ශ්‍රී ලංකාව බෙදන්න බෑ - එරික්‌ සෝල්හයිම්

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ හෝ නැවත වරක්‌ ආයුධ සන්නද්ධ අරගලයක්‌ කිරීමට නොහැකි බව නෝර්වේ හිටපු අමාත්‍ය එරික්‌ සෝල්හයිම් පවසයි. ඔහු මේ බව පැවසුවේ නෝර්වේ පාර්ලිමේන්තු ශාලාවේදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරෙන් ප්‍රේමචන්ද්‍ර හා ද්‍රවිඩ ඩයස්‌ පෝරාව අමතමිනි.

ශ්‍රී ලංකාව බහු ආගමික බහු වාර්ගික හා බහු සංස්‌කෘතික රටක් එම තත්ත්වය මත ශ්‍රී ලංකාවේ වෙනම රටක්‌ පිහිටුවන්න බැහැ යෑයි සෝල්හයිම් කියා සිටියේය.

රජීව් ගාන්ධිව මැරුවේ ප්‍රභාකරන් බව අපි දන්නවා. මෙක්‌සිකෝවේ පිරිසක්‌ ඇමරිකානු ජනාධිපතිව මැරුවා නම් ඇමරිකාව බලගතු ප්‍රහාරයක්‌ එල්ල කරනවා යෑයි හෙතෙම පළ කළේය.

ශ්‍රී ලංකාවේ අර්බුදයට එකම විසඳුම පෙඩරල් විසඳුමක්‌ බවද සෝල්හයිම් තවදුරටත් පළ කළේය.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.