වෙස්‌ මුහුණු බැදන් ආවත් නැහැ
අපි රැවටෙන්නේ...


පසුගිය දවස්‌වල කම්බස්‌ වෙලා තිබුණ ත්‍රිකට්‌ කොමිටලේ මේ දවස්‌වල ක්‌ලියර් කරගෙන යනවද කියල බලන්න තෙවැනි විනිසුරු දවසක්‌ ඇස්‌.ඇස්‌.සී එකේ බැල්කෙනියට ගියා. එතන තිබුණ පරණ පේපර් කටින් එහෙක තියෙනවලු ධර්මෙ ලොක්‌කගෙ ඉන්ටර්විව් එකක්‌. ඒකෙ ලොකුවට තියෙනවලු කොමිටලේ ස්‌ටාෆ් එක අඩුකරනවා කියල ධර්මෙ ලොක්‌ක කියපු කතාවක්‌.

පේපර් කටින් එක බල බල ඉන්න තෙවැනි විනිසුරුට පල්ලෙහා පාර්ක්‌ එකේ ත්‍රීවිල් හාදයෙක්‌ පොඩි සෝන්ග් එකක්‌ මුමුණනවා ඇහුණ හින්ද ඒ පැත්ත බැලුවලු. බැලින්නම් හුසේ කියල පොරක්‌ ආයිත් කොමිටලේ ප්‍රොaගෑම්ස්‌ එකකට එන්ටර් වෙලා හින්ද ත්‍රීවීල් හාදය එයාට ඇහෙන්න මෙහෙම කියනවලු. 'වෙස්‌ මුහුණු බැදන් ආවත් නැහැ අපි රැවටෙන්නේ. හු හු' වෙස්‌ මුහුණු බැදන් ආවත් නැහැ අපි රැවටෙන්නේ කියල' මේ හුට පටය මොකක්‌ද කියල තෙවැනි විනිසුරු විපරම් කරන කොට ත්‍රීවීල් හාදයට ඔරවා ඔරවා හුසේ කියන හාදයා කොමිටලේ ඇතුලට රිංගලා. බැලින්නම් මෙයා ඉස්‌සර ඇෆ්රිඩිලාගෙ ටීම් එක මෙහෙ එන වෙලාවට සපෝටර් එකට හිටපු හාදයලු.

ඒ කාලෙ සපෝටර් වැඩේ බම්බුවට දාල අඩියක්‌ පුඩියක්‌ ගහගෙන බඹරා වගේ ඇෆ්රිඩිලාගෙ ටීම් එකේ ගයිස්‌ල එක්‌කයි වටේ පිටේ කස්‌ටිය එක්‌කයි ඩෝප් මරගාතෙ යකා නටපු හුසේට තමයි ත්‍රීවීල් හාදයා මෙහෙම නෝන්ඩි ටෝකක්‌ දාල තියෙන්නෙ. පස්‌සෙ එලවලා දාපු හුසේ ආයිත් ඔන්න ධර්මෙ ලොක්‌ක මහ පුටුවට ආපු ගමන් එන්ට්‍ර වෙලා තියෙන්නෙ ඇෆ්රිඩිලාගේ සෙට්‌ එකට සපෝට්‌ කරන්නලු. ඉතිං මුන්ව තෝරන්නෙත් කොමිටලේ විකාර මැනේජර්ස්‌ල නොවැ. හතරගාතෙ දාගෙන හරි කමක්‌ නැහැ මොකෙක්‌ හරි ගොට්‌ටෙක්‌ දානවනම් කියල හුසේට ආයිත් ඒ පෝස්‌ට්‌ එක දෙන්න ඇති.

'මොකක්‌ද මල්ලි ඔයා ආටා එකට වෙලා කියන සෝන්ග් එක' කියල තෙවැනි විනිසුරු ත්‍රීවිල් මල්ලිගෙන් ඇහුවම එයා කිව්වලු. 'ධර්මෙ ලොක්‌ක හිටියත් ඩීපුස්‌ හිටියත් එන්නෙ පරණ සැට්‌ එක හින්ද මම ෆන් එකට උන්ට ඇහෙන්න මේ සින්දුව කියනව කියල.

'මල්ලි විකාර කියනවා. මේ තියෙන්නෙ ධර්මෙ ලොක්‌කා මිරිඩියා එකට කියපු ටෝකක්‌. මේ තියෙන්නෙ ස්‌ටාෆ් අඩු කරනවා කියල ලොකු අකුරෙන්'

'මොන අඩුද අයියා. ධර්මෙ සෑර් එහෙන් මෙහෙට අදිනවා. මෙහෙන් එහෙට අදිනවා. කස්‌ටිය ට්‍රන්සර් විතරයි. ස්‌ටාෆ් එකේ අඩු වෙලා තියෙන්නෙ අර ග්‍රවුන්ඩ්ස්‌ බෝයිස්‌ල ටික විතරයි. කෝට්‌ කාරයන්ට ෆsෆ්ටි ප්‍රසන්ට්‌ දීලා උන්ව තියාගත්තා. කන්ට්‍රැක්‌ දික්‌ කරා. මම ඉතින් ආටා එකේ ඉන්න ගමන් මේ ඔක්‌කොම ජැඡ් කරනවනෙ අයියා.'

'මල්ලි මමත් හොඳ ජැඡ් කෙනෙක්‌ තමයි.' ඒකයි මේ පැත්තට ආවෙ.' කියල තෙවැනි විනිසුරු ආයිත් කොමිටලේ පැත්තට යනකොට සුර බෙල්ලෙ දාගෙන ඉන්න ගෝල්ඩ් එකේ වර්ණ අයියත් කොමිටලේ ඇතුළට ආවා. සිකා එකක්‌ උර උර ලෝඩ් මෑන් වගේ වර්ණෙ අයිය උජාරුවෙන් ධර්මෙ ලොක්‌ක ඉන්න පැත්තට ගියා.

මොකද වර්ණෙ තමයි දැන් ධර්මෙ ලොක්‌කගෙ ගොඩක්‌ ගේම් හැඩල් කරන්නෙ. වර්ණෙ ඉතිං දැන් ගෝල්වලට වැඩිය කලම්බු ටුවර්ස්‌ තමයි. මොකද ඉතිං මේක කටුස්‌සගෙ කරේ රත්තරන් බැන්ද වගේ වැඩක්‌නෙ. කොමිටලේට කිට්‌ටු වුණ එකෙක්‌ මඩ නාගත්තත් මනී වලින් ගොඩ යන එකේ වර්ණෙ අයිය ඉතිං ධර්මෙ ලොක්‌ක ගාවින් හිටියට අපිට මොකැ කියල විනිසුරු ආයිත් ආටා එකේ මල්ලි ඉන්න පැත්තටම යන්න ගියා.

"අයිය දන්නවද දඹුලු ගොයාව.' අර දඹුල්ලෙ හිටපු කාකි කෝට්‌ කාරයා.' එයා ඕං 20 ලොකු තරගෙ දැන් සිකුරටි ලොක්‌කෙක්‌ලු. කොහොමද වැඩේ. එහෙන් එලවනවා. මෙහෙට ගේනවා. තව මොකක්‌ හරි දෙනවා. ඕක තමයි ස්‌ටාෆ් අඩු කිරීමේ අලුත් ක්‍රමය. ඕව ඉතින් බිස්‌නස්‌ නොලේඡ් තමා." කියල ත්‍රීවීල් මල්ලි කියාපි.

'අනේ කාලේ කොමිටලේ වාසේ' කියල කියන්න හිතෙන්නෙ මේව අහන කොටයි දකින කොටයි තමයි. සංගීත පුටු තරගෙ වගේ කොමිටලේ ප්ලේස්‌ වලට එක එක සැට්‌ පොර කනවා. ඒත් ඉන්න සැට්‌ එකනම් බලාගෙන යන කොට එහෙමම තමයි. ධර්මෙ ලොක්‌කගෙ බයිල ටෝක්‌ස්‌ තමයි පේපර් කටින්වල තියෙන්නෙ කියල තෙවැනි විනිසුරු පේපර් කටින් එක ඩස්‌පින් එකට විසි කළා.

කාගෙත් හිත හොඳ එකා වගේ හිටපු කොමිටලේ මිරිඩියා එකේ තෝමා බඩු මුට්‌ටු ටිකත් හකුලගෙන ගෙදර යන්න හදනවලු. බැලින්නම් එයාට ධර්මෙ ලොක්‌කගෙ සැට්‌ එකෙන් නෝ චාන්ස්‌ලු. ඒකට හේතුව අහේතුවලු. එයා වෙනුවට අලුත් හාදෙයක්‌ ඉන්ටර්විව් කරගෙන යනවලු. හැබැයි ඉතිං එන්න ඉන්නෙ ඇමැටි ගොට්‌ටෙක්‌ කියල තමා ආරංචි. 'බලමු බලමු මල්ලී හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමෙටනේ' කියල විනිසුරු යන්න ගියා.

මොකක්‌ද අයිය ලගදි තියෙන බයිස්‌ කෝප් එක කියල ත්‍රීවීල් හාදයා විනිසුරුගෙන් අහපි. 'මල්ලි දන්නෙ නැද්ද ඇස්‌පීඑල් එකයි ටුවෙන්ටි ගේමයි. ඒ දෙක ඇද ගත්තොත් කොමිටලේ ස්‌ටාෆ් එකේ සැට්‌ එක ගොඩේ ගොඩ.'

'අනේ අයියා මේ සැට්‌ එකම තමයි ඩීපුස්‌ ගෙ කාලෙත් හිටියෙ. ඉතිං මුන්ට තව ගොඩ යන්න නෙමෙයි තියෙන්නෙ උඩ යන්න. ස්‌ටාෆ් එකේ මෑන්ස්‌ල ෙච්න්ච් වුණාට අඩු වෙන්නෙ නැහැ හොඳේ.' කියල ත්‍රීවීල් හාදයා තෙවැනි විනිසුරු කියල හයර් එකක්‌ යන්න ගියා.

අසා

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.