බින්ලාඩන්ව ඇමරිකාවට පාවා දුන්
පකිස්‌තාන් වෛද්‍යවරයාට වසර 33ක සිරදඬුවමක්‌


අල්කයිද්‍රd නායක බින්aලාඩන්ව ඇමරිකාවට පාවා දුන් වෛද්‍ය ෂතිල් ඇප්රිඩීට වසර 33 ක සිරදඬුවමක්‌ නියම වී ඇත.

රාජ්‍ය ෙද්‍රdaහීත්වය යන චෝදනා ඔහුට එල්ලවී තිබිණි. බින්ලාඩන්ව ඝාතනයවීමෙන් පසු ඇප්aරිඩීව අත්අඩංගුවට ගත් පකිස්‌තාන් රජය ඔහුගේ දේපළ රාජසන්තක කර ඇත.

ඇප්රිඩීට එරෙහි නඩු විභාගයේදී ඔහු වෙනුවෙන් නීතිඥයකුට පෙනී සිටීමට ඉඩ ලැබී නැත.

මේ අතර ඇප්රිඩීව නිදහස්‌ කරන්නැයි ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් විසින් ඉල්ලා ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.