යාපනේ නොගිය ලැයිස්‌තුව හෙට එජාප
කෘත්‍යාධිකාරි මණ්‌ඩලයට


පියසේන දිසානායක

ඒකාබද්ධ විපක්‌ෂය යාපනයේදී පැවැත්වූ මැයි දින රැලියට සහභාගි නොවූ හා වගකීම් ඉටු නොකළ එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රීවරු හා ක්‍රියාකාරීන් සම්බන්ධව කරුණු ගොනු කරමින් සකස්‌ කළ වාර්තාව හෙට (21 දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට ඉදිරිපත් කරනු  ලබයි. එක්‌සත් ජාතික පක්‌ෂයේ නායක සහ විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ දැනුම්දීමකට අනුව පක්‌ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා විසින් මෙම සවිස්‌තර වාර්තාව සකස්‌ කර තිබේ.

එක්‌සත් ජාතික පක්‌ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රෙAමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජීව සේනසිංහ, දිලීප් වෙදආරච්චි යන මහත්වරු සහ රෝසි සේනානායක මහත්මිය මැයි දින රැලියට සහභාගි නොවන බව දැනුම් දී ඇතත් කරු ජයසූරිය , රංජිත් මද්දුම බණ්‌ඩාර, දයාසිරි ජයසේකර, බුද්ධික පතිරණ, අශෝක්‌ අබේසිංහ යන මන්ත්‍රීවරු සහ තලතා අතුකෝරාළ මන්ත්‍රිනිය එවැනි දැනුම් දීමත් නොකරර මැයිදින රැලියට සහභාගි නොවූ බව එක්‌සත් ජාතික පක්‌ෂය පවසයි.

මේ අතර පළාත් සභා ප්‍රාදේශීය සභා හා නගර සභාවල මහජන නියෝජිතයන් හා ක්‍රියාකාරීන් කිහිප දෙනෙක්‌ කිසිදු දැනුම් දීමකින් තොරව මැයි දිනයට සහභාගි වීමෙන් වැළකී ඇත.

මේ අය සම්බන්ධව ගත යුතු පියවර කෘත්‍යාධිකාරි මණ්‌ඩලයේදී ගැනීමට නියමිත බව එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.