ගුරු මාරුවෙන් රට අමාරුවේද?

බ්‍රහස්‌පති ග්‍රහයා මේෂ රාශියේ සිට වෘෂභ රාශියට මාරුවූයේ පසුගිය සතියේ 17 වන දාය. මේ ග්‍රහ මාරුව පිළිබඳ ප්‍රවීන ජ්‍යෙdතිෂ්‍යාචාර්ය පියසේන රතුවිතාන මහතා දක්‌වන අදහස්‌ මෙසේය.

මොකක්‌ද මේ ග්‍රහ මාරුවක්‌ කියා කියන්නෙ?

අපේ සෞග්‍රහ මණ්‌ඩලයෙ ඇති බුධ, සිකුරු, පෘතුවිය, සෙනසුරු ආදී වශයෙන් ඇති ග්‍රහයින් නිරන්තරයෙන් ගමන් කරනව. කිසිදු ග්‍රහයෙක්‌ එක තැන රැඳී සිටින්නේ නෑ. මේ ග්‍රහයින් ගමන් කරන්නෙ එක්‌තරා වේගයක්‌ ඇතිව. එක එක ග්‍රහයට එක එක වේගයන් තියෙනව. චන්ද්‍රයා තමයි වේගයෙන්ම ගමන් කරන්නෙ. එයා දවස්‌ දෙකහමාරකිද රාශියක්‌ මාරු කරනව. රවි රාශියක්‌ මාරු කරන්නෙ මාසයකට එකයි. ඒකයි අපට මාස 12 කට වතාවක්‌ අවුරුද්දක්‌ එන්නෙ. නමුත් ඔය අතර සෙනසුරු බ්‍රහස්‌පති රාහු වගේ මන්දගාමී ග්‍රහයින්ට මාසයකින් දෙකකින් රාශි මරු කරන්න බෑ. එයාලට ඒ සඳහා දීර්ඝ කාලයක්‌ ගත වෙනවා. මේ විදියට රාශියකින් තවත් රාශියකට ග්‍රහයෙක්‌ ගමන් කිරීම තමයි ග්‍රහ මාරුවක්‌ කියා කියන්නෙ.

පසුගියදා සිදු වූ බ්‍රහස්‌පති ග්‍රහයාගේ ග්‍රහමාරුව සිදු වූයේ කොතරම් කාලයකට පසුවද?

බ්‍රහස්‌පති කියා හැඳින්වෙන්නෙ zzගුරුZZ ට. මේ සිදු වූ ගුරු මාරුව සිදුවූයේ වසර 12 කට පසුව. මීට පෙර 2000 වසරේදීත් ඊටත් පෙර 1988 වසරේදීත් ගුරු මාරුව සිදු වුණා. ගුරු කියන්නෙ ග්‍රහ මණ්‌ඩලයෙ සිටින විශාලම ග්‍රහයා. එයා හෙමින් ගමන් කරනව වුණාට. මිනිස්‌සුන්ට එයාගෙ බලපෑම් වැඩියි. දැන් බලන්න අපි මොකක්‌ හරි වස්‌තුවකට ටෝච් එළිය අල්ලගෙන ටිකක්‌ බලා හිටියොත් එතෙන්ට ගොඩක්‌වෙලා එළිය රැඳෙනව. ඒත් ටෝච් එළිය අල්ලාගෙන වේගයෙන් (චලනය කළොත්) ගමන් කළොත් එක තැනක එළිය රැඳෙන කාල සීමාව අඩුයි. ග්‍රහයෙක්‌ගෙ ගමන් වේගය අඩු නිසා සිදුවන බලපෑම වැඩි වෙන්නෙත් හරියට ඒ වගෙ.

ගුරු හෙවත් බ්‍රහස්‌පති මිනිස්‌සුන්ට යහපත් ග්‍රහයෙක්‌ද අයහපත් ග්‍රහයෙක්‌ද?.

ග්‍රහ මණ්‌ඩලයෙ සුබ ග්‍රහයින් ලෙස සැලකෙන ග්‍රහයින් අතරට තමයි ගුරු ග්‍රහයා අයත් වෙන්නෙ. බුධ, සිකුරා, චන්ද්‍රයා අනෙකුත් සුබ ග්‍රහයින් ලෙස සැලකෙනව. ඉතිං සුබ ග්‍රහයින්ගෙ රාශි මාරුව සාමාන්‍යයෙන් යහපත් ප්‍රතිඵලත් අසුබ ග්‍රහයින්ගෙ රාශි මාරුව අයහපත් ප්‍රතිඵලත් ගෙන දෙනවා. පාපග්‍රහයින්ගෙ රාශි මාරුවට සාමාන්‍යයෙන් මිනිස්‌සු බය ඒකයි.

ගුරු කියන්නේ සුබ ග්‍රහයෙක්‌ නම් ඇයි මේ ගුරු මාරුව අවදානම් කියා ඇතැමුන් සිතන්නේ.?

ඒකට හේතුව මේකයි. එක අතකින් ගුරු කියන්නෙ ග්‍රහ මණ්‌ඩලෙ ඤාණ කාරක ග්‍රහයට. ඒ වගේම විශාලතම ග්‍රහයට. අනෙක්‌ පැත්තෙන් ගුරුට තියනව පුත්‍ර කාරක අයිතියක්‌. ඒ කියන්නෙ අපි හැමෝම මව්වුරු නම් අපේ දරුවන් ඔක්‌කොම පාලනය කරන්නෙ ගුරු. ගුරු යම් නැකතක, යම් අංශයක, යම් රාශියක හිටියද ඒ කෙනාගේ මුළුÊජීවිත කාලයටම බලපානව. ඇතැම් අයගෙ දරුවන් උත්තරීතර වෙන්න. දරුවන් නැතිවෙන්න බලපාන්නෙ බ්‍රහස්‌පතිගෙ (ගුරු) පිහිටීම, හැබැයි ඒක කෙනකුගෙ කර්ම ශක්‌තිය අනුව වෙනස්‌ වෙන්නෙ පුළුවන්. කොහොම නමුත් ගුරු මාරුව ගැන මිනිස්‌සුන්ගෙ අවධානය මේ තරම් යොමු වී තියන්නෙ ගුරු මේෂ රාශියෙ සිට වෘෂභ රාශියට එනකොට සෙනසුරු තව සතියකින් තුලා රාශියේ සිට කන්‍යා රාශියට පැමිණෙන නිසා.

ඔය අතර රාහුගෙ පොඩි පොඩි වෙනස්‌ වීමුත් තියනව. මේ විදියට ළඟ ළඟ සෙමින් ගමන් කරන ග්‍රහයින් තුන් දෙනෙක්‌ගෙ මාරු වීම රටටත්, ලෝකයටත් තනි තනිව පුද්ගලයන්ටත් බලපෑමක්‌ කරනව. ඒ හේතුව නිසා තමයි බොහෝ දෙනෙක්‌ගෙ අවධානය මේ ග්‍රහ මාරුව දෙස යොමු වී තිබෙන්නෙ.

අපේ රටට මේ ගුරු මාරුව මොන විදියෙ බලපෑමක්‌ කරයිද?

අපි සෞරග්‍රහ මණ්‌ඩලයෙ සිටින්නෙ සිකුරු සහ අඟහරු ග්‍රහයා අතරනෙ. අනෙක්‌ හැම ග්‍රහයන්ටම වඩා මේ දෙන්නගෙ බලපෑම අපට වැඩියි. බ්‍රහස්‌පතී (ගුරු) සුබ පල ගෙන දෙන ග්‍රහයෙක්‌ නිසා බ්‍රහස්‌පතීගෙ ගමනින් බොහෝ විට සුබ ඵලයක්‌මයි ගෙන දෙන්නෙ. නරකක්‌ වෙනවා නම් ඒ අවදානම තියෙන්නෙ ලග්න දෙකකට විතරයි. ඒ සිංහ ලග්නයට සහ වෘෂභ ලග්නයට. අටේ රාශියේ අයිතිකාරයා තමයි වෘෂභ. ඕනම කෙනකුට අට දුෂ්ට රාශියක්‌ ලෙසයි සැලකෙන්නෙ. සිංහ ලග්නයටත් අටේ අයිතියක්‌ තියෙනව. රවි චන්ද්‍ර දෙක ඇරුණම අනෙක්‌ හැම දෙනාටම රාශි දෙක දෙක අයිතියි. මෙතෙක්‌ කල් ගුරු හිටියෙ අඟහරුගෙ ගෙදර. අඟහරු කියන්නෙ විප්ලවවාදී ගති ලක්‌ෂණ තියෙන ග්‍රහයෙක්‌. පසුගිය කාලෙ අපේ රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විවිධ විප්ලවකාරී නැගිටීම් ඇති වුණා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙ නැගිටීමක්‌ සිදු වුණාම එහෙම වුණේ ගුරු අධ්‍යාපනයට අධිපති ග්‍රහයා වගේම ගුරු හිටියෙ විප්ලවකාරී ග්‍රහයෙකු වන අඟහරුගෙ ගෙදර නිසා. මොකද තමන්ගෙ ගෙදරට කුමන ග්‍රහයා ආවත් ඒ ගෙදර අයිති කෙනාගෙ බලය ඉස්‌මතු වෙනව. දැන් මේ ගුරු එන්නෙ වෘෂභගෙ ගෙදරට. වෘෂභගෙ ගෙදර තියෙන්නෙ සිකුරගෙ ගෙදර. සිකුරු හරියට සියුමැලි කාන්තාවක්‌ වගේ. මනුෂ්‍යත්වය ආරෝපණය කළාම එහෙමයි හැඳින්වෙන්නෙ. ඉතිං බ්‍රහස්‌පතී කියන වැදගතා ගෙදරකට එනකොට එන්නෙ චණ්‌ඩියෙක්‌ වගේ නෙමේනෙ. හැබැයි සිකුරා ලෞකික පැත්තට බරයි. ගුරු ලෝකෝත්තර පැත්තට බරයි. මේ දෙකේ ගැටීම නිසා සම මට්‌ටමේ ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන්. කොහොම නමුත් මේ ගුරු මාරුව නිසා වර්තමාන අධ්‍යාපන තත්ත්වය වෙනස්‌ වෙන්න පුළුවන්. විශේෂයෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අලුත් උපදේශක මණ්‌ඩලයක්‌ පත් කරන්න තියෙන ඉඩකඩ වැඩියි. අනික තරුණ සහ ළමා වයස යන සමාජයේ වැඩි කොටසක්‌ නියෝජනය කරන්නෙ බ්‍රහස්‌පති. මහලු වයසෙ අය නියෝජනය කරන්නෙ සෙනසුරු. ඉතිං බ්‍රහස්‌පති හොඳ තැනකට පැමිණෙනව කියන්නෙ මේ රටේ තරුණ සහ ළමා පරපුරට පොදුවෙ හොඳ කාලයක්‌ පැමිණෙනවා කියන එකයි. අනික ලබන වසර වෙනකොට ගුරු තවත් හොඳ රාශියක්‌ වන මිථුනට පැමිණෙනව. 2014 වෙනකොට ඊටත් වඩා හොඳ කටක රාශියට පැමිණෙනව. ඉතිං ගුරු මේ යන ආරෝහණ ගමන ඉදිරියට සුබයි. ලංකා කේන්ද්‍රයට අනුව ගුරු මේ ආවෙ හතරවන රාශියට නිසා ගේ දොර ඉඩකඩම් ලැබීම තියනව. ඒ කියන්නෙ භූමියෙ තිබෙන ආරවුල් විසඳීමේ අවකාශය වැඩියි.

හැබැයි රට පාලනය කරන නායකයගෙ කේන්දරයට මේ ග්‍රහ මාරුවෙන් සිදුවන බලපෑම රටටත් බලපානව. ජනාධිපතිතුමා කන්‍යා ලග්නයේනෙ. ඒ කේන්දරේට අනුව ගුරු අටේ ඉඳල නවයට යන්නෙ. මෙතෙක්‌ ගුරු ඉඳල තියෙන්නෙ නරකම තැනක. නවය හොඳයි. ඒ අනුව එතුමාට ප්‍රසන්න සිතුවිලි පහල වෙන්න පුළුවන්. අනුකම්පා සහගත සිතුවිලි පහල වෙනව. එකනෙ ගුරු නවයට කිට්‌ටු වෙනකොට සරත් ෙµdන්සේකා නිදහස්‌ කරන්න වගේ සිතුවිලි පහල වෙන්නෙ.

ඔබට කොහොමද

පොදුවෙ ගෙන එක්‌ එක්‌ ලග්නයට මෙහි සුබ අසුබ බලපාන ආකාරය පැහැදිලි කළොත්.

මේෂ ලග්නයේ ගුරු පැමිණෙන්නෙ දෙවැන්නට. දෙවැන්න කියන්නෙ ධනස්‌ථානය. නවයේ ග්‍රහයා දෙවැන්නට පැමිණියා කියන්නෙ පෙර කළ කුසල පලදී ධන සම්පත් හිමිවීමේ වාසනාව හිමිවීමට ඉඩකඩ වැඩියි කියන එක. මේ ග්‍රහ මාරුවත් සමග එළැඹෙන වසර මේෂ ලග්නයට වඩා හොඳ වසරක්‌ වෙනව.

වෘෂභ ලග්නයේ ගුරු පැමිණෙන්නෙ පළමු තැනට. ගුරු පළමු තැනට එනව කියන්නෙ කෝපයෙන් සිටිය කෙනෙක්‌ නම් නිවුණු ගති සිතිවිලි ඇති වෙනව. බුද්ධිමත් බව වැඩිවෙනවා. දියුණුව කෙරෙහි සිත යොමු වෙනවා. වෘෂභ ලග්න හිමියන්ටත් මේ ගුරු මාරුවෙන් නරකක්‌ වෙන්නෙ නෑ.

මිථුන ලග්නයේ ගුරු පැමිණෙන්නෙ දොළොස්‌වැන්නට. දොළොස්‌ වැන්නෙන් සාගරය ගැන කියෑවෙනව. ඉතිං දෙවැන්නට උච්ච, හත්වැන්නට සහ දහවැන්නට අධිපති ග්‍රහයා දොළහේ ගමන් කරන කොට එයා ඥනවන්ත ග්‍රහයෙක්‌ නිසා විදෙස්‌ අධ්‍යාපනය සඳහා නැඹුරු කරනව. ඒකට එයාගෙ පස්‌වැන්න, එකොළොස්‌වැන්න වගේ ධන කාරක ශක්‌තිමත් නම් ඒවා ඒ ඒ ඵල ගෙන දෙනව.

කේන්දරයක එකොළහ කියන්නෙ අයස්‌ථානයට. කටක ලග්නයේ එකොළොස්‌වැන්නටයි ගුරු පැමිණියෙ. අයස්‌ථානය කියා කියන්නෙ ආදායම. ඉතිං එකොළහට ගුරු පැමිණීම සුබ වෙන්නෙ එකොළහෙ" මේෂ, කටක (බාධක රාශි) වගේ චර රාශියක්‌ නොවන අයටයි. අනෙක්‌ අයට සමාන පල ගෙන දෙන්නෙ.

සිංහ ලග්නයට අනුව ගුරු පැමිණ ඇත්තෙ දහවැන්නට. මම මුලින් සඳහන් කළා බ්‍රහස්‌පතිටයි සිංහ ලග්නයටයි අට අධිපති නෑකමක්‌ තියනව කියල. අට අධිපති කියන්නෙ දුෂ්ට ග්‍රහයා කියාත් කීවා. ගුරු මේ අටේ නෑකම නිසා පොඩි දුශ්ශීල ගතියකුත් තියෙනව. ඒත් එය වෙනස්‌ කරන්නෙ දහවැන්න. දහවැන්නෙ ගුරු ගමන් කරන සිංහ ලග්න හිමියන්ගෙ රැකියාවෙ වෙනසක්‌ ඇතිවෙන්න ඉඩ තියෙනව. ඒක වෙන්නෙ කොහොමද කියල මීට වසර දොළහකට පෙර (2000 වසරේ) සිංහ ලග්න හිමියන්ගෙ රැකියා තත්ත්වය සංසන්දනාත්මකව බලාගත හැකියි.

කන්‍යා ලග්නයට ගුරු පැමිණියේ නව වැන්නට. නවය කියන්නෙ භාග්‍යවන්ත ස්‌ථානයක්‌. ගුරු කන්‍යා ලග්නයෙ නවයට ආව කියන්නෙ සැදැහැවන්තයෙක්‌ පන්සල් ගියා වගෙ. සැදැහැවන්තයෙක්‌ පන්සල් ගියාම නිකන් කෙනෙක්‌ පන්සල් ගියා වගේ නෙමේනෙ. හරියට වත් පිළිවෙත් කරනව. එතකොට ලැබෙන ගුණ වැඩියි. කන්‍යා ලග්නයෙ අයට මේ නිසා ඉතා යහපත් සිතිවිලි පහලවීමේ ප්‍රවණතාවක්‌ ඇතිවෙනවා. හැබැයි අතුරු දසාවන් අනුව මේවා වෙනස්‌ වෙනව.

තුලාවෙ ගුරු පැමිණෙන්නෙ දුෂ්ට රාශියකට. ඒ කියන්නෙ අටට. අට කියන්නෙ ගුරු අයිති තැනක්‌. කෙනෙක්‌ තමන්ගෙ ගෙදරට ගියාම ගෙදරට හානියක්‌ කරන්නෙ නෑ වගෙ තුලා ලග්නයට පොදුවෙ මේ ග්‍රහ මාරුවෙන් හානියක්‌ නෑ.

වෘශ්චික ලග්නයේ ගුරු ආවෙ හතට. හත විවාහක රාශිය ලෙසයි සැලකෙන්නෙ. දෙක අයිතිකාරයා තමයි ඔය හතට එන්නෙ. අනිත් එක්‌කෙනා පහ අයිතිකාරයා. මේ දෙන්නා හතට ආවම හතේ ඉන්න ග්‍රහයා කේන්ද්‍රගතවීමේ වාසියක්‌ ඇතිවෙනව. ඒ නිසා විවාහ යෝජනා එන්න පුළුවන්. දරුවන්ගෙ පැත්තට ධනය පැත්තට වාසි සහගත බවක්‌ ඇතිවෙනව. හැබැයි ගුරු කියන ග්‍රහයා හැම විටම යමක්‌ තෝරන ස්‌වභාවයක්‌ තියනව. මේ නිසා විවාහ යෝජනා ආවම ප්‍රමාද වෙන්න පුළුවන්.

ධනු ලග්නයේ එන්නෙ හයට. හයත් දුෂ්ට රාශියක්‌. හයෙන් කතා කරන්නෙ නඩු හබ. ලෙඩ රෝග සතුරු කරදර වගේ දේවල්. සුබ ග්‍රහයෙක්‌ හයට ආව කියන්නෙ කෙනකුට දීර්ඝ කාලීන ලෙඩ රෝග තිබුණා නම් සුව වෙන්නත් නඩු හබ විසඳෙන්නත් පුළුවන්. සතුරු කරදර පසු බසින බවක්‌ පෙනෙනව.

මකර ලග්නයේ ගුරු පැමිණියේ පස්‌වැන්නට. පුත්‍ර කාරක අයිතිකාරක රාශි ග්‍රහයා පුත්‍ර කාරක රාශියට ආවම කාරකයේ භාවය නසනව. ඒ කියන්නෙ අනර්ථකාරීව කියන එක නෙවෙයි. යම් කිසි දෙයකින් ලබන ඵලය යම් ප්‍රමාණයකට අඩු කරනව කියන එක.

කුම්භ ලග්නයේ ගුරු පැමිණ ඇත්තෙ හතරට. ගුරු හතරට ආව කියන්නෙ සැප පහසුව ලබා දෙනවා කියන එකයි. උදාහරණයක්‌ විදියට. කුම්භ ලග්න හිමියන්ට වාහනයක්‌ ගන්න, තියන ගේ කට තම කොටසක්‌ එකතු කරගන්න වගේ දේවල් කරගන්න හැකියාවක්‌ ඇති වෙනව.

ගුරු තුන්වැනි රාශියට පැමිණෙන්නෙ මීන ලග්නය. තුන කියන්නෙත් බ්‍රහස්‌පතිට අයිති තැනක්‌. අනික තුන්වැන්නෙන් කියෑවෙන වික්‍රමයන් ගැන. මේ නිසා සහෝදරයන්ගෙන් ලැබෙන උදව් පදව් ලැබීමේ අවස්‌ථාව උදා වෙනව. ඒ වගේම හොඳ දේවල් වලින් ප්‍රසිද්ධියක්‌ ඇතිවෙන්න පුළුවන්.

මේ සියලු සුබ අසුබ ඵල ගැන උනන්දු විය යුත්තේ. කෙනෙක්‌ ජ්‍යෙdතිෂය පිළිගන්නවා නම්නෙ. නමුත් බෞද්ධයින් මෙය විශ්වාස කළ යුතුද? නැකත් ශාස්‌ත්‍රයෙන් මිනිසාට බලපෑමක්‌ කළ නොහැකි බව නේද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ?

කව්ද කියන්නෙ බුදු හාමුදුරුවො ජ්‍යෙdතිෂය බොරුයි කියා දේශනා කළා කියල. ගිහි ගෙයින් නික්‌මෙන මහණදම් පිරීමට එන අයටයි ඉන් ප්‍රයෝජනයක්‌ නෑ කියා දේශනා කළේ. එහෙනම් ඇයි නක්‌කත්ථ යක්‌ක භූතාන පාපග්‍රහ නිවාරණො කියල පිරිත්වලින් ග්‍රහ දොaෂ නිවාරණය කරන්න කියා කියන්නෙ.

සාකච්ඡා කළේ තිස්‌ස ගුණතිලක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.