එජනිසයෙන් නැගෙනහිරට
තරග කරන්න නම් "ලොකු පුටුව" ඕනෑ

මුස්‌ලිම් කොංග්‍රසයෙන්
සන්ධානයට කොන්දේසි


පියසේන දිසානායක

නැගෙනහිර පළාත් සභා මැතිවරණයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග කිරීමට නම් සිය පක්‍ෂයට මහ ඇමැති අපේක්‍ෂකත්වය ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය තීරණය කර ඇත.

එලෙස මහ ඇමැති අපේක්‍ෂකත්වය සිය පක්‍ෂයට ලබා නොදෙන්නේ නම් එම මැතිවරණයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග නොකර තනි පක්‍ෂයක්‌ ලෙස තරග කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලී මහතා "දිවයින"ට පැවැසීය.

නැගෙනහිර පළාත් සභා මැතිවරණයට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු පළාත් සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවලට අයත් මහජන නියෝජිතයන් මෙම මස (15 වැනිදා) කොළඹට කැඳවා තිබෙන බවද හෙතෙම කීය.

නැගෙනහිර පළාතේ බහුතර බලය සිය පක්‍ෂයට තිබෙන පසුබිමක්‌ තුළ ආණ්‌ඩුවේ මහ ඇමැති අපේක්‍ෂකයකුට හෝ වෙනත් පක්‍ෂයක අපේක්‍ෂකයකුට හෝ සහයෝගය දැක්‌වීම නිෂ්ඵල ක්‍රියාවක්‌ යෑයි පවසන හසන් අලී මහතා මැතිවරණයකදී ආණ්‌ඩුව සමග එක්‌ව තරග කළ යුතු බවට කිසිදු ගිවිසුමක්‌ ඇතිකරගෙන නැතැයිද කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.