විශ්වවිද්‍යාල නායකත්ව පුහුණුවට නීතිපතිගෙන් අවසර ඉල්ලයි

නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන නවක සිසු සිසුවියන්ට නායකත්ව පුහුණුව ලබාදීම සඳහා උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය නීතිපති දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා ඇත.

මෙම සිසු සිසුවියන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්‌ විභාග වන හෙයින් නායකත්ව පුහුණුව ආරම්භ කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අවසරය ඉල්ලූ බව අමාත්‍යංශයේ අතිරේක ලේකම් පී. ජී. ජයසිංහ මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

නායකත්ව පුහුණුවේ මුල් අදියර මෙම මස 27 වැනිදා ආරම්භ කිරීමට අමාත්‍යංශය සූදානමින් සිටින අතර ඒ සඳහා ඉහළම ලකුණු ලබාගත් සිසු සිසුවියන් දසදහසක්‌ සහභාගි කර ගැනීමට නියමිතය. නායකත්ව පුහුණුව සඳහා කැඳවීම් ලිපි යවන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ අවසරය ලැබීමෙන් පසුව යෑයිද අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.