ඔස්‌ටේ්‍රලියාවට යන්න හැදූ
තවත් 61ක්‌ නිලාවැලිහිදී දැලේ


ලසිත දුමින්ද - සමන් මල්ලවආරච්චි

නීතිවිරෝධී ලෙස ඔස්‌ටේ්‍රලියාව බලා යමින් සිටි පුද්ගලයන් 61 ක්‌ සහිත බෝට්‌ටුවක්‌ ඊයේ (16 වැනිදා) අලුයම නිලාවැලි මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් සියලු දෙනාම ද්‍රවිඩ ජාතිකයන් වන අතර, පුල්මුඩේ සහ නිලාවැලි ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. නැගෙනහිර නාවික විධානයට අයත් මුර සංචාරක යාත්‍රාවක්‌ මගින් මෙම පිරිස සමඟ බෝට්‌ටුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස ඊයේ දහවල් වන විට ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන විත් ඇති අතර, මූලික පරීක්‍ෂණවලින් පසුව මොවුන් වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.