එකඟතාවක්‌ නොලද හොත්
"තුරුම්පු" පාවිච්චි කරනවා

මුස්‌ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක


රනිල් ධර්මසේන - කල්මුණේ ශ්‍රී වේල්රාජා

අපේ ඉල්ලීම්වලට එකඟතාවක්‌ නොලැබුණහොත් අන්තිම මොහොතේ තුරුම්පු පාවිච්චි කරනවා යෑයි ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රµsක්‌ රාජාබ්දීන් මහතා පැවසීය. නැගෙනහිර පළාත් සභාවට තරග කිරීමට තම පක්‍ෂය ආණ්‌ඩුව සමගත් තවත් පක්‍ෂ කිහිපයක්‌ සමගත් දැනටමත් සාකච්ඡා පැවැත් වූ බවත් එහිදී මහ ඇමැති ධුරය පළාත් ඇමැති ධුරය හා බෝනස්‌ මන්ත්‍රී ධුරයක්‌ ලබාදීම යන ඉල්ලීම් ඉදිරිපත් කළ බවත් කීය.

එහෙත් මෙතෙක්‌ ආණ්‌ඩුවෙන් හෝ අනෙකුත් දේශපාලන පක්‍ෂවලින් කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබී නැති බව කී ඒ මහතා සාකච්ඡා අසාර්ථක වුවහොත් ඊට මුහුණදීමට තුරුම්පු අතේ තියාගෙන සිටින බවත් අවසාන මොහොතේදී ඒවා පාවිච්චි කරන බවත් කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.