මා ඔය ජලෙද්‍රdaණි  කළමනාකරණයේ
ජාතික පාරිසරික වැදගත්කම

මෙහි මුල් කොටස ගිය සතියේ පළවිය


මා ඔය ජලධාරයේ කිලෝමීටර් 30 ක්‌ ඇතුළත අපද්‍රව්‍ය එකතු කරන ස්‌ථාන 35 ක්‌ යනු සාමාන්‍යයෙන් එක කිලෝමීටරයකට කසළ එකතු කරන ස්‌ථාන ගණන එකකි. සමස්‌ත මා ඔය ජලතීරයේ දිග කිලෝමීටර් 130 ක්‌ වේ. ඉහත ගණන් බැලීම අනුව මෙම දුර තුළ අපද්‍රව්‍ය එකතු වන ස්‌ථාන ගණන 130 ක්‌ විය යුතුය. එනම් එක්‌ කිලෝමීටරයකට එක්‌ ස්‌ථානයක්‌ බැගිනි. මෙය සාමාන්‍යකරණයක්‌ පමණි. සත්‍ය තත්ත්වය තුළ අපද්‍රව්‍ය එකතු වන ස්‌ථාන ගණන 130 කට වැඩි විය හැකිය. මේ පිළිබඳ නිශ්චිත වූ දත්ත නොමැති වුවද ගැටලුවේ ස්‌වරූපය සරල නැත. මා ඔය ජල තීරයේ ජලයේ තත්ත්වය භෞතිකවත්, රසායනිකව සහ ජෛවීය ස්‌වරූපය ප්‍රබල වෙනසකට යොමු කළ හැකි ආකාරයක්‌ ඒ තුළ පවතී. මා ඔය ජලතීරයේ මෙම තත්ත්වය ඒ ආශ්‍රිතව ජීවත්වන මිනිසාට පමණක්‌ නොව සතුන්ට, පක්‍ෂීන්ට, වන සතුනට හා මත්ස්‍යයන්ටද අතිශය හානිකරය. මෙලෙස මා ඔයේ ජලය අපවිත්‍ර වීම හා විෂවීම නිම්නයේ ජීවත්වන මිනිසාට පමණක්‌ නොව සතුන්ට, පක්‍ෂීන්ට, වන සතුනට හා මත්ස්‍යයන්ටද අතිශය හානිකරය. මෙලෙස මා ඔයේ ජලය අපවිත්‍ර වීම හා විෂවීම නිම්නයේ ජීවත්වන ජනතාවගේ සුබසාධනයට සෘජු අභියෝගයකි.

ස්‌වාභාවික සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම?

මෙරට වෙරළ තීර අතර හලාවත, වයික්‌කාල, නයිනමඩම හා මාරවිල ප්‍රදේශයේ වෙරළ ඛාදනය ඉතා අධිකය. (මූලාශ්‍රය( විදුසර 2011 දෙසැම්බර් 31, 22 පිටුව). මෙම වෙරළ තීරය පෝෂණය වූයේ මා ඔය ජල තීරයෙන් ලද වැල්ලෙනි. ශ්‍රී ලංකාවේ වෙරළ තීර පෝෂණයේදී ගංගා මගින් සැපයෙන වැලිවලින් අනුපමය මෙහෙයක්‌ සිදු වේ. විශේෂයෙන් මා ඔය ජල තීරයේ දරා ගැනීමේ සීමාව  ඉක්‌මවා වැලි කැණීමෙන් වෙරළ පෝෂණයට අවශ්‍ය වැලි හිඟ විය. වෙරළ තීරය කරා යායුතු වැලි අතරමගදී ලබා ගැනීමෙන් නිසි ලෙස පෝෂණය නොවු වෙරළ දැඩි ලෙස ඛාදනයවීමට ගොදුරු වේ. මෙරට දේශීය ජල තීර ආශ්‍රිත අධික ලෙස වැලි කැණීමෙන් කරදිය උඩුගම් බලා පැමිණීමේ පාරිසරික ගැටලු කොළඹ විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රන්ජන් පියදාසගේ මහතා 2012.04.17 "මව්බිම" පුවත්පත මගින් ද අවධාරණය කර තිබිණි.

වැලි අහිමි වූ මන්ද පෝෂිත වෙරළ

මා ඔය ජල තීරයේ හදවතවන් ඉහළ ජල ෙද්‍රdaණියේ සමතුලිත පාරිසරික ක්‍රියාකාරිත්වය සුවිශේෂී වේ. මෙයට හේතුව වන්නේ හදවතේ නිසි ක්‍රියාකාරිත්වය සිදු නොවුණහොත් මුළු දේහයම ලෙඩ වන බැවිනි. මේ සඳහා අත්‍යවශ්‍ය මූලික කාරණය වන්නේ සියලු පාරිසරික සාධකයන්ගේ ක්‍රියාකාරීත්වයට බලපාන ඉඩම් උපයෝගී කර ගැනීමේ ආකාරයයි. දැඩි බෑවුම් සහිත, ලොකු කුඩා දිය දහරාවන්, අතු ගංගා දහස්‌ ගණනක්‌ ගලා බසින මෙම භූමිය කළමනාකරණය කිරීම ජාතික අවශ්‍යතාවයකි. අවදානම් සහිත නායයැම්වලට ලක්‌විය හැකි දිය බස්‌නාවන් කළමනාකරණයේදී පාංශු සංරක්‍ෂණය දැඩි අවශ්‍යතාවකි (මූලාශ්‍රය( ජාතික පාරිසරික පනත, 22 වැනි වගන්තිය, මධ්‍යම පරිසර අධිකාරිය).

අවදානම් සහිත දිය බස්‌නාවන් සංරක්‍ෂණයේදී දොළ රක්‍ෂිත පුනර්ජීවනය කිරීම සුවිශේෂ අවශ්‍යතාවකි. දැනටමත් මෙම දොළ රක්‍ෂිත බෙහෙවින් අවදානම් සහිත බව මේ පිළිබඳ ගවේෂණයක යෙදුණ මා ඔය සුරකින්නෝ සංවිධානය නිරීක්‍ෂණය කර ඇත. මෙම දොළ රක්‍ෂිතවල පැවැති කුඹුක්‌ හා උණ පඳුරු ඉවත් කර නීති විරෝධී ඉදිකිරීම් සිදු කර ඇති ආකාරය මා ඔය සුරකින්නන්ගේ නිරීක්‍ෂණවලදී හඳුනාගත් බව ප්‍රකාශිතය.

මෙරට ජාතික සංවර්ධන ප්‍රයත්නයෙහිලා මා ඔය නිම්නයේ කාර්යභාරය අතිශයින්ම වැදගත්ය. වර්ග කිලෝමීටර් 1528 ක්‌ පුරා ව්‍යාප්තව ඇති මෙම නිම්නය පළාත් 04 ක්‌, දිස්‌ත්‍රික්‌ක 05 ක්‌ හා ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 15 ක්‌ නියෝජනය කරනු ලබයි (ඔර්බි - ඉදමබාaරහ පදඩැපැබඑ)ග 2005 සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙහි ජීවත්වන ජනගහනය මිලියන 1.5 කට අධිකය. කෘෂිකර්මය, කර්මාන්ත, වෙළෙඳ හා සේවා සම්පාදනයේදී මා ඔය නිම්නයේ දායකත්වය විශිෂ්ටය. මෙම සාධන මට්‌ටම තවදුරටත් ප්‍රවේගවත් කළ යුතු වුවද නිම්නයේ පාරිසරික ප්‍රවණතා එයට අභියෝගයකි. මා ඔය නිම්නයේ පාරිසරික පුනර්ජීවනය ජාතික සංවර්ධන ප්‍රයත්නය ප්‍රවේගවත් කරනු ලබන ක්‍රියාකාරකමකි. මේ සඳහා නෛතික හා ආයතනික වශයෙන් පුළුල් කාර්යභාරයක්‌ සම්පූර්ණ කළ යුතුව පවතී. මා ඔය නිම්නය ආශ්‍රිතව සමාජ ක්‍ෂේත්‍රයේත්, ආර්ථික හා පාරිසරික ක්‍ෂේත්‍රයේත් ඒකාබද්ධ පුනර්ජීවනයක්‌ ළඟා කරගත යුතුය. පාරිසරික පුනර්ජීවනයේදී මූලික අවධානයක්‌ යොමු කළ යුතු වන්නේ මා ඔය ජල තීරයේ ජලයේ තත්ත්වය උසස්‌ කරනු ලබන ක්‍රියාමාර්ග කෙරේය. ජලයේ තත්ත්වය අධ්‍යයනය කිරීම පිණිස මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම වර්ෂයේදී විශේෂ අවධානයක්‌ යොමු කර ඇත. එයට අමතරව මෙම අරමුණ සාක්‌ෂාත් කරගැනීමට පළාත් පාලන ආයතනද හවුල් කරගැනීමේ කටයුතු දැනටමත් ක්‍රියාත්මකය. මා ඔය දෙපස පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ හැකියාව වැඩි දියුණු කිරීමට මූල්‍යමය හා තාක්‍ෂණ සහයෝගය ලබාදීම පිණිස පිළිසරු ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මගින් පුළුල් වැඩ පිළිවෙළක්‌ ආරම්භ කර ඇත. මෙමගින් මා ඔයට එකතු විය හැකි අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්‌ කොම්පෝස්‌ට්‌ පොහොර නිපදවීමට යොදා ගන්නා අතර එය කාබනික ගොවිතැන ප්‍රවර්ධනයට හේතු වේ. මා ඔය නිම්නය ආශ්‍රිත ශීඝ්‍ර ජනගහන වර්ධනය, කාර්මීකරණය හා නාගරීකරණය හේතුවෙන් එයට එකතු වන ප්ලාස්‌ටික්‌ හා පොලිතීන් ප්‍රමාණය විශාල ය. මෙම තත්ත්වය නිසා එහි ජලය මිනිසාටත්, සත්ත්වයන්ටත්, වන සතුන්ට, මත්ස්‍යයන්ට හා කුරුල්ලන්ට භාවිත කිරීමට නොහැකිතරම් අපවිත්‍ර වේ. මධ්‍යම පරිසර අධිකාරියේ පසුභාවිත ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය මගින් මෙම ඉවතලන ප්ලාස්‌ටික්‌ හා පොලිතීන් එකතු කිරීමට කටයුතු කරමින් සිටී. එම ද්‍රව්‍ය නැවත අමුද්‍රව්‍ය ලෙස භාවිත කිරීමටත් ඒවා එකතු කරන්නන් දිරිගැන්වීමටත් අවශ්‍ය පියවර ගනිමින් සිටී.

මා ඔය පාරිසරික පුනර්ජීවනයේදී මැටි හා වැලි කැණීමේ යෙදී සිටින්නන්ට විකල්ප ආදායම් මාර්ග හඳුන්වාදීම අත්‍යවශ්‍ය වේ. මෙහිදී වඩාත් වැදගත් වන්නේ පරිසර හිතකාමී ආදායම් උත්පාදන මාර්ග විවර කර දීමයි. අපද්‍රව්‍ය කළමනාකරණය ආශ්‍රිත රැකියා උත්පාදනය කළ හැකිය. උණ, පන් හා වේවැල්වලින් ගෘහස්‌ථ කර්මාන්ත හඳුන්වාදීමටත් ඒවා වැඩිදියුණු කිරීමටත් එම නිෂ්පාදනවලට ප්‍රමාණවත් වෙළෙඳපොල අවස්‌ථා විවර කිරීමත් කළ හැකිය. මෙයින් උණ, පන් හා වේවැල් වර්ග වගා කිරීමටද ජනතාව පොළඹවාලිය හැකිය. එමගින් මා ඔය පාරිසරික පුනර්ජීවනයට සිදු කළ හැකි සේවය විශාලය.

මා ඔය පුනර්ජීවන වැඩසටහන සාර්ථක කිරීම පිණිස ප්‍රාදේaශීය ලේකම් කොට්‌ඨාස සහ පළාත් පාලන ආයතන නියෝජනයෙන් ඒකාබද්ධ සංවිධාන ව්‍යqහයක්‌ සකස්‌ කළ හැකිය. මෙම කාර්යය වඩාත් ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික පාරිසරික පනතේ 23 ඇ (1) වගන්තිය ප්‍රකාරව මා ඔය ජලධාරයේ වර්ග කිලෝමීටර් 1528 ක ප්‍රදේශය පාරිසරික ආරක්‍ෂක ප්‍රදේශයක්‌ ලෙස ප්‍රකාශයට පත්කළ හැකිය. මේ අනුව අදාළ බලතල ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට පහසුවන අතර මා ඔය පුනර්ජීවන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට එමගින් අවශ්‍ය නෛතික බලය හිමි වේ.

මා ඔය පාරිසරික පුනර්ජීවන වැඩසටහන සාකච්ඡා කිරීමේදී නයිල් නිම්නය සම්බන්ධව එක්‌සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග කෙරේ අවධානය යොමු කිරීම වැදගත් වේ. නයිල් නදිය රටවල් කිහිපයක්‌ හරහා ගලායයි. ඒ ඒ රටවල අභිමත පරිදි එහි ජලය ප්‍රයෝජනයට ගැනීමට පියවර ගැනීමෙන් නිම්නයේ පාරිසරික තත්ත්වයට හානි පැමිණවීය. මෙම තත්ත්වය වළක්‌වනු ලැබුයේ එක්‌සත් ජාතීන්ගේ පාරිසරික සංවිධානයේ මැදිහත්වීමෙනි. ඒ අනුව අදාළ රටවල නියෝජිතයන්ගෙන් සැදුම් ලද කොමිසමක්‌ පත්කළ අතර සියලු ක්‍රියාකාරකම් එම කොමිසමේ නිර්දේශයට යටත් විය. කොමිසමේ කටයුතු අධීක්‍ෂණය කළේ එක්‌සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනයි. පාරිසරික පුනර්ජීවය සඳහා ඒකාබද්ධ ප්‍රයත්නයන්ගේ වැදගත්කම මෙයින් පැහැදිලි වේ.

ප්‍රේමරත්න දිසානායක නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
මධ්‍යම පරිසර අධිකාරිය වයඹ පළාත් කාර්යාලය - කුරුණෑගල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.