විද්‍යාපීඨ ගුරු සිසුන් 3500 කට පත්වීම් නෑ

කරුණාරත්න ගමගේ

අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව ලැබූ ගුරු ශිෂ්‍ය - ශිෂ්‍යාවන් 3,500 කට පමණ මෙතෙක්‌ ගුරු පත්වීම් පිරිනමා නොමැත.

දිවයින පුරා පිහිටි අධ්‍යාපන විද්‍යාපීඨ 17 කට අයත් මෙම ගුරු සිසු සිසුවියන් පුහුණුව අවසන් කොට ඇත්තේ පසුගිය වසරේ (2011) දෙසැම්බර් මාසයේදීය.

2012 වසරේ ජනවාරි මාසයේදී ගුරු පත්වීම් ලැබීමට නියමිතව සිටි මොවුහු මේ වන විට රැකියා විරහිතව නිවෙස්‌වල පසුවෙති.

අවුරුදු දෙකක කාලයක්‌ විද්‍යාපීඨවල නේවාසික පුහුණුවක්‌ද, රජයේ පාසල්වල එක්‌ අවුරුදු නේවාසික පුහුණුවක්‌ද අවසන් කොට සිටින තමන්ට ගුරු පත්වීම් ලබාදීමට තවමත් කටයුතු නොකරන්නේ මන්දැයි එම ගුරු ශිෂ්‍ය - ශිෂ්‍යාවෝ අධ්‍යාපන බලධාරීන්ගෙන් ප්‍රශ්න කරති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.