සන්ධාන රජයේ පිපිරීමක්‌  ඇතිවෙමින් තිබෙනවා

චානක්‍ය ජයගොඩ

ජාතික හෙළ උරුමය ඡන්දය වර්ජනය කිරීම හා රජයේ පාර්ශ්වකරුවන් වන වාමාංශික පක්‍ෂ වෙනස්‌ මත දැරීම මගින් සන්ධාන ආණ්‌ඩුවේ දැවැන්ත පිපිරීමක්‌ ඇති වෙමින් පවතින බව පැහැදිලි වන්නේ යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඡන්දයට නාමයෝජනා ලබාදෙන දිනයේදී භාණ්‌ඩ කිහිපයක මිල අඩු කිරීම බලවත් ප්‍රොaඩාවක්‌ බව ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

සන්ධාන රජය හිතුවක්‌කාරී ජනතා පීඩාකාරී පාලනයක්‌ ගෙනයන බවත් මෙයට එරෙහිව ජනතාව පෙළගැස්‌වීමට ජනතා විමුක්‌ති පෙරමුණ කටයුතු කරන බවත් හෙතෙම කීය.

සිල්වා මහතා මේ කරුණු ප්‍රකාශ කළේ ඊයේ (16 දා) පැලවත්ත ජ.වි.පෙ. මූලස්‌ථානයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.