ග්‍රහ අපල වලින් මිදීමට නිවසේදීම නවග්‍රහ පූජාවක්‌

දේශමාන්‍ය - දේශබන්ධු
රන්ජන් සිසිර කුමාර
සටහන - ධම්මික හේවාවසම්

අප විසින් පෙර සසරේ කරන ලද කුසල් අකුසල් අනුව මේ අත්භවයේ අපට බලපාන්නාවූ සියලු ග්‍රහඅපල දුරුකර ගැනීම සඳහා අනුගමනය කළහැකි උසස්‌ම ශාන්තිකර්මයක්‌ ලෙස නවග්‍රහයන් උදෙසා පවත්වන ග්‍රහ පූජාව සඳහන් කළ හැකිය. මේ තුළින් අපේ ජීවිතයේ දියුණුව කායික මානසික සංහිඳියාවටද අති විශාල සහනයක්‌ ලැබෙනවා. එබැවින් මෙකී ග්‍රහ පූජා නිවැරදිව පැවැත්වීමෙන් ඔබට එහි ප්‍රතිඵලයද ඉතා උසස්‌ අයුරින් ලැබිය හැකිය.

මෙම ග්‍රහ පූජා ශාන්ති කර්මය තමා වෙනුවෙන් පමණක්‌ නොව වෙනත් අය වෙනුවෙන්ද සෙත ප්‍රාර්ථනා කරමින් සිදුකළ හැකි අතර ඔබ ජීවත්වන නිවසෙන් පිටත සිටින අයකු සඳහා පවත්වන්නේනම් එය පවත්වනු ලබන දිනය හා වේලාව එම අයට කල්වේලා ඇතිව දැන්වීමෙන් ඔබ සිදුකරන ග්‍රහ පූජාවේ ශක්‌තිය ඒ තැනැත්තාට ග්‍රහණය කරගැනීම පහසු වේ.

මේ සඳහා ඔබ කෙම්මුර දවස්‌ යෑයි සම්මත බදාදා හෝ සෙනසුරාදා දිනයක්‌ තෝරාගැනීම ඉතාමත් සුදුසුය.

එම දිනයන්හි හිරු උදාවන මොහොත ඒ සඳහා සුදුසුම වේලාව ලෙස දැක්‌විය හැකි අතර අදාළ පූජාව පැවැත්වීමට නියමිත ස්‌ථානය වනුයේ ඔබේ නිවසේ බුදුන් සඳහා වෙන්වූ බුදුන් වඳින ස්‌ථානය වේ. එම ස්‌ථානය මනාව පිරිසිදු කර පළමුව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් පහන් සුවඳ දුම් පූජාකර ඔබ සාමාන්‍යයෙන් වඳින පුදන ආකාරයට වැඳ නමස්‌කාර කර පළමුව ශ්‍රී විෂ්ණු දෙවියන්ටත් දෙවනුව මහා දේව මණ්‌ඩලයටත් පින් දෙන්න. අනතුරුව ආකාසට්‌ඨාච භුම්මට්‌ටා ගාථාවෙන් සමස්‌ත දේව සමූහයාට පිං දෙන්න.

අනතුරුව නවග්‍රහයන් උදෙසා බුලත් කොළ 9 ක්‌ මත පහන් නමයක්‌ තබා පිළිවෙළින් රවි ග්‍රහයා වෙනුවෙන් රතු අරලිය, රතු නෙළුම් හා තැඹිලි තෙල් පහනක්‌ද සඳු ග්‍රහයා වෙනුවෙන් සුදු නෙළුම් සමන් පිච්ච හා ගිතෙල් පහනක්‌ද කුජ ග්‍රහයා වෙනුවෙන් රතුමල් සමඟ පස්‌තෙල් පහනක්‌ද බුධ ග්‍රහයා සඳහා කහමල් හා තැඹිලි තෙල් පහනක්‌ද සිකුරු ග්‍රහයා වෙනුවෙන් විවිධ පාට සුවඳමල් හා පස්‌තෙල් පහනක්‌ද ශනි ග්‍රහයා වෙනුවෙන් නිල්මල් හා ගිතෙල් පහනක්‌ද රාහු ග්‍රහයා වෙනුවෙන් වැටකේ මල් හා පස්‌තෙල් පහනක්‌ද කේතු ග්‍රහයා වෙනුවෙන් පුවක්‌ මල් හා ගිතෙල් පහනක්‌ද දල්වා එක්‌ එක්‌ ග්‍රහයා සඳහා අදාළ පිරිත් සඡ්Cධායනය කරන්න. එහිදී රවිට සූරිය පිරිත, සඳුට චන්ද පිරිත, කුජට දසදිසා පිරිත, බුධට දසදිසා පිරිත, ගුරුට අභිසම්භිධාන පිරිත, සිකුරුට ධජග්ග පිරිත, ශනිට කරණීය මෙත්ත සූත්‍රය, රාහුට ඛන්ද පිරිත, කේතුට කරණීය මෙත්ත සූත්‍රය ආදී වශයෙන් සඡ්Cධායනා කර "අරහං බුදු ගුණෙන් මගේ ඉරුගෙ අපල දුරුවේවා." යන ජයරාජ නවගුණ ශාන්තියද පහත සඳහන් නවග්‍රහ ස්‌ත්‍රොaත්‍රය ද ගායනා කර ඔබට හෝ මට ග්‍රහ පූජාව සිදුකළ අයට නවග්‍රහයන්ගෙන් සිදුවන අසුබ ඵල ඇත්නම් ඒවා දුරුකර දෙන ලෙසත් සුබඵල උදාකරදෙන ලෙසත් එක්‌ එක්‌ ග්‍රහයාගෙන් වෙන වෙනම ඉල්ලා සිටින්න.

කවර කරුණක්‌ හෝ මුල්කර ගනිමින් සිත එක අරමුණක තබාගෙන අධිෂ්ඨාන පූර්වක වීම ශීලයත් සමාධියත් ඒ තුළින් ප්‍රඥවත් වැඩෙන පිංකමකි. එබැවින් ඔබ විසින් ඉතා ශ්‍රද්ධා සිතින් යුතුව සිදුකරන නවග්‍රහ පූජාවන්ගෙන් සියලු අපල දුරුවීමේ ආශිර්වාදය ඔබට හිමිවනු ඇත.



නව ග්‍රහ ස්‌තෝත්‍රය



ජපා කුසුම සංකාශං - කාශ්‍යපෙයං මහා ද්යුතිං

තමොරිසං සර්ව පාපඝනං - ප්‍රණතොසම් දිවාකරම්

දධිශංඛ තුෂාරාහං - ක්‍ෂිරොණිව සංභවම්

නමාමි ශශිනං සෝමං - ශහොර්මුකුට භුෂණම්



ධරණී ගර්භ සම්භූතං - විද්යුත කාන්ති සම්ප්‍රභම්

කුමාරං ශක්‌ති හස්‌තං තං - මංගලං ප්‍රණමාම්‍යහම්

ප්‍රියඬගු කලිකාශ්‍යාමං - රූපෙණ ප්‍රතිමං බුධම්

සෞම්‍යං සෞම්‍ය ගුණොපෙතං - තං බුධං ප්‍රණමාම්‍යහම්



දෙවානාංච සෘෂිනාංච - ගුරුඃ කාංචන සන්නිභම්

බුද්ධි භූතං ත්‍රිලොකස්‍ය - තං නමාම් බෘහස්‌පතිම්

හිමකුඤ මෘණාලාභං - දෛත්‍යානං පරමං ගුරුම්

සර්ව ශාස්‌ත්‍ර ප්‍රවක්‌තාරං - භාර්ගවං ප්‍රණමාම්‍යහම්



නීලාංජන සමාභාසං - රවිපුත්‍රම් යමාග්‍රජං

ඡායා මාංතීණ්‌ඩ සම්භූතං - තං නමාමි ශනෙශ්වරම්

අර්ධකායං මහා වීර්යං - චන්ද්‍රdදිත්‍ය විමර්දනම්

සිංහිකාගර්භ සංභූතං - තංරාහු ප්‍රණමාම්‍යහම්



පලාශ පුෂ්H සංකාසං - තාරකාග්‍රහ මස්‌තකම්

රෞද්‍රං රෞද්‍රdත්මකං ඝොරං - තං කේතුං ප්‍රණමාම්‍යහම්

ඉති ව්‍යාස මුඛොද්ගිතං - යඃ පයෙත් සු සමා හිතඃ

දිවාවා යදීවා රාත්‍රො - විHන ශාන්ති භිර්විෂ්‍යති



නරනාරි නෘපා නාංච - හවෙද් දුඃ ස්‌වප්න නාශනම්

ඓශ්චර්ය මතු ලාං හේෂා මාරොග්‍යං - පුෂ්ඨ§ වර්ධනම්

ග්‍රහ නක්‌ෂත්‍ර ජඃ පීඩඃ - තසකරාග්නි සමුද්භවඃ

තාඃ සර්වාඃ පුශමං සාන්ති - යHdසෙ බ්‍රෑතෙන සංශයඃ



මෑතකදී තැනූ නිවසක්‌ වෙනස්‌ කිරීමේ දී පරිස්‌සම් විය යුතුයි

මතුගම සෙනෙවිරුවන්

වාස්‌තු විමර්ශන 10

පැරණි නිවසකට කෙරෙන යා කිරීම් හා අලුත් නිවසකට කෙරෙන යා කිරීම් අතර වෙනසක්‌ ඇත. ඊට හේතුව මීට අඩ සියවසකට පමණ එපිට තැනූ ගෙවල් බොහෝ විට වාස්‌තු විද්‍යානුකූලව තනා තිබීමයි. විශාල ඉඩමක්‌ වුවද ඉඩමේ පාද බෙදා තිබීම ප්‍රධාන දිශාවන්ට මුහුණ ලා තැනීම මෙන්ම ළිඳ වැසිකිලිය ආදී නිවසකට පරිබාහිර දේ නිවරදිව ස්‌ථාන ගතකර තිබීම මෙහිදී පෙන්වා දිය හැකිය. වර්තමාන නිවෙස්‌ බෙහෝ විට සෘජු කෝණාස්‍ර හැඩයක්‌ ගනී. ඉඩමේ පාද බෙදීමක්‌ ඇතැම් විට කොහෙත්ම දක්‌නට නැත. නාගරික නිවෙස්‌ නම් එක පෙළට ඉදිකරලීම නිසා වාස්‌තු දෝෂයන් ඉවත් කරලීමට නොහැකි තරම්ය.

පැරණි නිවෙස්‌ අතර ඕලන්ද ගෘහ නිර්මාණ සම්ප්‍රදායේ නිවෙස්‌ බස්‌නාහිර මුහුදුකර පළාතේ සුලභය. බැලු බැල්මට එහි ඇතුළත විශාල අවකාශයක්‌ පිහිටා තිබේ. සිංහල උළු හෙවිල්ලා වහලේ බින්දන් දෙකක්‌ ද සහිතව තිබෙන මේ නිවෙස්‌ සැබවින්ම වාසයට ඉතා හිතකරය. නමුත් ඇතැම් විට මෙහි තබා තිබෙන උළුවහු දෝෂ සහගතය. වෙසෙසින්ම රජයේ නිලධාරීන්ට තනා ඇති නිවෙස්‌ වල මේ දෝෂ සුලභය. මේනිසා මේවා නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම ඵල විරහිතය. නමුත් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ඇතැම් ගොඩනැගිලි නැවත අලුත් වැඩියා කර තබා ගැනීම වැදගත් යයි සිතමි. නමුත් ග්‍රාමීය පෙදෙස්‌ වල තනන ලද පැරණි ප්‍රභූ ගෙවල් සැබවින්ම වාස්‌තු විද්‍යානුකූලව අංග සම්පූර්ණ වෙති. මේවා මේ තත්ත්වයට පැමිණිමට හේතුව ගම්මාන වල විසූ දැනුමෙන් සපිරි වඩු ශිල්පීන්ගේ දායකත්වය විය යුතුය. එහෙත් පරම්පරා ගණනාවක්‌ම ගතවී මෙවැනි ගෙවල් වල ආයුෂ දැන් ගෙවී ගොසින්ය. ඇතැම් විට මේ නිවෙස්‌ නව අයිතිකරුවන්ගේ ග්‍රහණයට ලක්‌ වී ඇත. පැරණි දේ අගයන ඇතැම් අය මේවා යළි පිළිසකර කර තව පරම්පරාවක්‌ එහි ජීවත් කරවන්නට උත්සාහ දරති. එහි වැරැද්දක්‌ නැත. එහෙත් පැරණියන් ගේ ගෘහ පිණ්‌ඩයන් නව පරම්පරාවට ගැලපේ දැයි සොයා බැලීම යුතුකමකි. එහිදී සුලු වෙනස්‌ කමක්‌ හෝ කර ගෙයි වර්ග ඵලයන් වෙනස්‌ කර දෝෂ ඇත්නම් එAවා ඉවත් කර ගැනීම වඩා යහපත් වේ.

පැරණි නිවසක්‌ වෙනස්‌ කිරීමට වඩා මෑතකදී තැනූ නිවසක්‌ වෙනස්‌ කිරීමේ දී බෙහෙවින්ම පරිස්‌සම් විය යුතුය. සෘජු කෝණාස්‍රයක්‌ නම් එයට ඉදිරියෙන් නව ආලින්දයක්‌ ඉදිකර ගෙය අලංකාර ගැනීමට බොහෝ අය කැමැත්තෙන් පසුවෙති. එහෙත් එහිදී ගෘහ පිණ්‌ඩය වෙනස්‌ වී නිවස අංග විකල තත්වයකට පත්වන්නේ නම් දෝෂ ඇති වේ. ගෙයි දිගට සාපේක්‌ෂව පළල ගෙන ඇත්නම් නිවස තව දුරටත් දිගින් හෝ පුලුලින් වෙනස්‌ කළ නොහැකිය. මේ නිවස පිහිටා ඇත්තේ පර්චර්ස්‌ විස්‌සක හෝ පහළවක නම් කාරණය වඩාත් බරපතල වේ. එහිදී ගෙට යාකීරීම් වලට වඩා ගෙයි ගෘහ පිණ්‌ඩය එසේම තබා ගෙන නිවස මහල් නිවසක්‌ බවට පත් කිරීම වඩාත් යුක්‌ති යුක්‌තය. ගෙයක පදිංචිව සිටිමින් මේ කාර්යයේ යෙදීමට ඇතැම් අය අකමැතිය. හේතුව ගෙය වෙනස්‌ කරන කාල සීමාව තුලදී සිදුවන හිරිහැරයන් නිසාවෙනි. නමුත් ගෙයි වෙනස්‌ කම් අත්‍යවශ්‍ය නම් මුදල් ලක ලෑස්‌ති කරගෙනම ඉදිකිරීම ආරම්භ කළහොත් ඉතාමත් ඉක්‌මනින් නිවස වැඩි දියුණු කර අංග සම්පූර්ණ කර ගැනීම අසීරු නොවේ.

ගෙයි යම් කිසි කොටසක්‌ උස්‌ කරන විට ඇතිවන ඉඩකඩ වලින් උපරිම ප්‍රයෝජනයක්‌ ගත හැකිය. වෙසෙසින්ම ඉදිරි පෝටිකෝවක්‌ තනා ගැනීම මෙන්ම කැටයම් සහිත කණු යොදා ආලින්දයක්‌ තනා ගැනීමටද හැකිවේ. නිවස පිහිටා තිබෙන ඉඩමේ තිබෙන ඉඩකඩ අනුවද ගෙට යාකිරීම හා වෙනස්‌ කිරීම් තීරණය කළ හැකිය. ගෙට ගරාජයක්‌ අවශ්‍ය වූ විටදී වඩාත් සුදුසු වන්නේ ගෙට වයඹ ප්‍රදේශයෙන් එම ගොඩනැගිල්ල ඉදිකිරීම යි. මුල්තැන් ගෙයක්‌ නම් ගිනිකොණ හෝ වයඹ ප්‍රදේශය ගත හැකිය. ගෙට පරිබාහිරව තනන බැවින් එයට වෙනම වාස්‌තු පිණ්‌ඩයක්‌ ගැනීම කළ යුතුය. තනා ඇති නිවසක්‌ මිළදී ගන්නා විටද අයිතිකරුවන්ට නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවේ. ගෙට පරිබාහිරව තිබෙන වැසිකිලි වළ ළිඳ ගැන මෙහිදී වෙසෙසි සැලකිල්ලක්‌ දැක්‌විය යුතුය. දෝෂ තිබෙන ප්‍රදේශයක්‌ පිහිටා තිබේ නම් වැසිකිලි වළ පස්‌ දමා වසා වෙනස්‌ කළ හැකි නමුත් ළිඳක්‌ එලෙස වෙනස්‌ කර ගැනීමට ඇතැම් අය නොකැමතිය. එම ප්‍රදේශයේ වෙනත් ජල මූලාශ්‍ර යක්‌ නැත්නම් ළිඳ විශාල වටිනාකමක්‌ ගෙන දෙයි. එවිට ගෙට සාපේක්‌ෂව ළිඳ පිහිටා තිබෙන දිශාව නිවරදි නම් ළිඳේ පිහිටීමට සාපේක්‌ෂව ගෙයි යම් යම් කොටස්‌ වාස්‌තු විද්‍යාඥයෙකු ලවා පරීක්‌ෂා කෙට වෙනස්‌ කරලීම වඩාත් සුදුසු යයි සිතමි. එම අවස්‌ථාවලදී ඉඩමට ඇතුළු වන ප්‍රධාන පිවිසුම වෙනස්‌ කර ගෙන නව පිවිසුමකින් ප්‍රවේශ වීම හා තාප්පයක්‌ බැඳ යම් යම් දෝෂ මග හරවා ගැනීමට කටයුතු කිරීම ද මැනවි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.