ඛනිජ තෙල් ලොක්‌කෙකුට කෝටි ගණනක සැප රියක්‌

ශිරාන් රණසිංහ

ලංකා ඛනිජ තෙල් පර්යන්ත සමාගමෙහි සභාපති හා කළමනාකරණ අධ්‍යක්‍ෂ තනතුර දරන නිලධාරියාගේ පරිහරණය සඳහා අතිසුඛෝපභෝගී වාහනයක්‌ මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවා ඇතැයි එහි වෘත්තීය සමිති නායකයෝ පවසති.

2006 වසරේ සිට මේ දක්‌වා රුපියල් කෝටි එකහමාරක්‌ පමණ වටිනා මොන්ටේරෝ රථ පහක්‌ ආයතනයේ ප්‍රධානියාගේ පරිහරණය සඳහා මිලදී ගත්තද ඒවාට සිදුවී ඇති දේවල් පිළිබඳ කිසිදු සොයා බැලීමක්‌ නොමැති බවද වෘත්තීය සමිති නායකයෝ කියති.

ලැබී තිබෙන තොරතුරු වලට අනුව නම් මීට පෙරාතුව ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැතිවරයකු නම් එවැනි මොන්ටේරෝ රථයක්‌ රැගෙන ගිය බවද වෘත්තීය සමිති නායකයෝ හෙළි කරති.

මේ වනවිට ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමෙහි (සී. පී.එස්‌. ටී.එල්.) වාහන වලින් සියයට හතළිහක්‌ පමණ නඩත්තු සඳහා ගාල්කර ඇති අතර ඒවා අලුත්වැඩියා කිරීමට මුදල් නොමැති බවද වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති. එලෙස මූල්‍ය අර්බුදයකට ගොස්‌ තිබෙන ආයතනයේ ප්‍රධානියාට රුපියල් කෝටි ගණනක්‌ වැයකොට අලුතින් වාහනයක්‌ මිලදී ගැනීමට යැම සාධාරණදැයි ඔවුහු විමසා සිටිති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.