දේශපාලන බලවතෙක්‌ නකල්ස්‌ වනාන්තරයට ඉව අල්ලයි

සිරිමන්ත රත්නසේකර

ලෝක උරුම නකල්ස්‌ සංරක්‌ෂිත වනාන්තර කලාපය පටු කිරීම සඳහාවූ යෝජනාවක්‌
මාතලේ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන ප්‍රබල දේශපාලන බලවතකු විසින් ගෙන ඒමේ සූදානමක්‌ පවතින බව "දිවයින ඉරිදා සංග්‍රහය"ට වාර්තා වේ.

ඉකුත්දා පැවැති දිස්‌ත්‍රික්‌ කමිටු රැස්‌වීමේදී මේ පිළිබඳ වූ මූලික යෝජනාවක්‌ ගෙනවිත් ඇති බවද දැනගන්නට තිබේ.

ලෝක උරුම නකල්ස්‌ රක්‌ෂිත වනාන්තර කලාපය පටු කිරීමෙන් නකල්ස්‌ සංවේදී කලාපය ද පටුවන අතර එසේ කිරීමෙන් එම සංවේදී කලාපයේ ඉදිකර ඇති නීති විරෝධී හෝටල්, අවන්හල් ඇතුළු ඉදිකිරීම් සඳහා නීත්‍යානුකූලතාවක්‌ ලබා ගැනීමට හැකිවන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

මෙම යෝජනාවේ උත්සාහයද අනවසර ඉදිකිරීම් සඳහා නීත්‍යානුකූල භාවය ලබා ගැනීම බවද පරිසර ක්‍රියාකාරියකු "දිවයින ඉරිදා සංග්‍රහය"ට සඳහන් කළේය.

මේ පිළිබඳව වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ විමසුමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ එවැනි වූ යෝජනාවක්‌ පිළිබඳව මේ වනතෙක්‌ දැනුම් දී නොමැති බවය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.