බිඳවැටුණු ව්‍යාපාරය ගොඩගන්න දසමාර පිරිත

දේශබන්ධු, දේශමාන්‍ය
රංජන් සිසිර කුමාර
සටහන - ධම්මික හේවාවසම්

වර්මානයේ බොහෝ දෙනා රැකියාවක නිරතව මාසිකව වැටුපක්‌ ලැබීමට අකමැතිsය. එයට හේතුව නම් එක තැනක එකම රටාවකට කොටු වී හිඳිමින් මාසය අවසානයේ තම මූලික අවශ්‍යතා සඳහාවත් ප්‍රමාණවත් නොවන වැටපකට හිමිකම් හිමිකම් කීමට සිදුවීමය.

මේ කාරණය හේතුවෙන් සෑම අයෙක්‌ම කුමන හෝ ව්‍යාපාරයක්‌ අරඹා ඒ තුළින් දියුණුවීමට වැඩි කැමැත්තක්‌ නැඹුරුතාවක්‌ දක්‌වයි. එහෙත් එම තෝරාගැනීම කොතෙක්‌ දුරට සාර්ථක දැයි සොයා බැලීමට කල්පනාකාරී විය යුතුය. සමහර පුද්ගලයන් ව්‍යාපාර තුළින් සීAඝ්‍රයෙන් ධනවතුන් බවට පත්වන අතර තවත් කොටසක්‌ ව්‍යාපාර ආරම්භයේදීම බංකොලොත් වෙති. මේ අතර තවත් සමහරෙක්‌ ලාභත් නැති පාඩුත් නැති කරන්නන් වාලේ කරන ව්‍යාපාර කටයුතුවලට මැදිවෙති.

මෙම කාරණය දෙස දැඩි විමසිල්ලෙන් බැලීමේදී පුද්ගලයන්ගේ ජන්ම පත්‍රයට අනුව එක්‌ එක්‌ පුද්ගලයාගේ දියුණුව, පසුබෑම, ජය, පරාජය, සතුට, දුක ආදී ස්‌වභාවයන්ට මුල්වන්නේ එකී පුද්ගලයන් ඉහත ආත්ම භාවයන්හි සිදුකර ඇති කුසල අකුසල ක්‍රියාවන්හි ප්‍රතිඵලය මතය. ඒ අනුව බලන විට කෙනකු තම ජීවනෝපාය මාර්ගය ලෙස කුමන හෝ සාධාරණ ව්‍යාපාරයක්‌ තෝරාගෙන ඒ තුළින් මුදල් උපයා දියුණු වීමේ කුසලතාව උප්පත්තියෙන් ඔහු මෙලොවට ගෙන ආ කුසල්මය දායාදයක්‌ වශයෙන් හැඳින්විය හැකිය.

කවුරුත් කළ පමණින් අපට ව්‍යාපාර කළ නොහැක. ජන්ම පත්‍රය අනුව එක්‌ එක්‌ ජන්මියාට හිමි වාසනාව දියුණුව ගෙන දෙන ව්‍යාපාරය තෝරාගෙන ඒ සඳහා යොමුවීම බුද්ධිමත් ක්‍රියාවකි. දියුණුව පිණිස තෝරාගන්නා ව්‍යාපාරය අනලස්‌ව, දක්‍ෂ ලෙස, උපායශීලීව, බුද්ධිමත්ව හා සාධාරණව පවත්වාගෙන යැම තුළ ව්‍යාපාරය දියුණු වී ධනවතෙකු වීමට හැකිවන අතර ධනයට අධිපති ධන ලක්‍ෂ්මි දේවියගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය එවැන්නන්ට නිතැතින්ම හිමිවේ.

ධනය උපයමින් දියුණුව අපේක්‍ෂා කරන්නන් මස්‌ මාංස හා පුද්ගලයන්ගේ විනාශයට හේතුවන මත්වතුර, මත්ද්‍රව්‍ය, අවි ආයුධ හා වස විෂ වර්ග වෙළෙ¹ම නොකළ යුතු බව බුදුරජාණන්වහන්සේද පෙන්වා දී ඇත.

එබැවින් ව්‍යාපාර තුළින් දියුණුව පතන සෑම අයෙකුම අන් අයට අයහපතක්‌ විපතක්‌ සිදුනොවන සාධාරණ ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට උත්සාහ කළ යුතුය.

මෙසේ ආරම්භ කර ක්‍රමයෙන් දියුණුව කරා පියමනින ඔබේ ව්‍යාපාර හිටි හැටියේ පාඩු ලබා බිඳ වැටෙන තත්ත්වයට පත්වීමටද බැරිකමක්‌ නැත. එවැනි අවස්‌ථාවල ජන්මීන් ඉතා කල්පනාකාරී විය යුතුය. පුද්ගලයකුගේ කේන්ද්‍රයේ සුබ යෝග සහ සුබ ස්‌ථාන තුළ සිටින ග්‍රහයන්ගේ දශා කාල තුළ ව්‍යාපාර ඉතාමත් සාර්ථක වන අතර අසුබ ග්‍රහයන් භාව සහ රාශි තුළ සිටින ග්‍රහයන්ගේ දශා තුළ ව්‍යාපාර අසාර්ථක වේ.

මෙවැනි කාල වකවානුවකට මුහුණදීමට සිදුවන ඕනෑම ව්‍යාපාරිකයකුට එම තත්aත්වයෙන් මිදී තම සාර්ථකත්වය එලෙසම පවත්වාගෙන යැමට සුදුසුම ශාන්තිකර්මයක්‌ හෙවත් පිළියමක්‌ ලෙස මහානුභාවසම්පන්න දසමාර පිරිත භාවිතා කිරීම සඳහන් කළ හැකිය. අදාළ ස්‌ථානයේ උදේ සවස බුදුන් වැඳීමෙන් අනතුරුව මෙම පිරිත තුන් වර බැගින් සඡ්Cධායනා කර දෙවියන්ට පිං පෙත් අනුමෝදන් කර නැති වී ගිය දියුණුව නැවත ඇතිවේවා· යි අධිෂ්ඨාන කිරීමෙන් එහි බලය අප්‍රමාදව ඔබට දැක බලා ගත හැකිවීම දසමාර පිරිතේ ඇති විශේෂම ගුණයයි.

ඊට අමතරව පෙරාගත් පැන් කළයක්‌ දසමාර පිරිතෙන් 108 වරක්‌ පිරිත් කර ව්‍යාපාරික ස්‌ථානයේ ඉසීමද මුහුදු වැලි සහ අබ මිශ්‍රකර 108 වරක්‌ පිරිත් කර ඉසීමද බොහෝ ගුණ ලැබිය හැකි ශාන්ති කර්මවේ.

සතියකට එක්‌ දිනක්‌ මෙලෙස මෙම පිරිත ආශ්‍රයෙන් මෙකී ශාන්ති කර්ම කළහැකි නම් ඔබට පැමිණෙන කරදර බාධාවලින් මිදී ඇස්‌වහ කටවහ දෝෂයන්ගෙන් නිදහස්‌ යක්‍ෂ, ප්‍රේත භූතාදීන්ගෙන් එල්ලවන අමනුෂ්‍ය කරදර වලින් ජයගෙන ඔබ සිතන පතන දියුණුව ළඟාකර ගනිමින් සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වීමේ භාග්‍යය ඔබට උදාවනු ඇත.

මීට අමතරව දසමාර පිරිත ඇසුරෙන් පැරණි සෘෂිවරුන් විසින් ප්‍රස්‌ථාරගත කර එකී පිරිතෙන්ම පිරිත් කරන ලද යන්ත්‍ර එදා මෙන් අදත් දියුණුව පිණිස බොහෝ දෙනා භාවිතා කරති.

ශාස්‌ත්‍රානුකූලව සකසා ගන්නා ලද මෙම යන්ත්‍රයක්‌ ව්‍යාපාරික ස්‌ථානයේ ඊසාන දිශාවේ තැන්පත් කර නිසි වත් පිළිවෙත් සැපිරීමෙන් දියුණුව ලද හැකි අතර මස්‌ මාංශ වෙළෙඳසල්, සුqරාසැල්, අවි ආයුධ සහ වස විෂ ගබඩා වල තැන්පත් කිරීමෙන් කිසිදු දියුණුවක්‌ නොලැබේ.

බොහෝ ගුණ ලැබිය හැකි මෙම යන්ත්‍රය ඉහත කී අයුරින්ම සකස්‌ කර පැළඳිය හැකි අතර නිවසේදී ඉතා පිරිසිදුව සිඳගන්නා රන් තැඹිලිතෙල් දසමාර පිරිතෙන් 108 වරක්‌ පිරිත් කර කුඩා සුරයක බහා පැළඳීමෙන්ද මනා ආරක්‍ෂාවක්‌ හා විශාල දියුණුවක්‌ ලැබිය හැකිවේ.

මෙම මහානුභාවසම්පන්න දසමාර පිරිත ආශ්‍රයෙන් ප්‍රස්‌ථාර ගතකර හෝ රන්තැඹිලි තෙල් පිරිත් කර පළඳින්නා මෙන්ම පිරිත් කර පළඳවන්නාද නිත්‍ය ශීලය ආරක්‍ෂාකරන්නකු වීම අත්‍යවශ්‍යම බැවින් ඒ පිළිබඳ ඔබගේ අවධානය යොමුකිරීම ඉතා වැදගත් කාරණයකි.



දසමාර පිරිත



1.ඉති තදුභය සේනා ඝට්‌ටයංඅඤ්ඤමඤ්ඤං

විවිධ විසම වාචං උග්ගිරන්නී රමන්තී

සතත දුරිත වේලා ඛග්ගරාසී වහන්ති

දුසිත ලලිත චිත්තා යුද්ධ සඡ්ජා අහේසුං



2.ඉති මුනි කකුසන්ධො - දීපමාගම්ම මෙතං

බහුල ජනනිකායං - නිබ්බුතිං පාපහිත්වා

තදහනිය සිරිසං - බොධි සාඛංච නෙත්වා

නිදහිය ගගනම්භා - ජම්බු දීපා අගච්ä



3.එවංහි කෝණා - ගමනො මුනින්දෝ

දත්වා බහුණ්‌ණං - ඵලමග්ගදානං

නෙත්වා තතො දුම්බර - බෝධි ශාඛං

සොපාගමාසී පුන - ජම්බු දීපා



4. එවම්පි කසස්‌ප ජිනො - වරමණ්‌ඩදීපං

පත්තො පලග්ගරතනො - බහුනොජනස්‌ස

දත්වා ආනයනතො - වට බෝධිශාඛා

රොපාපයිත්ව මගමා - පුනජම්බු දීපං



5. පරොහ දන්තො - චිතකුට කුම්භො

අනෙක සොතත්ථ - විරාජ මානො

සොනිඡ්ජරා සාර - මදප්ප වාහො

ධජොම්වා භාති - සුරාධි පස්‌ස



6. තස්‌මිං සමන්තනග - බුද්ධතිලොක නාථො

ජම්බණ්‌ණ රංසි නිකරං - දිසිපත්ථ රන්තො

හික්‌ඛුහිසො පරිවුතො - සරසාගරන්තො

ඕලොකයං ඨිතමකාසි - අනොමවණ්‌ණො



7. ලංකාවධු සුමනකුට - කිරිට කූටං

සඡ්ජෙහිතග්ග ජිනරාජ - මණීවහන්තො

ඉචිäත්ථදං සිවපදං - පටිමං තිලොක

තන්දානි භොභජථ - සෙවිත සබ්බකාලං



8.දිවා විහාරං - භගවා සසංඝො

කත්වාන තස්‌මිං - පණකිඤ්චිකාලං

මහීය මානෙසු - සදෙව කෙසු

තතො ගතො රොහණ අම්භරම්භා



9. තස්‌මිං සසංඝො - මුනි දීඝවාපියං

ථූපාය ඨානො - පරමාය භූමියං

ගරූකරන්නො - ජනිතං මහීතලං

නිරොධ මාපඡ්ජ - නිසීදිසත්තමො



10.විභංග මානං - ගරුඩොව මඡ්ෙCධ

මිගාන මඡ්ෙCධ - පරමොව සීහො

මහායසොමාර - බලස්‌ස මඡ්ෙCධ

විසාරදො වීත - භයො නිසීද



11.සබ්බන්ත මද මොහෙන - නාලගිරිං ගජවරං

වෙස්‌සන්තරො දෙවදත්ත - මෙඛලා ගිර ගජනම(



12.විමත්ත මද වෙගෙන - නාලාගිරි කරිස්‌සරං

මෙත්තො සද්ධෙන සම්බුද්ධෝ කිම්මදං අකරී භූසං

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.