අල්ලස්‌ කොමිසමේ ඉන්ධන දීමනා
යෝජනාව අද මැතිසබයේ විවාදයට


අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපතිවරයාගේ සහ එහි සාමාජිකයන්ගේ ඉන්ධන දීමනා වැඩි කිරීමේ යෝජනාව අද (17 දා) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට නියමිතය.

අල්ලස්‌ කොමිසමේ සභාපතිවරයාට ඉන්ධන ලීටර 225 ක්‌ හෝ පවතින මිල ගණන් යටතේ ඊට අදාළ මුදල්ද, සාමාජිකයන්ට ඉන්ධන ලීටර 170 ක්‌ හෝ පවතින මිල ගණන් යටතේ ඊට අදාළ මුදල් ද ගෙවීම සඳහා මෙහිදී යෝජනා කෙරේ. දැනට කොමිසමේ සභාපතිවරයාට මසකට රුපියල් 14,400 ක්‌ ද සාමාජිකයන්ට මසකට රුපියල් 12000 ක්‌ ද ඉන්ධන සඳහා ගෙවනු ලැබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.