ශ්‍රී ලාංකික පිරිසක්‌ රැගත්
තවත් යාත්‍රාවක්‌ ඔස්‌ටේ්‍රලියාවේ

ශ්‍රී ලාංකික සරණාගතයන් ලෙසින් 39 දෙනකු රැගත් ධීවර යාත්‍රාවක්‌ ඊයේ (02 දා) ඔස්‌ටේ්‍රලියාවේ ක්‍රිස්‌මස්‌ දූපත සමීපයට ළඟා වී ඇතැයි එරට මාධ්‍ය කියයි.

මේ යාත්‍රාව පිළිබඳ ඔස්‌ටේ්‍රලියානු නාවික හමුදාව විමර්ශනයේ යෙදී සිටින අතර නාවික භටයන් කිහිපදෙනකු බෝට්‌ටුවට ගොඩවී පරීක්‍ෂණ පවත්වා ඇත.

මෙම ධීවර බෝට්‌ටුවේ සිටින 39 දෙනා ගොඩබිමට ගෙන ඒම සඳහා මූලික පියවර ගනිමින් සිටින බව ඔස්‌ටේ්‍රලියානු මාධ්‍ය පවසයි. මෙහි සිටින සියලු දෙනාම පිරිමි අය වෙති. පෙරේදා (01 දා) දිනයේ ද ශ්‍රී ලාංකිකයන් 67 දෙනකු රැගත් යාත්‍රාවක්‌ ක්‍රිස්‌මස්‌ දිවයින අසලට ළඟා වූ අතර මේ පිරිස ගුවනින් කොකොස්‌ දිවයින වෙත ගෙන යනු ලැබීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.