දේශපාලන විසඳුම් සාකච්ඡාවලට එජාපයත්
ද්‍රවිඩ ජාතික සන්ධානයත් ඕනෑ


පියසේන දිසානායක

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එක්‌සත් ජාතික පක්‌ෂය සහ දෙමළ ජාතික සන්ධානය සහභාගි වන්නේ නම් දේශපාලන විසඳුමක්‌ සඳහා වන මූලික සාකච්ඡා ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

ආණ්‌ඩුව සහ එක්‌සත් ජාතික පක්‌ෂය අතර පසුගිය සතියේ සිදු වූ හමුවේදී මතු වූ මූලික කරුණු පදනම් කර ගනිමින් නිශ්චිත වූ න්‍යාය පත්‍රයක්‌ යටතේ මෙම සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ආණ්‌ඩුව විසින් සකස්‌ කරන ලද න්‍යාය පත්‍රය සම්බන්ධව එක්‌සත් ජාතික පක්‌ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව එහි සුළු සංශෝධනයක්‌ සඳහා නැවත ආණ්‌ඩුවට යොමු කර ඇත.

මේ පිළිබඳව ආණ්‌ඩුවේ ප්‍රතිචාරය ලැබුණ වහා ඉදිරි දින කීපය තුළ තේරීම් කාරක සභාවට සහභාගි වෙනවාද නැද්ද යන්න පිළිබඳව එක්‌සත් ජාතික පක්‌ෂයේ සහ දෙමළ ජාතික සන්ධානයේ ස්‌ථාවරය ආණ්‌ඩුවට දැනුම් දීමට නියමිතය.

තේරීම් කාරක සභාවට ජනතා විමුක්‌ති පෙරමුණ සහභාගි කරවා ගැනීම සඳහා අදාළ න්‍යාය පත්‍රය ගැන එම පෙරමුණ සමගද එක්‌සත් ජාතික පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාකච්ඡා ආරම්භ කර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.