නව නීතිපති පාලිත ප්‍රනාන්දු ඊයේ දිව්රුම් දෙයි

අජිත් අලහකෝන් චමින්ද සිල්වා

සොලිසිටර් ජනරාල් සරත් පාලිත ප්‍රනාන්දු මහතා නව නීතිපතිවරයා ලෙස ඊයේ (16 වැනිදා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවේ අරලියගහ මන්දිරයේදී දිවුරුම් දුන්නේය.

නීතිපතිනිය වූ ඊවා වනසුන්දර මහත්මිය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරියක ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නීතිපති තනතුරේ වැඩ බැලුවේද  පාලිත ප්‍රනාන්දු මහතාය.

ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් මෙන්ම බ්‍රිතාන්‍ය බ්‍රිස්‌ටල් විශ්වවිද්‍යාලයෙන්ද නීතිය පිළිබඳ උපාධිය ලබා ඇත.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන හෙතෙම නීතිපති දෙපාර්තමේන්තුවට එක්‌වූයේ රජයේ නීතිඥයකු ලෙසිනි. ඉන් පසුව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සහ සොලිසිටර් ජනරාල් දක්‌වා ඔහු උසස්‌වීම් ලැබීය. 2008 වසරේදී ඒ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ Judge Advocte ධුරයටද පත්විය. Judge Advocte ධුරයට පත්කරනු ලැබුවේ දකුණු නාවික බළකායේ අණදෙන නිලධාරියාගේ යුද්ධාධිකරණයේ ප්‍රධානියා ලෙසය.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මෙන්ම විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන පාලිත ප්‍රනාන්දු මහතා බණ්‌ඩාරණායක ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්‌ථානයේ පීඨ සාමාජිකයෙකි.

රට තුළ ආන්දොaලනයට තුඩුදුන් සිද්ධීන් ගණනාවකට අදාළ නඩු විභාගවලදී නීතිපතිවරයා වෙනුවෙන් පාලිත ප්‍රනාන්දු මහතා පැමිණිල්ල මෙහෙයවා ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.