සිතුල්පව්ව වැඳ වැඳ පොසොන් මිහිර විඳිමුද

දොළොස්‌ දහසක්‌ මහ රහතන් වහන්සේ වැඩ විසූ රුහුණේ ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්‌ථානයේ පොසොන් පුෙණ්‍යාaත්සවයත්, ඊට සමගාමීව වාර්ෂිකව සිදු කරනු ලබන ආලෝක පූජාවත්, අති උත්කර්ෂවත් අන්දමින් ජුනි මස 02, 03, 04, 05 යන දිනයන්හි දී පැවැත්වේ. ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් සහභාගි වන මෙම උත්සවය ඉතා මැනවින් පැවැත්වීමට අවශ්‍ය සියලු සංවිධාන කටයුතු සම්පූර්ණ වෙමින් පවතී.

සිතුල්පව්ව රාජමහා විහාරය, ගාල්ල යගල රාජමහා විහාරය, ප්‍රධාන අෂ්ඨ මහා විහාරාධිපති, ශාස්‌ත්‍රපති, පණ්‌ඩිත පූජ්‍ය මැටරඹ හේමරතන නායක ස්‌වාමින්ද්‍රයාණන් වහන්සේගේ හා දායක සභාවේ සභාපති, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස්‌ හා දායක සභාවේ අනුශාසක, කථානායක, චමල් රාජපක්‍ෂ මැතිතුමාගේ අනුශාසනා පරිදි සිදු කරනු ලබන මෙම උත්සවයේදී දායක සභාවේ උප සභාපති, දිවයින, උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්‍ෂ, ධම්මික ආටිගල මැතිතුමාගේ අනුග්‍රාහක දායකත්වයෙන් සිදු කෙරෙන ආලෝක පූජා වැඩසටහන සහ දවස පුරා පැවැත්වෙන ආගමික හා ප්‍රතිපත්ති පූජාමය අවස්‌ථාවනට එක්‌වන ලෙස සැමට මෙයින් ආරාධනා කෙරේ.

පොසොන් පොහොයට පෙර දින සිට (03 දින) ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරේ. රාත්‍රි මහ සෑ මළුවේ දම්සක්‌ පැවතුම් සූත්‍ර දේශනාව පැවැත්වේ. පොසොන් පුර පොහොය දා සුවිශේෂී ආගමික වැඩ සටහන් රැසකි. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන්, ජාතක කථා දේශනා, බුද්ධ පූජා, අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා සති පට්‌ඨාන දේශනා ආදි ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, ප්‍රතිපත්ති පූජාව මුල්කොට ආගමික හා ආධ්‍යාත්මික අංශවලට යොමු වූ වැඩ සටහන් ද ක්‍රියාත්මක වේ.

මෙම පොසොන් පුෙණ්‍යාaත්සවයේදී පොහොය දිනට පෙර දිනත්, පොහොය දිනත්, සැදැහැවතුන් අති විශාල සංඛ්‍යාවක්‌ ශීල සමාදානයේ යෙදීම සුවිශේෂී වේ. දිවයිනේ නොයෙක්‌ ප්‍රදේශවලින් මේ සඳහා පැමිණෙන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට රජය වෙනුවෙන් හම්බන්තොට මහා දිසාපතිතුමා, අතිරේක දිසාපතිතුමා, තිස්‌සමහාරාම ප්‍රාදේශීය උප දිසාපතිතුමා, ප්‍රධාන රාජ්‍ය ආයතන හා අනුග්‍රාහක ආයතන, පෞද්ගලික ආයතනත්, පරිත්‍යාගශීලින්ගේ ද නොමඳ සහාය සැලසී ඇති අතර, අවශ්‍ය සියලු ආරක්‍ෂාව පොලිසිය ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක අංශය මගින් මැනවින් සැලසුම් කර ඇත.

මෙවර පොසොන් උත්සවයේ සුවිශේෂී කාර්යයක්‌ වන්නේ, කාවන්තිස්‌ස මහ රජතුමා විසින් පර්වත මුදුනේ ඉදිකරවන ලද මහ සෑය. 1954 වර්ෂයේ දී එවකට විහාරාධිපතිව වැඩ විසූ, ඉලුක්‌ පිටියේ ශ්‍රී ජිනරතනාභිධාන නායක ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් පිළිසකර කොට, කොත් පළඳවනු ලැබූ, එකී සිතුල්පව්ව මහ සෑ රජාණන් වහන්සේට චූඩා මාණික්‍ය රත්නයක්‌ පැළඳවීමයි. එමෙන්ම එම සෑ මළුවට හා ඊට අයත් වැලිමළුවේ කටයුතු නිම කිරීමත්, කුඩා සිතුල්පව් චෛත්‍ය රාජයාණන් වහන්සේ වටා අභිනවයෙන් ඉදි කරන ලද රන්වැට හා සලපතල මළුව විවෘත කිරීමත්, පොසොන් උළෙලට සමගාමීව සිදු කෙරේ. කාවන්තිස්‌ස මහ රජතුමා සහ විහාරමහා දේවිය ස්‌වකීය සරණ මංගල්‍යය සිහි වීම සඳහා ස්‌ථාපිත ඓතිහාසික මඟුල්මහා විහාර භූමියේ ඉදිකළ නව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම ද මෙම පොසොන් උත්සවයේ දී සිදු කරනු ඇත.

සිතුල්පව්ව පුදබිමට පැමිණෙන අති විශාල මහජනතාව සඳහා ආහාරපාන හා දානමය පහසුකම්, ලබාදීමට දන්සල් විශාල ප්‍රමාණයක්‌ සංවිධානය වී ඇත. පානීය ජලය, නවාතැන්, ගමනාගමනය, සෞඛ්‍ය පහසුකම්, ආරක්‍ෂාව, ප්‍රථමාධාර කටයුතු සඳහා අවශ්‍ය සියලු සංවිධානයන් ද සැලසුම් කොට ඇත. යෝධ කණ්‌ඩියේ සිට සිතුල්පව්ව දක්‌වා ඉලුක්‌පිටියේ ශ්‍රී ජිනරතන මාහිමි පාරත්, කතරගම සිට සිතුල්පව්ව දක්‌වා පාරත්, දකුණු පළාත් සභාව මගින් හා මහාමාර්ග සංවර්ධන අධිකාරිය මගින් අලුත්වැඩියා කොට ඇත.

පොසොන් පුර පොහෝ දින රාත්‍රි 11 සිට සුමධුර මෛත්‍රී වර්ණනා දේශනාව සහ එදින පහන්වන තුරු සතිපට්‌ඨාන භාවනා මනසිකාර ආධ්‍යාත්මික වැඩසටහන ද සිදුකරනු ලැබේ. අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන රජයටත්, ත්‍රිවිධ හමුදාව. පොලිසිය හා රටවාසි සැමටත් සෙත් පැතීමේ ආශිර්වාදයත්, රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පිං පැමිණවීමත්, මෙහිදී විශේෂයෙන් සිදු කරනු ලැබේ.

හසලක - ස්‌වර්ණ ජයවික්‍රම
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.