කාටද? කාල්ටන් රග්බි 7

වේදිකාව මනරම් ලෙස සකසා තිබේ. නැට්‌ටුවෝ ගහන ගහන බෙර පදයට නැටීමට සූදානමින් සිටී. ඒ තවත් සත් දිනකින් ආරම්භ වීමට නියමිත කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලිය වෙනුවෙනි.

ඉන්දියාවේ අයි.පී.එල්. තරගාවලියේ ආකෘතියක්‌ ලෙස සකස්‌ කරන ලද කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියට ලොව සුපිරි සත් සාමාජික රග්බි ක්‍රීඩකයන් සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ පළාත් නවයක්‌ ආවරණය වන පරිදි කණ්‌ඩායම් 10 ක්‌ තරග වදින මෙම තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන් 40 ක්‌ පමණ සහභාගි වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

දේශීය රග්බි ක්‍රීඩාවේ දැවැන්ත ක්‍රීඩකයන් ජාතික රග්බි සංචිතයෙන් කට්‌ටි පනින යුගයක මෙවැනි දැවැන්ත තරගාවලියක්‌ සංවිධානය කිරීම මෙරට රග්බි ක්‍රීඩාවේ අනාගතය සඳහා හොඳ වේදිකාවක්‌ වනු ඇත. එමෙන්ම කොළඹට සහ නුවරට පමණක්‌ සීමාවී තිබෙන රග්බි උණුසුම පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්‌වා විහිදෙන ලෙස කණ්‌ඩායම් නම් කරමින් පැවැත්වීම මගින් අනාගතය සඳහා දක්‍ෂ රග්බි ක්‍රීඩකයන් නිර්මාණය කිරීමේ හැකියාවක්‌ ඇත.

තාරුණයට හෙටක්‌ සංවිධානය සමග ශ්‍රී ලංකා රග්බි සංගමය අත්වැල් බැද ගනිමින් මෙම සත්කාරයට උරදීම ලබන වසරේ හෝ ශ්‍රී ලංකා රග්බි කණ්‌ඩායමට ආසියානු ප්‍රබල කණ්‌ඩායම් පහ අතරට පැමිණීමට අත්වැලක්‌ බඳු වනු ඇත. දේශීය අන්තර් සමාජ රග්බි තරගාවලියට වඩා ඉහළින් පැවැත්වෙන කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලිය මෙරට ප්‍රබලම රග්බි තරගාවලිය ලෙස දැන් විරුදාවලි ලබා තිබේ.

ලෝක සත් සාමාජික රග්බි පිටියේ විශිෂ්ඨයන් ලෙස විරුදාවලිය ලබා සිටින ටොමායි කැමා, ඩී. ඡේ. ෙෆdaබස්‌, ටිම් මික්‌ල්සන්, ෆ්‍රෑන්ක්‌ හලායි, එඩ්වඩ් කොකර් සහ ඩේන් හෝර්ටන් යන ක්‍රීඩකයන්ට අමතරව අත්දැකීම් පිරි විදේශීය පුහුණුකරුවන් යටතේ කණ්‌ඩායම් 10 සටනට පිවිසේ.

එහිදී එක්‌ කණ්‌ඩායමකට විදේශීය ක්‍රීඩකයන් තිදෙනකු ක්‍රීඩා කිරීමේ උපරිමය සහ අවුරුදු 21 කට අඩු ක්‍රීඩකයකු කණ්‌ඩායමකට ඇතුළත්වීම මගින් හෙට දිනයේ දක්‍ෂ යොවුන් රග්බි ක්‍රීඩකයන් සොයා යැමට ශ්‍රී ලංකාවට හැකියාවක්‌ ඇත.

ඊස්‌ටන් ඊගල්, සදන් සාර්ක්‌, නෝර්ත් සෙන්ට්‍රල් තයිපෝන්ස්‌, ජැෆ්නා චැලේන්ඡ්, වෙස්‌ටන් වොරියර්ස්‌, නදන් ගැලැඩිටර්ස්‌, නෝත් වෙස්‌ටන් බ්ලැක්‌, සෙන්ට්‍රල් කිංග්ස්‌, ඌව වයිපර්ස්‌ සහ සබරගමුව ස්‌ටැලියන්ස්‌ යනුවෙන් කණ්‌ඩායම් නම් කර ඇත. ඊස්‌ටන් ඊගල් කණ්‌ඩායම ශ්‍රී ලංකා සත් සාමාජික කණ්‌ඩායම් නායක යෝෂිත රාජපක්‌ෂ විසින් මෙහෙයවන අතර සදන් සාර්ක්‌ කණ්‌ඩායම නවසීලන්ත ක්‍රීඩක එඩ්වින් කොකර් විසින් මෙහෙයවනු ලබයි. දිනේෂ් කුමාර නදන් ගැලැඩිටර්ස්‌ කණ්‌ඩායමද මොහොමඩ් සෙරීෆ් සෙන්ට්‍රල් කිංග්ස්‌ කණ්‌ඩායමට නායකත්වය ලබා දෙයි.

ඇමරිකානු ඩොලර් 2000 කට වඩා ශූරයන්ට පිරිනැමෙන මෙම රග්බි තරගාවලිය ලීග් ක්‍ර්‍රමයට ක්‍රියාත්මක වන අතර එහි පළමු අදිය ලබන 26 සහ 27 දෙදින මහනුවරදීද දෙවැනි අදියර ලබන 2 සහ 3 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සහ බහුල සහභාගිත්වය ක්‍රිකට්‌ ක්‍රීඩාව වටා රොක්‌ව සිටිති. එබැවින් ක්‍රිකට්‌ ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ සෙසු ක්‍රීඩා ජයග්‍රහණවලට වඩා බහුලය. ශ්‍රී ලංකාවට රග්බි ජයග්‍රහණය ලබා ගැනීමට පළමුව බහුල සහභාගීත්වයක්‌ අවශ්‍යය. එවැනි බහුල සහභාගීත්වයක්‌ ඇතිකර ගැනීමට හැකි වන්නේ මෙවැනි තරගාවලි පැවැත්වීම මගිනි.

අසේල විතාන

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.