දකුණේ පාසල් 165 ක්‌ වැසී යැමේ අවදානමක!

ලකී වෛද්‍යසේකර -අම්බලන්තොට අතිරේක

දකුණේ පාසල් 165 ක්‌ වැසී යැමේ තර්ජනයට ලක්‌ව ඇතැයි පැවැසේ.

දකුණු පළාතේ දැනට පාසල් 1099 ඇති අතර එයින් පාසල් 73 ක සිසුන් 30 කට අඩු සංඛ්‍යාවක්‌ සිටින බවත් තවත් පාසල් 92 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 50 කට වඩා අඩු බවත් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු "දිවයින"ට පැවැසීය.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පාසල් 35 ක්‌, මාතර දිස්‌ත්‍රික්‌කයේ පාසල් හැට හතක්‌ සහ ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පාසල් 35 ක්‌ මෙසේ වැසී යැමේ තර්ජනයට ලක්‌ව ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.