌ දෙනාගේ කණ්‌ඩායම සෙස්‌ටාහි වෙළෙඳ ප්‍රවර්ධන හා නිල ලාංඡන සඳහා ඉදිරිපත් වන අතර සේස්‌ටාහි අනුග්‍රාහකත්වය මගින් ත්‍රිත්ව විදුහලේ සියලුම වයස්‌ කාණ්‌ඩවල සිසුන්ට ප්‍රතිලාභ හිමිවනු ඇත.

ත්‍රිත්ව විදුහලේ රග්බි ක්‍රීඩාව සමග ඇති මෙම එකමුතුව තවදුරටත් පවත්වාගෙන යැම සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් වටවල අලෙවි සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ විෂ් ගෝවින්දසාමි පැවසුවේ "වර්තමානයේ ලොව ඉතාමත්ම තරගකාරී තැනක්‌ බවට පත්වී ඇති අතර ජයග්‍රහණය ලබා ගැනීමට නම් අප වෘත්තීමය ලෙස කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. අපගේ ව්‍යාපාරික දර්ශනයේ යථාර්ථය එයයි. එය ක්‍රීඩාවටත් එක ලෙස අදාළයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.