මෝටර් රිය මහවැලි ගඟට පෙරළී
පොල්ගොල්ලේ තරුණයා මරු දකී

හේමන්ත රන්දුණු

පොල්ගොල්ල දුටුගැමුණු මාවත ඔස්‌සේ ඊයේ (16 වැනිදා) අලුයම ධාවනයවූ මෝටර් රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැන මහවැලි ගඟට පෙරළී යැමෙන් එහි ගමන් කළ තරුණයා මිය ගොස්‌ ඇත.

මෝටර් රථයක්‌ දියේ ගිලී තිබෙනු ප්‍රදේශවාසියකු දැක ඇත්තේ ඊයේ පෙරවරු 9.30 ට පමණය. මේ පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් පසු ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්‌ව දියේ ගිලී තිබූ මෝටර් රථය ගොඩට ගෙන තිබේ.

පසුව එම රථය පරික්‍ෂා කරද්දී එහි සිරවී මිය ගොස්‌ සිටි තරුණයා සොයාගෙන ඇත. මියගිය තරුණයා විඡේකෝන් මුදියන්සේලාගේ දුමින්ද නයනජිත්  විඡේකෝන් නමැති 36 හැවිරිදි පුද්ගලයකු බව හඳුනාගෙන ඇත.

මොහු පොල්ගොල්ල ජම්බුගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තරුණයා සිය මෝටර් රථයෙන් නිවස බලායද්දී එය මහවැලි ගඟට පෙරළෙන්නට ඇති බවට පොලිසිය සැකපහළ කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.