2012 ජුලි 03 අගහරුවාදා

 

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster
ශ්‍රී ලාංකික පිරිසක්‌
රැගත් තවත් යාත්‍රාවක්‌
ඔස්‌ටේ්‍රලියාවේ

ශ්‍රී ලාංකික සරණාගතයන් ලෙසින් 39 දෙනකු රැගත් ධීවර යාත්‍රාවක්‌ ඊයේ (02 දා) ඔස්‌ටේ්‍රලියාවේ ක්‍රිස්‌මස්‌ දූපත සමීපයට ළඟා වී ඇතැයි එරට මාධ්‍ය කියයි.


නිධන් හොරු
හකුරුවෙල විහාරය
වනසා ධාතු කරඩුවත්
රැගෙන යති


වීරකැටිය හකුරුවෙල පීල්ලෙවෙල පුරාණ විහාරයට ඇතුළු වූ නිධන් හොරුන් පිරිසක්‌ නිධන් සොයා විහාරස්‌ථානයේ බුදුපිළිමවලට සහ චෛත්‍යයට දැඩි හානි සිදුකර ඇත. පෙරේදා (01 දා) රාත්‍රි කාලයේ මෙම නිධන් කොල්ලය සිදුකර ඇත. නිධන් සොයා බුදුපිළිම හාරා ඇති අතර චෛත්‍යය හාරා එහි කොත ද කඩා බිඳ දමා ඇත. ධාතු කරඬුව ද රැගෙන ගොස්‌ තිබේ. මෙම පුරාණ විහාරය වීරකැටිය පොලිස්‌ වසම තුළ පිහිටා තිබේ.


විදුලි සේවක එක්‌ දින
වර්ජනය අද රාත්‍රි ඇරැඹේ


වැටුප් විෂමතාව වහාම ඉවත් කරන ලෙස ඉල්ලමින් ලංකා විදුලිබල මණ්‌ඩල සේවකයන් පහළොස්‌දහසක්‌ පමණ අද (03 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (04 වැනිදා) මධ්‍යම රාත්‍රිය දක්‌වා වැඩවර්ජනයක නිරත වෙති. මේ නිසා විදුලි බිඳවැටීම් සිදුවනු ඇතැයි ලංවිම ඒකාබද්ධ වෘත්තීය  සමිති සන්ධානයේ කමිටු සාමාජික රංජන් ජයලාල් මහතා "දිවයින"ට පැවැසීය.


හිටපු ඇමැතිවරයකුත්
ස්‌විස්‌ බැංකුවක මුදල්
තැන්පත් කරලා


ස්‌විස්‌ බැංකුවක මුදල් තැන්පත් කර ඇති හිටපු ඇමැතිවරයකු පිළිබඳව දැනටමත් තොරතුරු හෙළිවී ඇත. මේ ඇමැතිවරයා සතුව සුරිච් හි ක්‍රෙඩිට්‌ ස්‌විස්‌ බැංකුවේ මුදල් ඇතැයි බහුජාතික සමාගමක ගණකාධිකාරිවරයකු විසින් දන්වා තිබේ.


"වව්නියා හිරගෙදර
මෙහෙයුමට ගත වුණේ
විනාඩි 5 යි"

විශේෂ කාර්ය බළකා
අණදෙන නිලධාරි කියයි

වව්නියාව බන්ධනාගාරයේ එල්. ටී. ටී. ඊ. රැඳවියන් භාරයේ සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනා මූදාගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකායට ගත වූයේ විනාඩි පහක්‌ වැනි කෙටි කාලයක්‌ යෑයි එහි අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්‌පති චන්ද්‍රසිරි රණවන මහතා ඊයේ (02 වැනිදා) පැවසීය.


වව්නියා නගරාධිපතිට
එරෙහිව  කම්කරුවෝ
විරෝධතාවේ


වව්නියාව නගර සභාවේ පාලන බලය හිමි ද්‍රවිඩ සන්ධානයේ නගරාධිපතිවරයාට හා ඔහුගේ පරිපාලනයට එරෙහිව විරෝධතාවක්‌ ඊයේ (2 දා) නගර සභාව ඉදිරිපිටදී පැවැත්විණි. නගර සභාවේ කම්කරුවන් විසින් මෙය සංවිධානය කොට තිබිණි. දූෂිත නගර සභා පරිපාලනය ඉවත් කර දෙන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.



විත්තියේ නීතිඥ
උසාවි නොපැමිණියාට
විත්තිකාරිය රිමාන්ඩ්


නඩුව විභාගයට ගත් අවස්‌ථාවේ විත්තිකාරියගේ නීතිඥවරයා අධිකරණයට නොපැමිණීම නිසා අධිකරණය අපහසුවට පත්කිරීම සම්බන්ධයෙන් විත්තිකාරිය ඉදිරි නඩු දිනය දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කොට නීතිඥවරයාට නොතීසි නිකුත් කිරීමට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු කේ. බී. කේ. හිරිඹුරේගම මහතා නියෝග කළේය.


දම් දෙසුම නොපවත්වා
ආපසු යන ලෙස
මග රැක සිටි පිරිසක්‌

තර්ජනය කළා

පිටිදූවේ සිරිධම්ම හිමිගෙන් පොලිසියට පැමිණිල්ලක්‌

පෝද්දල කාසියදෙණිය ප්‍රදේශයේ ධර්ම දේශනාවකට තම මෝටර් රථයෙන් යමින් සිටියදී මග රැක සිටි භික්‌ෂූන් වහන්සේලා හා ගිහි පිරිසක්‌ මෝටර් රථය නතරකොට තමන්ට බැණ වැදී ධර්ම දේශනාව නොපවත්වා ආපසු හැරී යන ලෙස බලකළ බැව් පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් ගාල්ල පොලිසියට පැමිණිලිකොට ඇත.



කොටි සැකකරුවන්ට
චන්ද්‍රිකා තාක්‍ෂණ
දුරකථන ලැබුණේ

එන්. ජී. ඕ. වලින්


වව්නියාවේ සිරගෙදර සිටි හිටපු කොටි නායකයන් ඇතුළු කොටි ත්‍රස්‌තවාදීන්ට චන්ද්‍රිකා දුරකථන සපයා ඇත්තේ වව්නියාවේ ස්‌ථානගත රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකින් යෑයි තොරතුරු හෙළිවී ඇත.


කුල දරුවෝ 7
දෙනෙක්‌ පැවිදි බිමට

පුංචිමණ්‌ඩාවල මෙනේරිලන්ද නන්දාරාම පුරාණ පිරිවෙන් විහාරාධිපති ඉඟුරුවත්තේ සුමංගල හිමියන් ප්‍රධාන භික්‌ෂූන් වහන්සේ විසින් කුලදරුවන් හත් දෙනකු සසුන්ගත කළ අවස්‌ථාව ඡායාරූපයේ දැක්‌වේ. සියඹලාණ්‌ඩුව හුලංනුගේ පී. දුමිත් මධුවන්ත, එම්. සසංක කුලතිලක, වී. මහේෂ් චතුරංග, එස්‌. අනිල් සුරංග, ජී. පැතුම් උදයකුමාර, කේ. එම්. දක්‌ෂිණ මධුරංග, එම්. රසාංග කැලුම් සහ මන්ඩාලවල ඩී. ඒ. දුලාර් චතුරංග යන කුලදරුවෝ මෙසේ පැවිදිබිමට එක්‌වූහ.  පූගොඩ - සරණපාල නුවරපක්‍ෂ



ගල් විහාරය අබියස පෙහෙවස්‌ සමාදන් වෙති
පොලොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් පාසල් 13 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2000 ක පමණ පිරිසක්‌ ඊයේ (02 දා) ඓතිහාසික ගල් විහාරය අබියසදී පෙහෙවස්‌ සමාදන් වූහ. පොලොන්නරුව ඓතිහාසික සොළොස්‌මස්‌ථානාධිපති වේඬරුවේ උපාලි නාහිමියන්ගේ අනුශාසනා පරිදි අදට (03 දාට) යෙදී තිබෙන ඇසළ පුන් පොහෝ දිනය නිමිත්තෙන් මෙම පිංකම සංවිධානය කර තිබිණි. මෙහි සමාරම්භක අවස්‌ථාවට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ද සහභාගි විය.
පින්තූරය : කරුණාරත්න ගමගේ


අම්පාර සහ මඩකලපුව සෙනසුරාදා සිට අඳුරේ

බදුල්ල සිට අම්පාර දක්‌වා දිවෙන 132 ණඪ අධිබලැති විදුලි රැහැනක්‌ කඩා වැටීමෙන් අම්පාර, මඩකලපුව දිස්‌ත්‍රික්‌ක වල පසුගිය සෙනසුරාදා (30 වැනිදා) පස්‌වරු 2.30 සිට විදුලි බලය බිඳවැටීමෙන් පසු ජල සැපයුම ද නතර වී ජන ජීවිතය අඩාල වී තිබේ. මෙම විදුලි බිඳවැටීම ඊයේ  (02 වැනිදා) රාත්‍රි වන විටත් යථා තත්ත්වයට පත්කර නොතිබූ අතර ලංකා විදුලිබල මණ්‌ඩල සේවකයන් ඊයේ (02 වැනිදා) දහවල් වන විට විදුලිය  ....


වැස්‌ස තාවකාලිකයි!
දිගටම නියඟය·


වැස්‌ස තාවකාලික බවත් නියඟය දිගටම පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


සන්ධානයේ
පක්‍ෂවලට ලබාදෙන
අපේක්‍ෂක සංඛ්‍යාව

තීරණය 10 දාට පෙර

- ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් පළාත් සභා තුනට තරග කිරීමට ඒ ඒ පක්‍ෂවලට ලබාදෙන අපේක්‍ෂක සංඛ්‍යාව ලබන 10 වැනිදාට පෙර තීරණය කෙරෙන බව සන්ධානයේ මහලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.


මානාභරණ විහාරයේ
කැණීම්වලදී
කිරිගරුඬ බෝධිසත්ව
ප්‍රතිමාවක්‌ හමුවේ


සියඹලාණ්‌ඩුව මානාභරණ පුරාණ රජමහා විහාරස්‌ථානයේ ඉපැරණි දාගැබේ කැණීම් කටයුතු සිදුකිරීමේදී ඊයේ (2 දා) දහවල් මෛත්‍රී බෝසතුන්ගේ බවට විශ්වාස කරන සෙ.මී. දහයක්‌ උසැති කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවක කොටසක්‌ හමුවී තිබේ.


දැව ප්‍රවාහන
නීති ලිහිල් කරයි


දැව ප්‍රවාහනය සම්බන්ධයෙන් පවතින නීති රීති ලිහිල් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත.


මහමෝදර ළදරු
දැඩි සත්කාර
ඒකකය තුන් මසකට

පසු යළි ඇරේ


ගාල්ල මහමෝදර රෝහලේ කලක්‌ වසා දමා තිබූ ළදරු දැඩි සත්කාර ඒකකය ඊයේ (2 දා) තුන්මසකට ...


  
 
  • පෝදා සිතුවිලි
    ඇසළ පෝ දිනක ලොවට  හෙළි කළ දහම
    බෙංගමුවේ නාලක හිමි


    ඇතැම්හු "බුද්ධාගම ආගමක්‌ නොවේ" යයි කියති. ජීවන මාර්ගයක්‌ හෝ දර්ශනයක්‌ ලෙස නම් කරති. බුද්ධාගම නොව බුදු දහමයි. එය දර්ශනයක්‌ද නොවේ. ජීවන මාර්ගයක්‌ යයි හැඳින්වීමෙහි වරදක්‌ නැත. කුමක්‌ හෙයින්ද යත් ලෝකය තුළ මැනවින් දිවි ගෙවන මග එම දහමින් කියාදෙන බැවිනි. එසේ දිවිමග කියාදෙන අතරම ලොවින් එනම් සසරින් එතෙර වන මගද එම දහම කියා දෙයි.
     
  • ශ්‍රාවස්‌තිපුර-තලාව භීතියට පත් කළ
    අලියා වනජීවි ග්‍රහණයට


    අනුරාධපුර - ශ්‍රාවස්‌තිපුර හා තලාව අවට ප්‍රදේශවල මිනිස්‌ ජීවිත දෙකක්‌ බිලිගනිමින්, නිවාස හා බව භෝග වනසමින් සැරිසැරූ මිනීමරු වල් අලියා වනජීවී දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (01දා) අල්ලා ගෙන ඇත. වනජීවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් සහ පශු වෛද්‍ය චන්දන ජයසිංහ යන ....

 

 


 
  • ශ්‍රද්ධාව  බලවත් කළ හැක්‌කේ  කෙසේද!

    අධ්‍යාපනික විද්‍යාත්මක ප්‍රගතියක්‌ සමග දියුණු වී යන ප්‍රඥාවට සමාන්තර ව ශ්‍රද්ධාවද දියුණු කිරීම ය. ශ්‍රද්ධාවෙන් තොරව දියුණුවන ප්‍රඥාව භයානකය. එසේ දියුණුවන ප්‍රඥාව පුද්ගලයා කෛරාටික පක්‍ෂයට ඇද දමයි. ඊට විසඳුම අප සිත්සතන් තුළ ශ්‍රද්ධාව බලවත් කිරීමය.
     

  • අසිරිමත්  ඇසළ පොහොය

    මෙලොව බිහිවූ සිද්ධාර්ථ කුමරුවා තම පියාණන් විසින් සපයා තිබූ සියලු සම්පත් අනුභව කරමින් හැදී වැඩී විවාහ දිවියට ද පා තබා පසුව ගිහිගෙය ගැන කලකිරී අභිනිෂ්ක්‍රමණය සිදු වූයේ ද ඇසළ පොහෝ දිනකය. තම මෙහෙසියට රාහුල කුමරු උපන්නේත්, ගිහිගෙය හැරගොස්‌ කෙස්‌ සිඳ පැවිදි වූයේත් එම ඇසළ පුන් පොහෝදාමය.
     

  • වවුනියා සිරගෙයි කොටි බලය බිඳ දැමූ මෙහෙයුම

    වවුනියාවේ සිරගෙදර සිටියේ සාමාන්‍ය සිරකරුවන් නොව දරුණු ත්‍රස්‌තයන්ය. මේ සිරගෙදර සිටින කොටි චන්ද්‍රිකා දුරකථනවලින් සමන්විත වී සිටින බව පසුගිය සිකුරාදා අපි විශේෂයෙන් හෙළි කළෙමු.
     

  • දිවිනසා ගැනීම මනුෂ්‍යත්වයට ගැළපේද?

    මහාචාර්යවරයෙක්‌ කිසියම් අවස්‌ථාවකදී රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ කවර හෝ ගමකට ගොස්‌ තිබුණේ සියදිවි හානිකර ගැනීම් පිළිබඳ පර්යේෂණයක නියෑළෙනු පිණිසය. ඒ ගමේ සිදුවූ සියදිවි හානි කර ගැනීම් ගැන මාධ්‍යයට තොරතුරු වාර්තා වූයේද ඉතාමත් අවම ලෙසලු. එක්‌තරා අවස්‌ථාවකදී මාධ්‍ය හා සබැඳි ....
     

  • සත්වෝද්‍යානය  සත්ව ආරක්‌ෂණයටද
    විනෝදාස්‌වාදයටද!


    විශේෂයෙන් රාත්‍රි සමාජශාලාවල ඝෝෂාකාරී ශබ්ද සහ ආලෝක ධාරා මගින් මෙහි ජීවත්වන වන සතුන්ගේ නිදහස්‌ ජීවන රටාවට බාධා එල්ල විය හැකි බව කිවමනාය. එසේම වනාන්තරවල වෙසෙන සතුන් නැරඹීමට පවා ජාතික උද්‍යානවලට රාත්‍රියේදී ඇතුළු වීමට නොදෙන්නේ ඔවුන්ගේ ස්‌වභාවික හැසිරීම් රටාවන්ට බාධා එල්ල වන බැවිනි.

     

  

  


 
  • දිනයේ තරගය වැස්‌සට පරදියි

    ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර කොළඹ එස්‌. එස්‌. සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (02 දා) පාකිස්‌තානය ලබා දුන් ලකුණු 551 ක දැවැන්ත ඉලක්‌කය හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම වර්ෂාව හේතුවෙන් දිනයේ තරගය අතහැර දමන විට එක්‌ කඩුල්ලක්‌ දැවී ලකුණු 70 ක්‌ ලබා සිටියේය,
     

  • සිරියාවෙන් ගෝල් 4 යි සවුදියෙන් ගෝල් 7 යි

    ආසියානු පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ආසියානු පාපන්දු කුසලාන වයස 23 න් පහළ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්‌ඩායම සහභාගි වූ තෙවැනි සහ සිව්වන තරගවලදී දැඩි පරාද ලබා ඇත.
     

  • තව  දින 24 යි
    ඔලිම්පික්‌ තරගාවලිය-28
    ඇතැන්ස්‌  (ග්‍රීසිය) - 2004


    වසර 2004 අගෝස්‌තු 13 දා සිට 29 දා දක්‌වා ග්‍රීසියේ ඇතැන්ස්‌ නුවරදී පවත්වන ලද 28 වැනි ඔලිම්පික්‌ තරගාවලියේ තේමා පාඨය "ගෙදරට එන්නෝ සාදරයෙන් පිළිගනිමු" වශයෙන් විය.

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.