Urban Kitchen වෙතින් රස වෑහෙන නව ආහාර පාන

පුළුල් පරාසයක පැතිරුණු ආහාර වට්‌ටෝරු, සුව පහසු වටපිටාව සහ විශිෂ්ට ගනයේ ආහාරවලින් සිය පාරිභෝගිකයන් අතර ප්‍රසාදය දිනා ගත් Urban Kitchen දැන් රස නහර පිනා යන නවතම ආහාර වට්‌ටෝරුවක්‌ හඳුන්වාදී ඇත.

මෙම නව වටටෝරුව සඳහා ඔබට තෝරා ගත හැකි ආහාර වර්ග 233 ක්‌ ඇති අතර ඉතාලි, මෙක්‌සිකානු, තායි, යුරෝපීය සහ මැද පෙරදිග ආහාරවලින් සමන්විත වන නව මෙනු පත මත පාරිභෝගිකයන්ගේ නෙත් වෙනදාටත් වඩා වැඩි වේලාවක්‌ රඳවා තබනු ඇත. කෙසේ නමුත් මෙම රස වෑහෙන ආහාරයන් එක්‌ වතාවක්‌ රසවිඳි පමණින් සියලුම ආහාර වර්ගයන්ගේ රස බැලීමට නැවත නැවත එහි යැමට ඔවුන් පොළඹවනු නොඅනුමානය.

බොහෝ ආහාර වර්ග දැනට පවතින ආහාර වට්‌ටෝරුවලට භාවිත කරන ද්‍රව්‍ය වෙනස්‌ කරමින් නව රසයක්‌ ගෙන තිබුණද මෙයින් අඩක්‌ පමණ ආහාර වර්ග නවතම ආහාර වර්ග වේ. ප්‍රධාන සූපවේදී ජෙරම්ලා බ්‍රොaයි, විධායක සහකාර සුපවේදීන් වන නිශාද් ජයවර්ධන සහ මොහොමඩ් අස්‌මිගේ උත්සාහයෙන් පීසා, බර්ගර්ස්‌ සහ සැන්ඩ්විච් වැනි ආහාර වර්ග පවා විශේෂිත අයුරින් සකස්‌ කර ඇත්තේ ඒවාටද අද්විතීය Urban Kitchen රසයක්‌ එක්‌ කරමිනි. එසේම ඔවුන් ඉතා අනර්ඝ ජාත්‍යන්තර වට්‌ටෝරුද සකස්‌ කර ඇත්තේ රසය මෙන්ම මිලද සැලකිල්ලට ගනිමිනි.

පිටු 25 කින් යුත් මෙම නව ආහාර මෙනු පත ස්‌ටාර්ටර්ස්‌, ස්‌නැක්‌ස්‌. සුප් වර්ග සහ සලාද, සැන්ඩ්විචස්‌ සහ රැප්ස්‌ බර්ගර්ස්‌, පීසා, පැස්‌ටා සහ රිසෝටෝස්‌, සුෂී, සෂිමි සහ රොටි වර්ගවලින් මෙනම් උණුසුම් සහ ශීත කළ පාන වර්ගද බොහෝමයකින් සමන්විතය. එළවළු පමණක්‌ ආහාරයට ගන්නා අයට වෙන් වූ විශේෂිත ආහාර වර්ගද 30 ක්‌ පමණ ඇති අතර මෙනු පතෙහි කොටසක්‌ කුඩා දරුවන් සඳහාද වෙන්වී ඇත.

Urban Kitchen හි විධායක සහකාර සූපවේදී නිශාද් ජයවර්ධන, විධායක සහකාර සූවපේදී මොහොමඩ් අස්‌මි, ප්‍රධාන සූපවේදී / හවුල්කරු ජෙරම් ලා බ්‍රොaයි හා කළමනාකරු දිල්ෂාන් ද සිල්වා අවන්හලෙහි නව මෙනු පත සමග

ඡායාරූපය - දිමුතු ප්‍රේමරත්න

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.