කුඹුරට වතුර හැරවීමට ගිය ගොවියා අලි ප්‍රහාරයෙන් මරුට

කරුණාරත්න ගමගේ

තම කඹුරට වතුර හැරවීම සඳහා ගොස්‌ සිටි 24 හැවිරිදි ගොවියකු පෙරේදා (15 දා) රාත්‍රි 11.30 ට පමණ අලියෙකු පහරදීම නිසා මරුමුවට පත්ව තිබේ. මෙම සිද්ධියෙන් මිය ගොස්‌ ඇත්තේ ඕනෑගම, පුදූර් මුස්‌ලිම් ගම්මානයේ පදිංචිව සිටි ඉබ්‍රාහිම් මොහමඩ් අසාන් (24) නමැති එක්‌දරු පියෙකි. පොලොන්නරුව පොලිසිය මේ පිළිsබඳව වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.