"ටෙලිග්‍රෑම්" ළඟදීම අහෝසියි

නෝමන් පලිහවඩන

කාලාන්තරයක්‌ තිස්‌සේ පවත්වාගෙන යන විදුලි පණිවුඩ (ටෙලිග්‍රෑම්) සේවාව ළඟදීම අහෝසි කිරීමට තැපැල් ඇමැති ජීවන් කුමාරණතුංග මහතා තීරණය කර ඇත.

අද පවතින නව තාක්‍ෂණය අනුව විදුලි පණිවුඩ සේවාව ඉතාමත් දුර්වල තත්ත්වයක පවතින බව පවසන ඇමැතිවරයා දුරකථන - ඊමේල් - µeක්‌ස්‌ පණිවුඩ සහ එස්‌. එම්. එස්‌. පණිවුඩ සේවාව මහජනතාව අතර අද ඉතා ප්‍රබල ලෙස ජනප්‍රිය වී ඇති බව ද කියයි.

නගරබද සහ ගම්බද පළාත්වල පවා අද මෙම සේවාවන් ව්‍යාප්ත වී තිබේ. විදුලි පණිවුඩ (ටෙලිග්‍රෑම්) සේවාවේ නිරත වී සිටින 1800 ක්‌ පමණ වන සේවකයන් සාමාන්‍ය තැපැල් සේවාව සඳහා යොදවන බව ද ඇමැතිවරයා පැවසීය.

දැනටමත් විදුලි පණිවුඩ (ටෙලිග්‍රෑම්) වැඩි වශයෙන් ක්‍රියාත්මක වන්නේ ආයතනවල සේවය කරන පුද්ගලයන් නිවාඩු ගැනීම සඳහා බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.