එජාපයත් ජවිපෙත් දෙලොවක්‌ අතර!
ෆොන්සේකාගේ හෙට ගැන තීරණය පසුවට
- අනෝමා 'දිවයින'ට කියයි

නෝමන් පලිහවඩන

ජනාධිපති සමාවක්‌ යටතේ නිදහස ලැබූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා දේශපාලන කටයුතුවලින් තොරව දින කිහිපයක්‌ විවේක සුවයෙන් පසුවනු ඇතැයි ද ඒ මහතාගේ හෙට දවස හා දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳව පසුව තීරණයක්‌ ගන්නා බව ද අනෝමා ෆොන්සේකා මහත්මිය "දිවයින ඉරිදා සංග්‍රහය" ට විශේෂ ප්‍රකාශයක්‌ කරමින් කියා සිටියාය.

සරත් ෆොන්සේකා මහතාගේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව විවේකය අවශ්‍ය බව පැවසූ එම මහත්මිය ඉන්පසු ෆොන්සේකා මහතා දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධව තීරණයක්‌ ගනු ඇතැයි ද කීවාය. මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවසුවේ සරත් ෆොන්සේකා මහතා එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ සම්බන්ධවීමට සූදානම් නම් ඒ සම්බන්ධව පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය සමඟ සාකච්ඡා කර තීරණයකට පැමිණිය හැකි බවය.

ජනතා විමුක්‌ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ සරත් ෆොන්සේකා මහතා තම පක්‍ෂයේ සාමාජිකයෙක්‌ නොවන නිසා ජ.වි.පෙ. සමඟ සම්බන්ධ වන ලෙස ඉල්ලීමක්‌ කළ නොහැකි බවත් ෆොන්සේකා මහතා ගනු ලබන තීරණය අනුව සෑම දෙයක්‌ම සිදුවන බවත්ය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.