2012 ජුලි  17 අගහරුවාදා

 

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster
ත්‍රි'මලේ අපේක්‍ෂකයාට
සන්ධානයෙන් තැනක්‌ නොලැබේ
නැගෙනහිර සටනට
ජා.නි.පෙ. තනිවම


ඉදිරි නැගෙනහිර පළාත් සභා මැතිවරණය සඳහා ජාතික නිදහස්‌ පෙරමුණ පංචායුධය ලකුණ යටතේ තනිව තරග කිරීමට සූදානම්ව සිටී.


එජනිස සමඟ ගිවිසුමට
මුස්‌ලිsම්  කොංග්‍රසය
අද අත්සන් තබයි


ඉදිරි පළාත් සභා මැතිවරණයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සන්ධානය සමඟ අද (17 වැනිදා) අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කිරීමට නියමිතය. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය වෙනුවෙන් එහි මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාත් මුස්‌ලිම් කොංග්‍රසය වෙනුවෙන් එහි මහ ලේකම් හසන් අලි මහතාත් අවබෝධතා ගිවිසුමට අත්සන් තබන බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

 


එජාපය සමඟ එක්‌වන
බවට ෆොන්සේකාගෙන්
ඉල්ලීමක්‌ ලැබී නෑ


හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ එක්‌වන බවට කිසිදු පැහැදිලි හා විධිමත් ඉල්ලීමක්‌ ඊයේ (16 වැනිදා) වනතෙක්‌ සිය පක්‍ෂය වෙත ලැබී නොතිබූ බව එ.ජා.ප. මහලේකම් තිස්‌ස අත්තනායක මහතා "දිවයින" ට පැවසීය. එක්‌සත් ජාතික පක්‍ෂයට  එක්‌වීම සම්බන්ධව ඔහු පැහැදිලි හා විධිමත් ඉල්ලීමක්‌ කරන්නේ නම් පක්‍ෂයේ පවතින ක්‍රමවේදයට අනුව කෘත්‍යාධිකාරී මණ්‌ඩලය ඒ ගැන සාකච්ඡා කොට තීන්දුවක්‌ ගන්නා බව හෙතෙම කීය.


සන්ධාන රජයේ පිපිරීමක්‌  ඇතිවෙමින් තිබෙනවා

ජාතික හෙළ උරුමය ඡන්දය වර්ජනය කිරීම හා රජයේ පාර්ශ්වකරුවන් වන වාමාංශික පක්‍ෂ වෙනස්‌ මත දැරීම මගින් සන්ධාන ආණ්‌ඩුවේ දැවැන්ත පිපිරීමක්‌ ඇති වෙමින් පවතින බව පැහැදිලි වන්නේ යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඡන්දයට නාමයෝජනා ලබාදෙන දිනයේදී භාණ්‌ඩ කිහිපයක මිල අඩු කිරීම බලවත් ප්‍රොaඩාවක්‌ බව ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.



කුඹුරට වතුර හැරවීමට
ගිය ගොවියා අලි
ප්‍රහාරයෙන් මරුට


තම කඹුරට වතුර හැරවීම සඳහා ගොස්‌ සිටි 24 හැවිරිදි ගොවියකු පෙරේදා (15 දා) රාත්‍රි 11.30 ට පමණ අලියෙකු පහරදීම නිසා මරුමුවට පත්ව තිබේ. මෙම සිද්ධියෙන් මිය ගොස්‌ ඇත්තේ ඕනෑගම, පුදූර් මුස්‌ලිම් ගම්මානයේ පදිංචිව සිටි ඉබ්‍රාහිම් මොහමඩ් අසාන් (24) නමැති එක්‌දරු පියෙකි. පොලොන්නරුව පොලිසිය මේ පිළිsබඳව වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.


ආරක්‍ෂක අමාත්‍යංශයේ විරෝධයෙන් බන්ධනාගාර
"වීර විභූෂණය"
ලත් තැනම ලොප් වෙයි


බන්ධනාගාර දිනය නිමිත්තෙන් උසස්‌ බන්ධනාගාර නිලධාරීන් පිරිසකට වීර විභූෂණ පදක්‌කම් පැළඳවීමට සංවිධානය කර තිබූ උත්සවයක්‌ ආරක්‍ෂක අමාත්‍යංශය මගින් අත්හිටුවා තිබේ. බන්ධනාගාර අමාත්‍යංශය විසින් එම දිනය නිමිති කොටගෙන සංවිධානය කර තිබූ මෙම උත්සවය කොළඹ ආනන්ද විදුහලේ කුලරත්න ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබිණි.


නව නීතිපතිවරයා ලෙස පත්වූ ජනාධිපති නීතීඥ සරත් පාලිත ප්‍රනාන්දු මහතා ඊයේ (16 වැනිදා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ අරලියගහ මන්දිරයේදී දිවුරුම්දීමෙන් පසු සිය පත්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙතින් ලබාගත් අයුරු. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද මෙහි සිටී. ඡායාරූපය - සුදත් සිල්වා



වව්නතිව් මංගල
සාදයකදී ආහාර
විෂ වී 400ක්‌ රෝහලේ



මෝටර් රිය මහවැලි
ගඟට පෙරළී
පොල්ගොල්ලේ

තරුණයා මරු දකී



රිය පදවන මාමේ
පුංචි අපි ගැනත් හිතන්න...


"ටෙලිග්‍රෑම්"
ළඟදීම අහෝසියි


කාලාන්තරයක්‌ තිස්‌සේ පවත්වාගෙන යන විදුලි පණිවුඩ (ටෙලිග්‍රෑම්) සේවාව ළඟදීම අහෝසි කිරීමට තැපැල් ඇමැති ජීවන් කුමාරණතුංග මහතා තීරණය කර ඇත.


අනුරපුර රෝහලේ
හෙද වර්ජනයක්‌


අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අවිවාහක කාන්තා හෙද නිලධාරිනියන්ගේ සාද නිවාසවල නේවාසිකව සිටින සෑම හෙද නිලධාරිනියකගේම මාසික වැටුපෙන් රුපියල් අටසියයක්‌ බැගින් විදුලි ගාස්‌තුවක්‌ අයකිරීමට විරෝධය පළකරමින් එම රෝහලේ හෙද කාර්ය මණ්‌ඩල ඊයේ (16 දා) පෙරවරුවේ සිට වැඩවර්ජනයක්‌ ආරම්භ කර තිබේ.


මැතිවරණයට තරග වදින
අපේක්‍ෂකයන්ගේ වත්කම්  බැරකම් ප්‍රකාශ ඕනෑ


පළාත් සභා මැතිවරණයට තරග කරන සියලු අපේක්‍ෂකයන් ඡන්ද විමසීම සිදුකරන දිනට පෙර සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ මැතිවරණ කාර්යාලයට  භාරදිය යුතු බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පක්‍ෂවලට දැනුම්දී තිබේ.


  
 
 
  • 13 හැවිරිදි ආබාධිත දැරියකට අතවර කිරීමේ නඩුව
    දෙවසරක අත්හිටුවූ සිර දඬුවම ඉවත් කර
    විත්තිකරුට දස වසරක සිරදඩුවමක්‌


    13 හැවිරිදි ආබාධිත දැරියක්‌ බලෙන් දූෂණය කිරීමේ නඩුවක විත්තිකරුවකුට අනුරාධපුර මහාධිකරණයෙන් නියම කර තිබූ වසර 02 ක අත්හිටුවූ සිර දඬුවමක්‌ ඉවත් කළ අපරාධ අභියාචනාධිකරණය ඒ වෙනුවට එවැනි වරදකට නීතියෙන් හිමි උපරිම දඬුවම ලබා දෙමින් විත්තිකරු බරපතළ වැඩ සහිත වසර 10 කට සිරගෙට නියම කළේය.
     
  • "මෝකූල් රෝඩ් රේස්‌" ස්‌කූටර් තරගාවලියේ
    දෙවැනි ස්‌ථාන 2 ක්‌ දස හැවිරිදි හංසිකාට


    ශ්‍රී ලංකා රේසිං ධාවකයන්ගේ සංගමය හා ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ සංගමය සමග එක්‌ව සංවිධානය කර පන්නල ගෝල්වින් ජාත්‍යන්තර ධාවන පථයේ නොබෝදා පැවති 2012 සමස්‌ත ලංකා මෝකූල් රෝඩ් රේස්‌ කාන්තා විවෘත ස්‌කූටර් තරග ඉසව්ව සඳහා වැඩිහිටි කාන්තාවන් සමග තරග වැදුණු 10 හැවිරිදි ලාබාල ක්‍රීඩිකා ඒ. ඇම්. හංසිකා අබේසිංහ ක්‍රීඩිකාව සැතපුම් හයක්‌ දුර රේසිං ධාවන තරගයෙන් දෙවැනි ස්‌ථානය දිනා ගැනීමට සමත්ව ඇත.

 


 
  • දරුවන්ට සිදුවන අතවර වළක්‌වන්න
    අපි ක්‍රියාත්මක වෙනවා

    ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ
    සභාපති නීතිඥ අනෝමා දිසානායක
     

  • දිනපතා ළමා අපයෝජන වැඩිවෙමින් පවතී. පසුගිය වසරේ ළමා අපයෝජන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට පැමිණිලි 5,108 ක්‌ ලැබී ඇති අතර මෙම වසරේ පළමු මාස තුනේදී පමණක්‌ එවැනි පැමිණිලි 9,446 ක්‌ ලැබී තිබිණි. මෙය ඉතාම භයානක තත්ත්වයකි. දරුවන්ගේ රැකවරණයට බරපතළ තර්ජනයකි. දරුවන්ගේ අනාගතයට අවදානමකි.
     
  • "බොරු සමග හෙලුවෙන්ලු
    ඒ රටේ මිනිස්‌සු"


    මොනරියක සේ හැඩ වැඩ පා, කට උල් කර අර අම්මී "වාව්" කියන කල රූපවාහිනී මැදිරියම සිනහ හඬින් පිරී ගිය මුත් ඒ අම්මිගේ දයාබර දියණිය පමණක්‌ මුහුණ රතු කරගෙන ඔහේ බලාගෙන සිටියේ තම මෑණියන්ගේ උන්මාද උත්තරයට ඈට කටඋත්තරද නැති නිසා විය හැක. සැබැවින්ම රුපියල් ශත ඉදිරියේ මේ හෑල්ලු වී යන්නේත්, මස්‌තබාල්දු වී යන්නේත් අපේ, උතුම් වූ මාතෘත්වයම නොවේද? මේ අයුරින්ම ගෙදරට වී ඔහේ කාලය කකා සිටින අපේ කාලයේ ඇතැම් අම්මිලා FM නාලිකාවල ගිරා පෝතකයන් සමඟ වේලාවක්‌ අවේලාවක්‌ නැතිවම හුරතල් වෙන ලීලාව අසල කල අපට නම් සිතෙන්නේ, අනේ· කපුගේ නුඹ අද ජීවතුන් අතර සිටියා නම් මේ අම්මිලා ගැන නුඹ ගයන්නේ කෙබඳු ගීතයක්‌ද? කියාය.

  

  • ආපිකෝ විශිෂ්ට අලෙවි නියෝaජිත සම්මාන
    ප්‍රදානෝත්සවය අති උත්කර්ෂවත් ලෙස පවත්වයි


    රිචඩ් පීරිස්‌ ටයර් සමාගමේ ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ටයර් අලෙවි නියෝජිතයන්ගේ වාර්ෂික අලෙවි නියෝජිත සම්මාන ප්‍රදානෝත්සවය 'Success Trail - Top Dealer Awards - 2012'  2012 නමින් රිචඩ් පීරිස්‌ සමූහ ව්‍යාපාරයේ මස්‌කෙළිය වැවිලි සමාගමේ අධ්‍යක්‍ෂ, ආචාර්ය අනුර ඒකනායක මහතා, රිචඩ් පීරිස්‌ සමාගමේ සමූහ අධ්‍යක්‍ෂ/ දේශීය නිෂ්පාදන හා බෙදාහැරීමේ අංශයේ කළමනාකාර අධ්‍යක්‍ෂ සුනිල් ලියනගේ මහතා හා සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ ප්‍රධානත්වයෙන් අලුත්ගම ඊඩ්න් රිසෝර්ට්‌ හා ස්‌පා හෝටලයේදී පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

  


 
  • ලෝක ශූරතා කනිෂ්ඨ මලල
    ක්‍රීඩා තරගාවලියේ ශූරතාව ඇමරිකාවට

    සමස්‌ත ආසියාව  පල්ලම් බසියි

    ස්‌පාඤ්ඤයේ බාසිලෝනා ඔලිම්පික්‌ ක්‍රීඩාංගණයේ පැවැති (ජුලි 10-15) 14 වැනි ජගත් ශූරතා කනිෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ සමස්‌ත ශූරතාව ඇමරිකා එක්‌සත් ජන පදය විසින්ද, අදාළ අනුශූරතාව ඉතියෝපියාව විසින්ද දිනා ගන්නා ලද අතර එම තෙවන ස්‌ථානය කෙන්යාවට හිමිවිය.
     
  • ඉන්දියාව හෙට ශ්‍රී ලංකාවට

    එක්‌දින තරග පහකට සහ 20-20 තරගයට සහභාගි වීම සඳහා ඉන්දියානු ක්‍රිකට්‌ කණ්‌ඩායම ලබන 18 වැනිදා (හෙට) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. පළමු තරගය ලබන 21 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.