මා සන්ධාන රජයෙන් කිසිදා ඉවත් වන්නේ නෑ
- ඇමැති රාවුෆ් හකීම්

දෙහිඅත්තකණ්‌ඩිය - රණතුංග

සතියක්‌ තිස්‌සේ කාටුන් ශිල්පීන් හා මාධ්‍යකරුවන් තමා ගැන කතා කරන බවත් අධිකරණ ඇමැතිකමෙන් හා රජයෙන් ඉවත්ව ද්‍රවිඩ සන්ධානය සමග එක්‌වී නැගෙනහිර මහ ඇමැතිකමට ඉල්ලනවා කියා තමා කිසිම ප්‍රකාශයක්‌ කර නොමැති බවත් අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතා පැවසීය.

එමෙන්ම තමන් කිසිම දිනක ජනාධිපතිවරයා හා රජය අතහැර යන්නේ නැතැයිද හකීම් මහතා කීවේය.

මුස්‌ලිම් කොංග්‍රස්‌ කාන්තා බල මණ්‌ඩය පිහිටුවීමේ රැස්‌වීම ඊයේ (12 වැනිදා) දෙහිඅත්තකණ්‌ඩිය ශාලිකා ශාලාවේ පැවති අවස්‌ථාවේදී ඇමැති රාවුෆ් හකීම් මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා

මේ රජය විශාල සංවර්ධන ක්‍රියාවලියක නිරත වී සිටිනවා. මා කිසිම දවසක මේ රජයෙන් ඉවත්වෙන්න සූදානම් නැහැ. නැගෙනහිර පළාතේ බලය ආණ්‌ඩු පක්‍ෂයට ලබා ගන්න හැකි සෑම දෙයක්‌ම මම රජය වෙනුවෙන් කරනවා.

නියඟය නිසා හානියට පත්වූ මේ ප්‍රදේශයේ කුඹුරු වෙනුවෙන් ගොවීන්ට රුපියල් මිලියන 4000 ක වන්දි මුදලක්‌ ලබාදීමට රජයෙන් අනුමැතිය ලැබී තිබෙනවා. එමෙන්ම 2013 දැයට කිරුළ මගින් මේ පළාතේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 16000 ක්‌ වෙන් කර තිබෙනවා යෑයි ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.